IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


හාවෝ සංචාරක කත වට කරති

ජපානයේ කුඩා දිවයිනක් වන ඔකුනොශිමා වෙත ගිය සංචාරිනියක ‘‘හා‘‘ හමුදාවක් විසින් වට කරගනු ලැබුහ.

ඒ ඇය අතවූ ආහාර බෑගය දැකීමෙනි.

මුළු බෑගයම හමුදාව වෙත දුන්නද ඔවුනට එය ප‍්‍රමාණවත් නොවීය.උහු ඇය පසුපසම ආහ.

හමුදාව සටන අත්හැරියේ ඇය දිවයිනෙන් පිටවූ පසුය.

‘‘හා දිවයින‘‘ ලෙස හැදින්වෙන ඔකුනොශිමා දුපත ජපානයට අයත් කුඩා දුපතකි.මෙහි පදිංචිකරුවෝ හාවෝය.

මෙම දිවයින දෙවන ලෝක යුධ සමයේදී ජපානය අතිශය රහසිගත හමුදා මෙහෙයුම් සැළසුම් කිරීමට හා අවි නිපදවීමට භාවිතා කර ඇතැයි සදහන්ය.මෙම අවි අතර රසායනික අවිද තිබී ඇතැයි පැවසෙන අතර ඒවා අත්හදා බැලීම සදහා යොදාගනු ලැබ ඇත්තේ හාවන් බවද දැන් දුපත අරක්ගෙන සිටින්නේ ඔවුන්ගෙන් පැවත එන්නන් බවද පැවසේ.

දැන් නම් දුපතේ අවි අත්හදා බැලීම් සිදුනොකෙරේ.ඒ වෙනුවට එය සිය ගණනක් හාවන්ට නිවහන වී ඇත.

මේ හාවුන් දැකීමට සංචාරකයින් විශාල වශයෙන් දුපතට පැමිණේ.මෙම සතුන් අප දන්නා පිරිදි මිනිසුන් දුටු විට බියපත්වී පැන දුවන්නේ නැති අතර ඔවුන්ගේ එකම අරමුණ සුරතල් වී හෝ තම කුසට යමක් ලබා ගැනීමය.

 



අදහස් (0)

හාවෝ සංචාරක කත වට කරති

මංජු Friday, 21 February 2014 09:00 AM

ලංකාවේ වගේ හිටියානම් මස් කරල (අ)

:       0       0

ජානක ප්‍රදීප් Saturday, 22 February 2014 02:20 PM

හරිම ලස්සන දර්ශනයක් (දිල්)

:       1       0

කුමාරි Friday, 21 February 2014 09:09 AM

හරිම ලස්සනයි. ලෝකේ කොහේ හරි මේ විදියට නිදහසේ මේ අහිංසක සත්වයින්ට ඉන්න ලැබෙනවා කියන එක හරිම සතුටක්. (අ)

:       0       0

පිටිගල Friday, 21 February 2014 11:40 AM

අනේ මටත් යන්න තියෙනවනම්! (අ)

:       0       0

ඉන්දික Saturday, 22 February 2014 04:02 PM

සජී, දැන් ඒ කොටිය හරි දඟයි නේද? (අ)

:       0       0

රජ Monday, 24 February 2014 03:54 PM

හරිම සතුටක් දැනෙනවා දැක්කම. ලංකාවෙනන් කෑමදීල එන ගමන් මල්ලෙත් එකෙක්ව දාගන එයි.(නදී)

:       0       0

සිල්වා Friday, 21 February 2014 01:08 PM

ජපානය කියන්නේ ලෝකේ තියන පිරිසිදුම රට ඒ වගේම කරුණාව දයාව එකිනෙකාට ගරු කරිම අතින් හරිම ඉහලයි ලෝකේ දියුණුම රටක් වීමට හේතුව එකයි !! (අ)

:       1       0

සිරි Saturday, 22 February 2014 05:59 PM

හරි ලස්සන දර්ශනයක් (දී)

:       0       0

සුර Saturday, 22 February 2014 06:46 PM

අවුරුදු 3 කට කලින් මම හවෝ 48 ක් ඈති කරපු කෙනෙක්. එ කලේ හරිම සුන්දර කාලයක් පස්සෙ හවෝ හදාගන්න බෑරි නිසා ගෙවල් පෑත්තෙ හදාගන්න අසා අයට දුන්නා....ඊට පස්සෙ මම ඩුබායි අවා. අත දෙන්න කෙනෙක් ඉන්නවනම් ඔයවගේ කරන්න පුලුවන්.... (දී)

