ඉංග්‍රීසි ඕඩය තරණය කිරීමට යෑමේදී අනතුරට පත් යාත්‍රා දෙකක සිටි සංක්‍රමණිකයින් 31දෙනකු බේරාගත් බව ප්‍රංශ වෙරළ ආරක්ෂක භටයෝ පවසති.

බේරාගත් සමහර පුද්ගලයින් ශරීර උෂ්ණත්වය අඩුවීමේ රෝගය හෙවත් හයිපොතර්මියා රෝගයෙන් පෙළුණු බව සඳහන් වේ.

දින දෙකකට පෙර ඔවුන් ඩන්කර්ක් වෙරළ ආසන්නයෙන් ද ගර්භණී කාන්තාවක් ඇතුළු 20දෙනකු බේරාගෙන ඇති අතර කැලයිස් වෙරළාසන්නයෙන් 11දෙනකු බේරාගෙන ඇත.

කැලයිස් වෙරළ ආසන්නයෙන් බේරාගත් පිරිස අතර කුඩා දරුවන් දෙදෙනකු ද සිටි බව බලධාරීහු පවසති.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)