තායිලන්තයේ බැංකොක් නුවර අත්හැර දමා ඇති ගොඩනැගිල්ලක ඉබේ ඇතිව තිබූ මින්මැදුරක සිටි සාමාජිකයෝ සිය ගණනක් ඉන් ඉවත් කිරීමට සේවකයෝ කටයුතු කරමින් සිටිති.

වරක් සුපිරි වෙළද සංකීර්ණයක් ලෙස විරාජමානව ඇති මේ ගොඩනැගිල්ල 1997 වසරේ සිට අත්හැර දමා තිබෙන්නකි. හරි නම් එය එම දවස්වලම කඩා දැමිය යුතුව තිබුණත් නොයෙකුත් අතපසුවීම් නිසා එය අද දක්වාම නැඟී සිටී.

ගොඩනැගිල්ලේ පහත මාලය එදා මෙදා තුර වැටුණු වැසි ජලයෙන් සම්පූර්ණයෙන්ම පිරී ගොස් පොකුණක් බවට පත්ව තිබේ. විශාල ප‍්‍රමාණයේ අංකුට්ටන්, කාපයන්, තිලාපයන් ආදී මසුන් එය තමන්ගේ වාසස්ථානය බවට පත්කරගෙන ඇත.

මේ ඉබේ ඇතිවුනු මින්මැදුර ප‍්‍රදේශයේ ජනතාවට මුදල් උල්පතකි. ඔවුන් මෙම ගොඩනැගිල්ල නැරඹීමට පැමිණෙන සංචාරකයින්ට මත්ස්‍ය ආහාර විකුණමින් තම දිවි සරිකරගනිති.

නමුත් ගොඩනැගිල්ලේ තත්ත්වය අතිශයින් අන්තරාදායක හෙයින් එය කඩා ඉවත් කිරීමට බළධාරීන් තීරණය කර ඇත. එනිසාවෙන්ම ගොඩනැගිල්ලේ පදිංචිකරුවන් සිටි මසුන් මේ දිනවල ඉන් ඉවත් කෙරෙමින් පවතී.

24A87C1D00000578-2910603-Teeming_The_combination_of_heavy_rainfall_and_mosquito_larvae_ma-m-107_1421273851223 24A87C2900000578-2910603-image-a-109_1421273877547 24A87F1D00000578-2910603-image-a-105_1421273746118 24B0C75800000578-0-image-m-91_1421270402768