:       0       0

ප්‍රේමේ Thursday, 20 February 2014 02:38 PM

හරිම ලස්සනයි. කාලාතුරකින් දකින්න ලැබෙන දර්ශනයක් (දිල්)

:       0       0

ගයාන් Friday, 21 February 2014 04:27 PM

වැඩේනම් ලස්සනයි එත් අපේ රටේ හිටියනම් මස් තමයි (අ)

:       0       0

ලක්මාලි Saturday, 22 February 2014 08:34 PM

හාවා.... ඌ හරි අහිංසක සතා (දී)

:       0       0

රජින්ද Thursday, 20 February 2014 04:49 PM

සිහින කතාවක් වාගෙයි.! එත් මේ සත්තුන්ට කෑම ටිකක් දෙන එක කොයිතරම්නම් පිනක්ද?(දී)

:       0       0

ගමගුර ජපානය Saturday, 22 February 2014 09:52 PM

මෙවැනි දර්ශන නිතර ජපානයේ දකින්නට ලැබෙනවා . ජපන් ජාතිකයන් සතුන් වගේම ගස් වලට, පැල වලට හරිම ආදරෙයි . කෙටියෙන් කියනවනම් ස්වභාව ධර්මයට පුදුම ඇල්මක් දක්වන්නේ. දෙවන ලෝක යුද්ධයෙන් හා පරමාණු බෝම්බයෙන් විශාල විනාශයක් සිදුවූ නිසා සත්වයන්ට හා පරිසරයට මෙසේ ඇල්මක් දැක්වීමට පුරුදු වුනා. ගස්කොලන් සහිත වතු පරිසරය , ඇළදොළ ,කුරුල්ලන් අදී පරිසරයක් ශ්‍රී ලංකාවේ අපට තිබෙන නිසා ඒවායේ හරි අගයක් නැහැ .ජපානයේ කුඩා ළමුන් කෘමියා පවා ආශාවෙන් අතපත ගානවා. කවදා හෝ ලංකාවේ මේවා නැතිවුණ දවසක මේවයේ අගය වටිනා කම තේරේවි . එසේ නොවී මෙතැන් සිටහෝ සත්වයන්ට පරිසරයට ආදරය කරන්න ,සුරකින්න පුරුදු වෙමු. එවිට පරිසරයත් සත්වයනුත් මිනිසුන්හට ආදරය කරන්න පුරුදු වේවි. (දී)

:       0       0

විරාජ් Friday, 21 February 2014 07:43 PM

සිල්වා මහතා හරියටම හරි ,මමත් හිටියා (අ)

:       0       0

කැළණි පෙරේරා Tuesday, 25 February 2014 03:02 PM

ඇත්තටම හරිම ලස්සන දර්ශනයක් (දී)

:       0       0

කුමාරි Wednesday, 26 February 2014 11:01 AM

හරිම ලස්සන දර්සනයක්.දැක්කම අස හිතෙනවා.(දී)

:       0       0

ක්‍රිෂාන්ති Monday, 24 February 2014 11:15 PM

හා හා හරි හාවා කැලේ මැදින් ආවා. (අ)

:       0       0

පිටිගල Saturday, 22 February 2014 12:02 AM

සිල්වා, විරාජ් මහත්වරු සමග මාත් එකඟයි!!! (අ)

:       0       0

පලිත Sunday, 23 February 2014 08:21 AM

හාවා කියන්නේ හරිම සංවේදී සතෙක් (දී)

:       0       0

චන්දි Saturday, 22 February 2014 01:09 AM

පහන් මල්ලි මේ පින්තුර දැකල නැහැ වගේ ,එකයි මුකුත් ලියල නැත්තේ., ජපානේ වසර 6ක් විතර උන් නිසා පහන් දන්නවා ඇති මංහිතන්නේ මේ ගැන..!! (අ)

:       0       0

දනා Monday, 24 February 2014 09:10 AM

පහන්, ජර්මනිය, ඔබ තුමාට මේ හවන්ට තරම්වත් මොලයක් නැද්ද? මොකද ජපානේ චීනේ කොරියාව වගේ රටවල් වල සතුන්ගේ මස් අනුභව කිරීම ලංකාවට වඩා ඉතාමත් වැඩයි, (අ)

