IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


අපුරු සහෝදරියෝ

 උපතේ සිට දෛවය  තමන්ට සරදම් කළත්  එයින් හඩා නොවැටී දෙපයින් නැගී සිටින මේ යුවතියන් දෙදෙනා ඇබී සහ බ්‍රිටිනිය.

භද්‍ර යෞවනයේ 23 හැවිරිදි  හුරුබුහුටියෝය.

 ඇමෙරිකා එක්සත් ජනපදයේ මිනසෝටා ප්‍රදේශයේ  ජීවත්වන   ජීවත්වන එක් සිරුරකින් සිටියද ඔවුන්ට හිස් දෙකකි. හදවත් දෙකකි. නිවුන් සොහොයුරියෝය.

 ඔවුන්ට මිතුරන් සිටිති.නිවාඩුවකට ගමන් බිමන් යති. මෝටර් රථ පදවති. සෙල්ලම් කරති.සාමාන්‍ය මිනිසෙක් ජීවිතයේ කරන  සියළුම දේ ඔවුන්ට කළ හැකියි.

 ඇබී හා බ්‍රිට්නි  බෙතෙල් සරසවියේ  ගණිත උපාධිධාරීහුය. මේ දිනවල ඔවුන් සුදානම් වන්නේ ප්‍රාථමික  විදුහලක  ඉගැන්වීමකටය. ඒ සදහා  දෙදෙනාට බලපත්‍ර දෙකක් හිමිය. නුමුත් ලැබෙන්නේ එක්  වැටුපකි. එක් විශ්‍රාම වැටුපක් පමණක් හිමිය.

 ඇය උගන්වන විට  බ්‍රිටිනි  සිසුන් අසන ප්‍රශ්න වලට පිළිතුරු දෙයි.

ඇබී සිරුරේ  දකුණු පස  හසුරුවන විට  බ්‍රිටිනි  සිරුරේ වම් පස  මෙහෙයවයි.

 ඔවුන් ගන්නා ආහාර ඇදුම් පැළදුම් ගැන දෙදෙනාටම වෙනස් අදහස් තිබුණත් කතා බස් කරගෙන සම්මුතියකට අනුව කථා වස් කරගෙන සම්මුතියකට අනුව කටයුතු කරයි.

 ඇබී ගණිතය සහ විද්‍යාවට වැඩි මනාපයක්   දැක් වුවත් බ්‍රිටිනිගේ මනාපය කලාවටය.ඔවුනට වෙනම ගමන් බල පත්‍ර දෙකක් හිමිය.හැදුනුම්පත් දෙකකි. එහෙත් ගුවන් ගමනකදී ලැබෙන්නේ  එක අසුනකි. එහෙත් දෙදෙනාම ගමන් යති. කුසේ කුහරයන් දෙකකි. උදර කුහරයෙන් එක් අයකි.

 හඩා  නොවැටී  දෙපයින් නැගී සිටින ඔවුන්ගේ අධිෂ්ඨානය වන්නේ රටටත් සමාජයටත් බරක් නොවී ජීවත් වීමයි.



අදහස් (0)

අපුරු සහෝදරියෝ

ගාමිණී Thursday, 25 April 2013 09:37 PM

විද්‍යාත්මක ප්‍රශ්නයක් අහන්නේ නොදන්නා නිසා! දන්නා කෙනෙක් පිළිතුරු සැපයීම අගේ කරනවා. මේ දෙදෙනාට විවාහයක් වෙන්න හිතුනොත්? එක් අයෙක් මරණයට පත් වුව හොත් කුමක් සිද්ධ වේද? අනික් කෙනාට?(නදී)

:       0       0

සුරංග Thursday, 25 April 2013 09:58 PM

එතකොට මේගොල්ලෝ කසාද බදින්නේ දෙන්නෙක් වද?(නදී)

:       0       0

සෙනරත් Friday, 26 April 2013 12:21 AM

කොහොමද දැන් කසාද බදින්නේ? (නි)

:       0       0

ගාමිණී-කුවෙයිට් Friday, 26 April 2013 01:10 AM

සුරංග පුංචි පැනයක් අහන්නද? ඔයාගෙ වයස කීයක් විතර වෙනවද? දන්නැති නිසයි ඇහැව්වෙ.(නදී)

:       0       0

රංජනී Friday, 26 April 2013 01:31 AM

මේ වගේම පිරිමි දෙන්නෙකුත් හිටියා නම් කසාද බදින්න තිබුණා. (නි)

:       0       0

ජීවන් Friday, 26 April 2013 04:40 AM

පව් දෙයියනේ! මොන දුකක් විදිනවා ඇද්ද? (නි)

:       0       0

ශාලිකා Friday, 26 April 2013 09:29 AM

විවාහ වීම නීතිමය ප්‍රශ්නයක්. නමුත් සාපේක්ෂව කඩිනම් අධිකරණ පද්ධතියක් ඇති එරටේ මෙයට කඩිනම් විසඳුමක් ලැබිය හැක. එක් අයකු මිය ගියහොත් අනෙකාගේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට බලපෑම් වන තෙක් ජීවත් විය හැකියි. මෙවැනි දෙයක් ඉස්සර චීනයේ නිවුන් සහෝදරයෝ දෙදෙනෙකුට වුනා. ඔවුන් බද්ධ වුනේ කුසෙන් ඇදී ආ කොටසකින්.(නදී)

:       0       0

විමල් Friday, 26 April 2013 09:29 AM

එක කෙනෙක් මිය ගිය හොත් අනිත් කෙනා හටද මිය යාමට සිදු වේ. මොවුන් වෙන් කල නොහැකි බෙවින් තනි සිරුරකට ජීවත් විය නොහැක.(නදී)

:       0       0

සංජීව Friday, 26 April 2013 09:53 AM

ගාමිණී , වෙන ප්‍රශ්න ඇත්තේම නැද්ද? (නි)

:       0       0

සිල්වා Friday, 26 April 2013 03:39 PM

ගාමිණී,හදවත් දෙකක් නිසා හිතාගන්නත් අමාරුයි.අනිත් අවයව ගැන සදහනක් නැති නිසා ඒ ප්‍රශ්ණය වෛද්‍යවරුන්ට බාරයි. (නි)

:       0       0

සදුනි Thursday, 25 April 2013 09:24 PM

අදහන්නත් පුදුමයි.(නදී)

:       0       0

ගාමිණී Thursday, 25 April 2013 09:31 PM

වසර 23 ක් තිස්සේ මේ අයුරින් ජීවත් වීමත්, උගත් කම ගැනත් ගිනස් වාර්තාවක්! අපේ රටේ අය වගේ අර අරමුදලින් ,මේ අරමුදලෙන්,පත්තරෙන්,අන්තර්ජාලයෙන්,හිඟා කන්නේ නැතිව ස්ව උත්සාහයෙන් නැගී සිටීමට ගන්න උත්සාහය ඉතාමත් උතුම් !(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 58 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 348 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 363 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site