IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ලොව ලොකුම මාළුවා වඳවෙයි ?

ලොව විශාලතම මිරිදිය මත්ස්‍යයා වන ඇරපයිමා වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇතැයි සත්ත්වවේදීහු කියති. ඇමර්සන් ගංඟාව සිය වාසභූමිය කරගත් ඇරපයිමා හොඳින් වැඩුණු විට කිලෝ 180ක් පමණ බරැතිය. දිග මිටර තුනකි. වාතය උරා ගැනීමට දිය මතුපිටට පැමිණ විනාඩි 10-15ක් පමණ සිටීම හේතුවෙන් මේ මසුන් අල්ලා ගැනීම ධීවරයන්ට පහසු කාර්යයකි.

ඇමෙරිකාවේ වර්ජිනියා ටෙක්ස් හි ආචාර්ය ලියන්ඩ්‍රෝ ක්‍රාන්ටෙලෝ පවසන්නේ පහළ ඇමර්සන් කලාපයේ මේ මසුන් දැනට කොපමණ සංඛ්‍යාවක් සිටින්නේ ද යන්න පිළිබඳ සමීක්ෂණයක් අරඹා ඇති බවයි. එය සිදුකරන්නේ ද ජලය මතුපිටට පැමිණ විට ගණනය කිරීමෙනි.

Arapaima 1

 



අදහස් (0)

ලොව ලොකුම මාළුවා වඳවෙයි ?

සමීර Friday, 15 August 2014 05:40 PM

මෙය සෑම රටකටම පොදුයි. කෝ අපේ ඇළේ සිටි දන්ඩි තිත්ත පැටවු? (නි)

:       0       0

රූපවතී Friday, 15 August 2014 09:03 AM

මුහුන නම් කැතයි ඒත් ඇඟ ලස්සන මාලුවෙක්?ඇයි ඌව මරන්නේ අනේ පව් (නදී)

:       0       0

මහවැව,නිමල් වර්ණකුලසුරිය Thursday, 14 August 2014 07:06 PM

සමීක්‍ෂණය පසෙක ලා බෝකරගන්න ක්‍රමයක් බැලුවොත් නරකද​? (නි)

:       2       18

නුවන් Monday, 18 August 2014 04:26 AM

අයියෝ, කරදිය මිරිදිය දන්නෙත් නැහැනේ සමහර කට්ටිය. (නදී)

:       0       0

හසිත Sunday, 17 August 2014 02:45 AM

මේ මාළුවා ආරක්ෂා කරන්න පියවර ගතයුතුයි (නි)

:       0       0

දයා අළහකෝන් Thursday, 14 August 2014 11:01 PM

අපේ රටෙත් මෙම මිරිදිය මසුන් ඉස්සර හිටියා කියලා මම අහලා තිබෙනවා (නි)

:       0       1

ප්‍රසංග Sunday, 17 August 2014 03:54 AM

අනේ චමිලෝ, දියේ ඉන්න මොන මාළුවත් හුස්මගන්න උඩට එනවා (නි)

:       0       0

නිමේෂ් Friday, 15 August 2014 10:58 PM

දැන්ම ක්‍රියාත්මක වෙලා මේ සතුන් ආරක්ෂා කරගත්තොත් ගොඩක් වටිනවා. (නි)

:       0       0

ප්‍රෙමා්ද් උදාර Friday, 15 August 2014 11:20 AM

කකුල් දෙකක් සැත්කමකින් බද්ද කළා නම් ගොඩම ඉදියි (නදී)

:       0       0

ජෝන් Sunday, 17 August 2014 04:46 AM

මටනම් පෙන්නේ මු ලොකුම ලොකු ලුලෙක් වගෙයි . (දී)

:       0       0

සමන් Friday, 15 August 2014 11:28 AM

අපේ සත්තු වත්තටත් එකෙක් ගෙනත් දාමුද. අපේ දරුවන්ට දැකගන්න. (නදී)

:       0       0

චාමර අනුර සම්පත් කුමසාරු Saturday, 16 August 2014 02:00 AM

මෙම මාළුන් රැකගැනීමට නිසි නිති පද්ධතියක් සකස්කර උන්ගේ ව්‍යාප්තවීම තවත් වර්ධනය කිරීමට සියලු දෙනා එකාමෙන් කටයුතු කළ යුතුය. (නි)

:       0       0

කසුන් Sunday, 17 August 2014 06:20 AM

එතකොට නිල් තල්මහ කියන්නේ ලොකුම මාළුවා නෙමෙයිද (දී)

:       0       0

පිටබැද්දර ජයා Friday, 15 August 2014 12:53 PM

ඔය සතා උඩට ආවොත්නේ දීවරයෝ මරාගන්නේ. කරන්න තියෙන්නේ මෙච්චරයි ඔක්සිජන් ටැංකියක් පිටේ බැඳලා කොනක් කටේ තියනවා හුස්ම ගන්න. උඩට එන්න ඕනත් නැහැ ජීවිතෙත් බේරෙනවා බෝකිරීමත් ඉක්මන් වෙයි (නදී)