:       0       0

සුජිවා Thursday, 20 February 2014 09:40 PM

ආශ්චාර්යමත් රූපරාමු වැලක්, අහිංසක සතුන්ට ජීවත් වීමට මෙවන් රටක් තිබිම තවද විස්මජනක සිදුවීමක්.ශ්‍රී ලංකා වාසි අපටත් හොද අත්දැකීමක් ! රජින්ද අදහස් කල පරිදි සිහිනයක් අපේ ලෝකයට (අ)

:       0       0

දුමින්ද Monday, 24 February 2014 10:26 AM

ඇත්තෙන්ම හරිම සුන්දර සිත් පිනවන දර්ශනයක්. මේවා දැකීමෙන් මෙවැනි සුරතල් සතුන් මරණ අයට උනත් සතුන් ගැන ආදරයක් සහ කරුණාවක් සිත් තුල ඇති වෙන්න පුළුවන්. ඉතින් වගකිවයුතු බලපුලුවන් අයට බැරිද මෙවැනි සත්ගුණවත් යමක් කරන්න. (අ)

:       0       0

මනෝ Wednesday, 26 February 2014 03:22 PM

ලස්සන දසුනක් (දිල්)

:       0       0

චමී Saturday, 22 February 2014 10:12 AM

අහිංසක සත්තතු .ඒ වගේ ම හරිම ප්‍රියමනාප දර්ශනයක්.(දිල්)

:       0       0

සෙලිනා Monday, 24 February 2014 11:16 AM

හොද ආදර්ශමත්, අදහසක් ලියු ගමගුර ජපානය ඔබට මගේ ප්‍රණාමය..!(දිල්)

:       0       0

සුජීවා Saturday, 22 February 2014 11:32 AM

මට ජීවිතය ගැන කලකිරීමක් තියනවා හාවෙක් වෙලා ජපන් යන්න ඇත්නම් ? (අ)

:       0       0

ඉන්දික Saturday, 22 February 2014 11:34 AM

ජපානේ විතරක් නෙවේ, ත්‍රිකුණාමලේ යන්න. මුවෝ ඉන්නවා බස් නවතුම්පලවල්වල. එත් එහෙම මිනිස්සු උන්ව මරන්නේ නැහැ, (අ)

:       0       0

ඉන්දික Saturday, 22 February 2014 11:39 AM

මෙතන කමෙන්ට් දාපු සමහර ය ලංකාවේ ත්‍රිකුණාමලයට ගිහිල්ල නැහැ වගේ. ලංකාවෙත් එහෙම තැන තියෙනවා.ත්‍රිකුණාමලේ මුවෝ. ඩෙල්ෆ් දුපතේ පොනියෝ. පුත්තලමේ බුරුවො. (අ)

:       0       0

නාමල් Saturday, 22 February 2014 11:46 AM

වෙහෙසකාරී පුවත් අතර කලාතුරකින් හෝ මෙවැනි මානසික සුවය ගෙනදෙන රුප මෙන් පුවත් ලබාදීම ලන්කදීපට ස්තුති (අ)

:       0       0

සංජීව Friday, 21 February 2014 06:27 AM

ලංකාවේ හාවෝ කෙසේවෙතත් කැරට් අල නම් තියනව ඡන්දෙට මල්ලියෝ (අ)

:       0       0

සරත්චන්ද්‍ර Sunday, 23 February 2014 02:20 PM

ඇත්තටම ලස්සන පින්තූරයක්.(නදී)

:       0       0

සමන්ති Friday, 21 February 2014 07:22 AM

මෙහෙ ගම්වල සාවන් සිටිනවා .කෘමිනාශක ,උගුල් ඇටවීම ,කැලා ගිනිතැබීම නිසා උන් සීග්‍රයෙන් වඳ වෙනවා (අ)

:       0       0

පහන්, ජර්මනිය Friday, 21 February 2014 08:15 AM

ජපානයේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ... උන්ට කෑම දෙන්නෙ නැ. උන්ව මරණ කන්නේ නැ. (අ)

:       0       0

සජී Saturday, 22 February 2014 01:32 PM

ඉස්සර මටත් මගේම කියල හාවෙක් හිටිය එත් දැන් ඌ කොටියෙක් වෙලා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 194 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 115 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 103 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 27 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 298 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 134 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 327 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site