IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


අපරාධ අධිකරණයට ගඩාෆි පුතු බාරදීම ලිබියා රජය ප‍්‍රතික්ෂේප කරයි

අත්අඩංගුවේ සිටින ගඩාෆි පුතු සෙයිෆ් අල් ඉස්ලාම් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට බාර නොදෙන බවත්, ඔහුට එරෙහි නඩු විභාගය ලිබියාවේදීම පවත්වන බවත් ලිබියාවේ නව රජය අවධාරණය කරයි. ගඩාෆි පුතු මේ වනවිට ලිබියාවේ සින්ටාන් කැරැුලිකරුවන්ගේ අත්අඩංගුවේ පසුවෙයි. ඔහු සිරකර ඇති ස්ථානය රහසකි. ඉකුත් වසරේ ලිබියාවෙන් පැන යෑමට උත්සාහ ගත් අවස්ථාවේදී ඔහු අල්ලා ගනු ලැබුවේ ද සින්ටාන් කැරැුලිකරුවන් විසිනි. අල් ඉස්ලාම්, වහාම නෙදර්ලන්තයේ හේග් නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි එහි විනිසුරු මඬුල්ලක් ලිබියා නව රජයට නියෝග කළේ පසුගිය සතියේය. ඉකුත් වසරේ අගෝස්තු මාසයේ ලිබියා අර්බුදය උත්සන්න වූ අවස්ථාවේ, ජාත්‍යන්තර අපරාධ අධිකරණ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ කළේ යැයි සෙයිෆ් අල් ඉස්ලාම්ට එරෙහිව චෝදනා එල්ල කළේය. ජාත්‍යන්තර පොලිස් කොමිසම හෙවත් ඉන්ටර්පෝල් ආයතනය ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ද නිකුත් කළේය. ජාත්‍යන්තර අපරාධ අධිකරණය සෙයිෆ් අල් ඉස්ලාම්ට එරෙහිව චෝදනා එල්ල කරමින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළේ ලිබියා නායක ගඩාෆිටත්, බුද්ධි අංශ ප‍්‍රධානියාටත් චෝදනා සහ වරෙන්තු එල්ල කළ අවස්ථාවේදීය. අත්අඩංගුවට ගැනීමෙන් පසු අල් ඉස්ලාම්, ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවට යොමු කිරීමට තමන් කටයුතු කරන බවත් ලිබියා නව රජය පැවැසුව ද පසුව එම තීරණය වෙනස් විය. ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පෙර ගඩාෆි පුතුට එරෙහි ලිබියාවේ නඩු පැවැරිය යුතු යැයි ලිබියා නව රජයේ අගමැති ධුරයට පත් වූ අබ්දුරාහීම් එල් කේයිබ් පැවැසීය. එම අවස්ථාවේදී අන්තර්ජාතික අපරාධ අධිකරණය ද ලිබියා රජයේ තීරණයට එකඟ විය. එහෙත් ඉකුත් නොවැම්බරයේ සිට මේ දක්වා තවමත් ගඩාෆි පුතුට එරෙහිව නඩු විභාගයක් පවත්වා නැත.



අදහස් (0)

අපරාධ අධිකරණයට ගඩාෆි පුතු බාරදීම ලිබියා රජය ප‍්‍රතික්ෂේප කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 92 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 238 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 587 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site