අල් කයිඩාව සමඟ සම්බන්ධකම් පවත්වන ‘හකානී’ ඉස්ලාමීය සටන්කාමී සංවිධානයේ ජ්‍යෙෂ්ඨ අණ දෙන නිලධාරී ජන්බාස් සඞ්රාන් ඝාතනය කිරීමට ඇමෙරිකා හමුදා පෙරේදා (13) සමත් විය. ජන්බාස් සඞ්රාන්, පාකිස්තානයට අයත් ගෝති‍්‍රක ප‍්‍රදේශයක් ලෙස සැලකෙන උතුරු වසිරිස්තානයේ ගම්මානයක සැඟවී සිටින බවට ඇමෙරිකානු සී.අයි.ඒ. නිලධාරීන්ට දැන ගන්නට ලැබී ඇත. ඔවුන් ඇමෙරිකා හමුදාවේ ද සහාය ඇතිව එම ගම්මානයට නියමුවන් රහිත ඩ්‍රෝන යානා මෙහෙයවා මිසයිල ප‍්‍රහාර දෙකක් එල්ල කළ අතර එයින් සඞ්රාන් ඇතුළු තවත් සටන්කාමීහු කිහිප දෙනෙක් මියගියහ. ඇමෙරිකා ආරක්ෂක ලේකම් ලියොන් පෙනේටා ඊයේ (14) මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ සඞ්රාන් ඝාතනය, ‘හකානී’ සටන්කාමීන්ට එරෙහි සටනේ දී ලැබූ තවත් ජයග‍්‍රහණයක් බවය. ඉකුත් දෙවැනිදා ද ඇෆ්ගනිස්තානයේ සැඟවී සිටි හකානී නායක හජ්ජි මාලී කාන් නමැත්තා අල්ලා ගැනීමට නේටෝ හමුදාවට හැකිවිය. අල් කයිඩාව සමඟ සම්බන්ධකම් පවත්වන හකානී සටන්කාමී සංවිධානය, ඇෆ්ගනිස්තානයේ තලේබාන් සටන්කාමීන්ට සහාය දීමට ප‍්‍රතිඥා ලබා දී ඇත. ඉකුත් සැප්තැම්බර් 13 වැනිදා ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර ඇමෙරිකා තානාපති කාර්යාලයට එල්ල කළ ප‍්‍රහාරයට සම්බන්ධ තලේබාන් සටන්කාමීන්ට සහාය දී ඇත්තේ හකානී සටන්කාමීන් යැයි ඇමෙරිකාව චෝදනා කරයි. හකානී සටන්කාමී ජාලය පාකිස්තානයේ කි‍්‍රයාත්මක වන අතර ඇමෙරිකාව චෝදනා කරන්නේ පාකිස්තාන රජය සහ පාකිස්තානයේ අයි.එස්.අයි. බුද්ධි අංශය හකානී සටන්කාමීන්ට සහාය දෙන බවය. ඇමෙරිකාවේ එම චෝදනා හේතුවෙන් ඇමෙරිකාව සහ පාකිස්තානය අතර හොඳහිත පළුඳු වී ඇත. කෙසේ නමුත් ‘හකානී’ සටන්කාමීන් සම්බන්ධයෙන් හටගත් අර්බුදය, දුරදිග යෑමට ඉඩ නොදී සාමකාමීව විසඳා ගතයුතු යැයි ඇමෙරිකා රජය පාකිස්තානයට දැනුම් දී තිබේ. ඇමෙරිකාව එල්ල කරන එම චෝදනා පාකිස්තාන රජය තරයේ ප‍්‍රතික්ෂේප කරයි. එහෙත් ඇමෙරිකාව පවසන්නේ ඔවුන් එල්ල කරන එම චෝදනා ඔප්පු වී ඇති බවය. හකානී සටන්කාමීන් ගැන සොයා බලන ලෙසත් ඔවුන් සමඟ ඇති සම්බන්ධකම් නවත්වන ලෙසත් ඇමෙරිකාව පාකිස්තානයට දන්වා ඇති නමුත් පාකිස්තානය එම ඉල්ලීම ද ප‍්‍රතික්ෂේප කර තිබේ.
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
හකානි අණ දෙන නිලධාරියා ඇමෙරිකා ප‍්‍රහාරයකින් මරුට