1911 වසරේදී අඟහරු ග‍්‍රහයාගේ සිට පෘථිවියට කඩා වැටුණු බව සැළකෙන ග‍්‍රහකයක උපල (අග්නි මානික්‍යය)කොටස් ඇති බව අනාවරණයවීමත් සමග අඟහරු මත ජීවය පවතින්නේදැයි සොයා සිදුකෙරෙමින් පවතින පරීක්ෂණයන් වලට නව පණක් ලැබී ඇත.
උපල මානික්‍යය නැතහොත් අග්නි මානික්‍යය යනු ඉතාම දැඩි පාෂාණ වර්ගයක් වන අතර ඒවා සතුන්ගේ ජීවී කොටස් වසර දහස් ගණනක කාලයක් පුරාවට පොසිල ස්වරූපයෙන් රඳවා ගැනීමේ සමත්ය.
පෘථිවියට කඩා වැටුණු මෙම ග‍්‍රහකයේ තිබී උපල මානික්‍යය කොටස් හමුවීමත් සමග විද්‍යාඥයින්ගේ අවධානයද යොමුව ඇත්තේ මේ කරුණ කෙරෙහිය.අඟහරු මත ජීවය පැවතුනේනම් එහි ලකුණක් හෝ අනාවරණය කර ගැනීමට මෙම උපල මානික්‍යය කොටස් අධ්‍යනය කිරීමෙන් හැකිවනු ඇතැයි ඔවුහු විශ්වාසයෙන් සිටිති.
නක්ලා ලෙස නම් තබා තිබෙන මෙම ග‍්‍රහකය 1911 වසරේදී ඊජිප්තුවේ නක්ලා නගරයට කඩාවැටී ඇත්තකි.
ප‍්‍රබල ඉලෙක්ට්‍රෝන මයික්‍රෝස්කෝපයක් ආධාරයෙන් සිදුකෙරෙනු සියුම් පරීක්ෂාවකදී නක්ලා මත උපල මානික්‍යය කොටස් පවතින ලකුණු හදුනාගැනීමට විද්‍යාඥයින්ට හැකිව ඇත.
මෙම මානික්‍යය වර්ගය පෘථිවියේ නම් බොහෝවිට හමුවන්නේ උණුදිය උල්පත් පවතින ස්ථානයන් වලය.උණුදිය උල්පත් යනු බැක්ටීරියා හා තවත් ක්ෂුද්‍ර ජීවීන්ගේ පැවැත්මට ඉතාම සුදුසු පරිසරයක් සපයන්නක් වන අතර එනිසාවෙන්ම එවන් ස්ථාන වල තිබී හමුවන උපල මානික්‍යයන්ගේ බැක්ටීරියා හා ක්ෂුද්‍ර ජීවි පොසිලයන් බහුලව තැන්පත්ව තිබෙනු හඳුනාගැනීමට පිළිවන.
නක්ලා මත තිබෙන බවට පැවසෙන උපල මානික්‍යය කොටස් වලද ක්ෂුද්‍ර ජීවී පොසිලයන් තැන්පත්ව තිබීමට අවස්ථාව ඇතැයි විද්‍යාඥයින් පවසන්නේ මෙම කරුණ මත පිහිටාය.



COMMENTS
බලන්න ලෝකය දිනෙන් දිනම දියුණු වන හැටි (නි)
සුද්දෝ තමයි ඉතින් හැමදාම මේවා හොයාගන්නේ (නි)
රුපවති සයිප්‍රස් ගිහින් ඔහොම නම් ඇමරිකාවට ගියානම් ග්‍රීන් කාර්ඩ් ඇදිල අම්ම තාත්තටත් දොස් කියාවි (නදී)
රුපවතී මේවා හොයන්නේ සුද්දෝ, නැත්නම් ඔයාගේ ගෙදර ඉන්න කට්ටියද?කට ඇරියොත් මොකක් හරි මෝඩ කතාවක් තමයි කියන්නේ.ඔයාට ගෙදර වෙන වැඩක් පෙළක් නැද්ද මන් අහන්නේ? (අ)
රූපවති, සුද්දෝ ගැනම වර්ණනා කරන්නේ සුද්දන්ට වැඩිය මිනිස්සු මේ ලෝකේ නැද්ද? ළිඳේ ඉන්න ගෙම්බන්ට මේවා ගැන අවබෝධයක් නැහැ (නි)
භක්ති අද ප්‍රතිචාර දාන්නෙත් මේ මිනිසුන් යමක් විද්‍යාවෙන් කරන නිසා. අඳුරේ අත පත ගාන්නේ ඔය වගේ වැදි යුගේ අය තමා. මීට වඩා දනාත්මකව හිතන්න (නදී)
දැන් කට්ටිය නිධන් හාරන එක අතහැරලා යයිද දන්නෙ නැහැ මේ ගල් එකතු කරන්න. (නි)
මුළු විශ්වයම නිර්මාණය කළේ දෙවියන් තමා (නි)
මෙහෙම දෙයක් ආවාට, ගියාට කියන්නට තරම් මෝඩ මිනිසුන් නොවෙයි එම උදවිය.රූපවති හිතලා තියෙන්නේ ලංකාවේ ඉන්න බක පණ්ඩිතයෝ වගේ හිතලා වෙන්න ඇති. (නි)
මේ ආකාරයෙන් බලනවිට සිත මිස කය නැති බ්‍රහ්ම ලෝක වලින් එකක් අඟහරු ලොව වියහැකිය (නි)
තාක්ෂණය දිනෙන් දිනම දියුණුවෙනවා (නි)
එතකොට අගහරු වල ජීවය මැව්වෙත් දෙවියෝද? (ස)
1911 වසරේ මෙය අඟහරු ග්‍රහයගෙන්ම වැටුණයි කියලා කොහොමද විනිශ්චය කරන්නේ, ඒක වෙනත් ග්‍රහයකුගෙන් හෝ උල්කාපාතයකින් කොටසක් වැටුණා වෙන්නට බැරිද ? (ම)
රූපවතී සුද්දෝ කියන්නෙ හම සුදු අයටද? (අ)
මේකේ අඟහරුගේ කෙසේ වෙතත් 1911 සිට මේ දක්වා පෘතුවියේ බැක්ටීරියා හා ක්ෂුද්‍ර ජීවි පොසිලයන් බහුලව මෙහි තැන්පත්ව තියෙන්න පුළුවන්. (ස)
හෙමින් නමුත් මිනිසා මේවා සොයාගෙන යනවා.සතුටුයි.නමුත් කවදා මේවා හොයාගෙන ඉවර කරන්න පුළුවන් වේවිද?මේ විශ්වයේ විශාලත්වය ගැන බුදුන් වහන්සේගේ දේශනා වල සඳහන් වෙනවා.මේවා සොයලා ඉවරයක් කරන්න බැහැ කියලා උන්වහන්සේ දේශනා කරලා තියෙනවා.එතරම් මේ මහා විශ්වය කෙළවරක් නැහැ.තවම මිනිසුන් යථාර්ථය තේරුම් අරගෙන නැහැ.අඳුරේ අත ගානවා වගේ ගමන් කරන්නේ.එන්න නියම මාර්ගයට.එවිට තේරුම් යාවි සියලුම දේවල් අද නැතත් සංසාරයේ කවදාක හෝ.එය සහතිකයි.ඔබට තෙරුවන් සරණ පතමි (නි)