රෝග විනිශ්චය සදහා අන්තර්ජාලය භාවිතා නොකරන්නයි ඇමරිකා වෛද්‍යවරු පිරිසක් අනතුරු අගවති.
අප බොහෝ දෙනා කිසියම් රෝගයක් වැළදුණු විටදී එයට හේතුව හා පිළියම් ඉක්මනින් සොයාගැනීමට කැමති බවත් මේ සදහා වැඩි වශයෙන්ම භාවිතයට යොදා ගැනෙන්නේ අන්තර්ජාලය බවත් ඔවුහු කියති.
බහුලවම වැළදෙන රෝග කිහිපයක් සම්බන්ධයෙන් අන්තර්ජාලයේ,විශේෂයෙන් බොහෝ දෙනා තොරතුරු ලබා ගැනීම සදහා යොදාගන්නා විකිපීඩියා අන්තර්ජාල විශ්වකෝෂයේ තොරතුරු සොයාබැලු විට එම රෝග සම්බන්ධයෙන් ලියැවී තිබුණු ලිපි වල දෝෂ හා අසත්‍ය කරුණු රාශියක් තිබුණු බව සොයාගැනීමට හැකිවූයේ යැයි ඔවුහු පවසති.
විකිපීඩියා විශ්වකෝෂයේ ඇති ලිපි ඕනෑම අයෙකුට වෙනස් කිරීමේ හැකියාව තිබීම මෙම තත්ත්වයට හේතුවී ඇතැයි වෛද්‍ය පිරිස පෙන්වා දෙති.
එහි සදහන්ව තිබූ ඇතැම් ප්‍රතිකාර විධි ඒ අයුරින්ම ක්‍රියාත්මක කළහොත් කෙළවර වනු ඇත්තේ මරණයෙන් බව ඔවුහු කියති.
විකිපීඩියා විශ්වකෝෂයට මෙසේ චෝදනා නැගුණු පළමු අවස්ථාව මෙය නොවේ.බොහෝ ඖෂධ සමාගම් තම ඖෂධ වල තත්ත්වය සම්බන්ධයෙන් එහි පළ කර තිඛෙන ලිපි වල අන්තර්ගත වන ඇතැම් අවාසි සහගත කරුණු ඉවත් කිරීමේ නිරතව සිටින බවත් ඒ සම්බන්ධයෙන් තවමත් කිසිවෙකුත් නිිසි පියවරක් ගෙන නොමැති බවත් යන්න එයට එරෙහිව නැගෙන චෝදනා වලින් ප්‍රධාන එකකි.
අන්තර්ජාලයේ තොරතුරු හුවමාරුවේදී සියලූ දෙනාගේ දායකත්වය වැදගත්වුවද එය ආඩි හත්දෙනාගේ කැද හැළියක් වැනි තත්ත්වයට පත්වීමට වැඩි අවස්ථාවක් ඇතැයි වෛද්‍යවරු පිරිස පවසති.
මේ නිසා කළ යුතු හොදම දෙය රෝගයක් වැළදී ඇත්නම් zzගොඩ වෙදකම්zz නොකර වහාම පිළිගත් වෛද්‍යවරයෙක් හමුවීම යැයි ඔවුුහු උපදෙස් දෙති.
COMMENTS
මගෙත් යාලුවෙක් ඉන්නවා මොකක් හරි ලෙඩක් හැදුනම අන්තර්ජාලයේ හොයලා ෆාමසියෙන් බෙහෙත් ගන්න. (ස)
දොස්තරලා කවුද ඔය වැඩේට කැමති වෙන්නේ.මිනිස්සු අන්තර්ජාලෙන් බේත් ගත්තොත් එයාලට තමයි බඩේ පාර වදින්නේ. (ස)
මෙවර ලිපිය හොදින් ලියා තිබෙනවා. කරුණුවල නිරවද්‍ය තාවය වගේම භාෂාවත් නිවැරදිව යොදාගෙන තිබෙනවා. (දිල්)
වැරදි උපදෙස් තිබෙනවා නම් වහාම එම වෙබ් සයිට් නැවැත්විය යුතුය. නැත්නම් මිනිසුන් මේවා බලා මානසික රෝගීන් වනු ඇත.(නදී)