ප්‍රථම වරට අප්‍රිකා මහද්වීපයෙන් පිටතදී නූතන මානවයාගේ පූර්වජ නිදර්ශනයක් සොයාගැනීමට පර්යේෂකයන් සමත්ව ඇත.
ග්‍රීසියෙන් සොයාගෙන ඇති මෙම හිස්කබල වසර 210000ක් තරම් පැරණි බවට කාල නිර්ණය කර තිබේ.
එම කාලයේ යුරෝපයේ නියැන්ඩර්තාල් මානවයක් ජීවත් වී ඇති බව විද්‍යාඥයෝ සඳහන් කරති. මෙම නූතන මානවයන්ගේ පූර්වජයන් අප්‍රිකාවේ සිට සංක්‍රමණය වන්නට ඇතැයි විද්‍යාඥයෝ පවසති.
1970 වර්ෂයේදී ග්‍රීසියේ ඇපිඩිමා ගුහාවෙන් සොයාගත් හිස්කබල් දෙකක් ආශ්‍රිතව දීර්ඝ කාලයක් තිස්සේ කළ පර්යේෂණවලින් පසුව විද්‍යාඥයන් මෙම නිගමනවලට එළඹ ඇත.
මෙම සොයාගැනීම් 'නේචර්' සඟරාවේ පළ කර ඇත.
(බීබීසී ඇසුරිණි - 085)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෝමෝ නියැන්ඩර්තාල්, හෝමෝ ඉරෙක්ටස් වැනි විවිධ මානවයන් යයි කියන සතුන් වර්ග විවිධ කාලවල ඉඳලා තියනවා. තව ඕනෑතරම් ඔවැනි ඉස්සර ඉඳලා වඳවුණු වර්ග හමුවෙයි. නමුත් මිනිසා මිනිසා ලෙසයි මෙලොව ඇතිවන්නේ.. නැතුව මිනිස් වානර පර්ණාමනය කතෝලිකයෙක් වූ ඩාවින්ගේ හිතේ ඇතිවූ හිතලුවක් ඇත්ත (ඔහුගේ චින්තනය යුදෙව් ක්‍රිස්තියානි චින්තනය නිසා) තියෙන්නේ අග්ගඤ්ඤ සූත්‍රයේ. ආභස්සර බ්‍රහ්මලොකෙන් චුතවෙලා තමයි මිනිසුන් හටගන්නේ.. බුදුසරණයි..!!