IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අන්තවාදී ඉස්ලාමීය නායකයාට නිදහස

දැඩි මතධාරී ඉස්ලාමීය නායකයකු ලෙස සැලකෙන සාද් හුසේන් රිස්වි නිදහස් කිරීමට පාකිස්තාන රජය පියවර ගෙන ඇත.

සුන්නි මුස්ලිම් සන්නද්ධ කණ්ඩායමක් වන තෙහ්රීක්-ඊ-ලබායික් පාකිස්තාන් (ටී.එල්.පී.) පක්ෂයේ නායකයා වන සාද් හුසේන් රිස්වි මෙතෙක් කල් ලාහෝරයේ බන්ධනාගාරයක සිරගත කර තිබිණි.

ඉකුත් කාලය මුළුල්ලේ ඔහුගේ අනුගාමිකයන් විරෝධතාවල නිරත වූ අතර ඇතැම් අවස්ථාවලදී විරෝධතා ප්‍රචණ්ඩකාරී ස්වභාවියක් ගත් අතර ඇතැම් පිරිස් මරණයට ද පත්වූහ.

ත්‍රස්තවාදී ලැයිස්තුවෙන් සාද් හුසේන් රිස්විගේ නම ඉවත් කිරීමට පාකිස්තාන රජය ඉකුත් සතියේ දී පියවර ගත් අතර එසේ කිරීමෙන් සතියකට පසු හෙතෙම නිදහස් කිරීමට ආණ්ඩුව ඊයේ (18) පියවර ගත්තේ ය.

තෙහ්රීක්-ඊ-ලබායික් පාකිස්තාන් (ටී.එල්.පී.) ව්‍යාපාරයට සම්බන්ධ විශාල පිරිසක් මේ වනවිට සිරගත කර සිටින අතර 2,000කට ආසන්න පිරිසක් නිදහස් කිරීමට පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මීට සති දෙකකට පෙර එකඟතාව පළ කළේ ය.

මාරාන්තික විරෝධතා නැවැත්වීමේ එකඟතාව මත සාද් හුසේන් රිස්වි නිදහස් කෙරුණු බව ද ඇතැම් වාර්තාවල දැක්විණි.

තෙහ්රීක්-ඊ-ලබායික් පාකිස්තාන් (ටී.එල්.පී.) ව්‍යාපාරය තහනම් සංවිධානයක් ලෙස නම් කර තිබෙන එම ලැයිස්තුවෙන් ඔවුන්ගේ නම ඉවත් කිරීමටත් ඔවුන්ට මැතිවරණය සඳහා තරග කිරීමට අවසර දීමටත් පාකිස්තාන ආණ්ඩුව පියවර ගෙන ඇත.

පාකිස්තානයේ ප්‍රංශ තානාපතිවරයා රටින් පිටුවහල් කළ යුතු යැයි බල කරමින් විරෝධතා පැවැත්වීමට මූලිකත්වය ගත්තේ සාද් හුසේන් රිස්වි සහ ඔහුගේ නායකත්වයෙන් ක්‍රියාත්මක තෙහ්රීක්-ඊ-ලබායික් පාකිස්තාන් (ටී.එල්.පී.) ව්‍යාපාරය යි.

තෙහ්රීක්-ඊ-ලබායික් පාකිස්තාන් (ටී.එල්.පී.) ව්‍යාපාරය ඔවුන්ගේ ප්‍රචණ්ඩකාරී දේශපාලනය නැවැත්විය යුතු බවත් ප්‍රංශ තානාපතිවරයාට රටින් පිටුවහල් කරන්නැයි කළ ඉල්ලීම ඉවත් කරගත යුතු බවත් යන කොන්දේසි සැපිරිය යුතු වේ.

සාද් හුසේන් රිස්වි සහ එම ව්‍යාපාරයේ සිරගත කර සිටින සාමාජිකයන් නිදහස් කිරීමේ ප්‍රධාන කොන්දේසි වන්නේ ඉහත කී කොන්දේසි දෙක යි.

(රොයිටර්)



අදහස් (0)

අන්තවාදී ඉස්ලාමීය නායකයාට නිදහස

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site