මගීන් හා කාර්යමණ්ඩලය 162 නෙකු සමග අතුරුදන්ව ඇති එයාර් ඒෂියා ගුවන්යානයේ ඉරණම ගැන යානය අතුරුදන්වීමට දින කිහිපයකට ඉහතදී චීන බ්ලොග් සටහන්කරුවෙකු අනාවැකි පළ කර ඇතැයි හෙළිව තිබේ.
‘ලෑන්ඩ්ලෝර්ඩ්‘ යැයි තමන්ව හඳුන්වාදී ඇති මේ බ්ලොග් සටහන්කරුවා ඔහුගේ බ්ලොග් පිටුවේ එයාර් ඒෂියා ගුවන්සේවයට අයත් ගුවන්යානයක් ඉදිරි දින කිහිපයේදී විනාශ කිරීමට නියමිත බවද එය සැළසුම් කර ඇත්තේ ‘කළු අත‘ (බ්ලැක් හෑන්ඩ්) නම් රහසිගත සංවිධානයක් බවද සටහන් කර ඇත.
දින සටහනට අනුව ඔහු එම සටහන තබා ඇත්තේ දෙසැම්බර් මස 17 වැනිදාය.
ඔහු එම සටහන තැබූ දිනයේ ඒ ගැන ඔහුගෙන් වැඩිදුර කරුණු විමසුවත් ඔහු කිසිත් හෙළි කළේ නැති බව ඔහුගේ බ්ලොග් පිටුව නරඹන්නෝ කියති.
ඔහුගේ එම අදහස් විහිලූවකැයි සිතා බැහැර කිරීමට ඔවුන් කටයුතු කර තිබේ. නමුත් දින කිහිපයක් ගෙවී පසුගියදා එයාර් ඒෂියා ගුවන්සේවයට අයත් ගුවන්යානයක් අතුරුදන්ව ඇතැයි පුවත් ලැබෙන විට තම මිතුරු බ්ලොග් සටහන්කරුවා කියූ දේ සැබෑවක් යැයි තේරුම් ගිය බව ඔවුහු කියති.
නමුත් ලෑන්ඩ්ලෝර්ඩ් එම සටහන තැබූ දිනයේ පටන් තම බ්ලොග් පිටුවට නැවත පැමිණ නැත. ඔහුද අතුරුදන්ය.
මේ බ්ලොග් සටහන්කරුවා කවරකු වන්නට ඇත්දැයි මේ දිනවල අන්තර්ජාලයේ නොයෙක් තැන්හි අදහස් පළ කෙරෙන අතර බොහෝ දෙනා කියන්නේ මොහු චීන බුද්ධි අංශයට සම්බන්ධ පුද්ගලයෙකු විය හැකි බවයි. නමුත් මෙසේ ගුවන්යානය අතුරුදන්වීමක් ගැන හරියටම අනාවැකි පළ කිරීමට ඔහුට හැකිවූයේ කෙසේදැයි යන්නට නිසි පැහැදිලි කිරීමක් ලබාදෙන්නට තවමත් කිසිවෙකුටත් හැකිව නොමැත.
ඔහුගේ පැරණි බ්ලොග් සටහන් වල මලයාසියා ගුවන්සේවයට අයත් හා මේ දක්වාම අතුරුදන්ව තිබෙන එම්.එච් 370 අංක දරන ගුවන්යානයත්, එම ගුවන්සේවයටම අයත් මගීන් සමගම යුක්රේනයේදී විනාශ කෙරුණු එම්.එච් 17 අංක දරන ගුවන්යානය ගැනත් සටහන් ඇත. ගුවන්යානා වල ඉරණම පසුපස සිටින්නේද බ්ලැක් හෑන්ඩ් සංවිධානය බව ඔහු සඳහන් කර ඇත.
බ්ලොග්කරුවන් මේ ගැන දැඩි උනන්දුවකින් කටයුතු කරතත් ගුවන්සේවා බලධාරීන් මේ සම්බන්ධව වැඩි අවධානයක් යොමුකර නොමැත. බ්ලොග් සටහන්කරුවෙකු කළ හුදු සටහනක් අවාසනාවන්ත ලෙස සැබෑ වූ අවස්ථාවක් ලෙස ඔවුන් එය හඳුන්වාදේ.
අතුරුදන්ව ඇති යානය සොයා මේ වන විට මෙහෙයුම් කි‍්‍රයාත්මකය. යානය අතුරුන්වූ මුහුදු කලාපයේ තිබී තෙල්පැල්ලමක් සමුව තිබෙන අතර එය ගුවන්යානා ඉන්ධනවලින් ඇතිවූ එක්කදැයි සොයාබලමින් පවතින බව බළධාරීන් කියයි.
COMMENTS
පරිගණකයෙන් බ්ලොග් පිටුවට ගොස් ලියා ඇති භාෂාව දන්නේ නම් කියවිය හැක. අනාවැකි කීම හරියටම කියන්න පුලුවන්ද, බැරිද කියන එක ප්‍රශ්නයක්. (නි)
බ්ලොග් කියන්නේ සටන්කරුවෝ නෙමේ බ්ලොග් කියන්නේ වෙබ් සයිට් වගේ ඒවාට උදා:- මාගේ බ්ලොග් එකක් (නදී)
කුඩා බ්ලොග් සටන් කරුවෝ කියන්නේ කවුද? අපිට එයාලගේ අනාවැකි කියවන්ඩ පුලුවන්ද?(දිල්)
අර අපේ සුප්‍රසිද්ධ අනාවැකි කියන කෙනා මේ පාර නම් ගුවනේදී අතුරුදහන් වුන යානාවල් ගැන වචනයක්වත් කියන්නේ නැහැ වගේ. ගිය පාර කියපුවා වමාරන්න උනානේ. (නදී)