:       0       0

සමීර Friday, 15 August 2014 05:59 AM

අහන්න දෙයක් නෑ. හෙට අනිද්දා වෙනකොට තෙප්පිලියා කියලා මාළුවෙක් හිටියද කියලවත් හොයාගන්න නෑ. ලංකාවේ මිනිස්සුන්ට මෙක හොද පුවතක්. අපේ මත්ස්‍යයින් රැක ගන්න දැන්ම ක්‍රියාත්මක වෙන්න. (නදී)

:       0       0

යොහාන් Friday, 15 August 2014 01:40 PM

රුපියල් 30,000ක් වගේ විශාල මිල ගණන් වලට අඩියක් විතර දිග මෙම මත්ස්‍යයින් ලංකාවේ සමහර සුපිරි ස්ථාන වල විකිණීම‍ටත් තිබෙනවා කියලා ආරංචියි (නි)

:       0       0

පැතුම්, මොරවක Saturday, 16 August 2014 03:18 AM

ඇත්තටම මේ මත්‍ස්‍යයින් වඳවෙන එක අහන්නත් දෙයක්ද? කරන්න පුළුවන් එකම දේ නීතියෙන්වත් පිළිසරණක් මේ සත්වයින්ට ලැබෙන්න සළස්වන එක (නි)

:       0       0

ටෙනිසන් Thursday, 02 February 2017 04:24 PM

ජලය මතුපිටට එකම මාළුවා කිහිප වතාවක් එන්නත් පුලුවන්නේ (නි)

:       0       0

චින්තක Friday, 15 August 2014 06:37 AM

දයා ඉස්සර නෙමෙයි දැනුත් ඉන්නවා. ලොකු රට මාළු කඩයකට ගිහින් බලන්න. රුපියල් දහස් ගණන් වලට අර පිමා විකුනනවා. මුන් අපේ ජලාස වලට ගියොත් සමීර කියපු දේ තමයි වෙන්නේ (නදී)

:       0       0

ඩයස් Friday, 15 August 2014 02:26 PM

සතුන් මරන එක තමයි මේ හැමදේටම මුල (නි)

:       0       0

සජිත් ප්‍රියන්ත Saturday, 16 August 2014 03:59 AM

අපිට ස්වභාධර්මෙන් ස්වාභාවධර්මෙන් ලැබෙන්නේ අපිට ලද යුතු දේවල්. ඉතින් ඒ දේවල් නැති කරගන්නෙත් අපේ මිනිස්සුම තමා. (දී)

:       0       0

පුබුදු Saturday, 16 August 2014 04:17 AM

මේ මාලුවා දෙහිවල සත්තු වත්තේ චිරාත් කාලයක සිට ඉන්නවා. මෙයාලා වදවීගෙන යෑමේ තර්ජනයකට ලක්වෙලා කියලා සැලකුවොත්, අපේ ආවේනික මත්සයෝ ඔක්කෝම උග්‍ර අවදානමට ලක්වුන සෙට් එකක් වෙන්න ඕන. මත්සයෝ ටික විතරක් නෙමේ ලංකාවේ සමනල් ගහනයත් වසරින් වසර ඉතා සීග්‍රව පහත බසිනවා. ඒ කියන්නේ අපේ පරිසරය ජීවත් වීමට නුසුදුසු තත්වයට සීග්‍රයෙන් පත්වෙමින් තිබෙන බව. පාලකයන්ට බනිනකන් තමුන් පලමුපියවර තිබ්බා නම් නරකද.. ????? දවස ගානේ තමුන් මහමග පොලිතින් කෑලි කීයක් දානවද??? මාසෙකට එක ගහක් හිටවනවාද??? දවසකට ගස් කීයක් කපනවාද??? තමුන්ම හිතන්න. ලොකු වනසක් කරන්න ඔබට පුලුවන්.. (දී)

:       0       0

නලින් රණවක Friday, 15 August 2014 07:04 AM

ලොව විශාලතම මිරිදිය මාලුවා ඇරපයිමා කියලා දැනගත්තෙ අද. ස්තුතියි (නදී)

:       0       0

ප්‍රභාශ්වර Friday, 15 August 2014 02:46 PM

වෝටර් වල්ඩ් එකේ ලොකු ඇරපයිමා මාලු කිහිපදෙනෙක් ඉන්නවා.(නි)

:       0       0

රන්ජි Saturday, 16 August 2014 05:25 PM

පටලවාගන්න එපා. ඇරපයිමා කියන්නේ මේ මාළුවාට. ඇරෝවානා කියන මාළුවා අපේ රටේ රුපියල් 50 000 කට විතර ගන්න පුළුවන්.මේ දෙන්නා දෙන්නෙක්. (නි)

:       0       0

සරත් Friday, 15 August 2014 02:52 PM

අපරාදේ! මෙහෙම එකින් එකා වඳවෙලා නැත්තටම නැතිවෙයි කවදාහරි (නි)

:       0       0

ශ්‍යාමා Friday, 15 August 2014 02:52 PM

ඇරපයිමා මාලු බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වෙන්නේ නැහැ (නි)

:       0       0

චමිලා Friday, 15 August 2014 07:25 AM

හුස්ම ගැනීමට වතුරෙන් ගොඩට එන්න ඕනේ නම් මොකට මේ මාළුවා වතුරේ ඉන්නේ (දී)

:       0       0

ශ්‍රියානි Friday, 15 August 2014 03:14 PM

මේ සතුන් කෙසේ හෝ රැකගත යුතුයි නේද? (නි)

:       0       0

ශ්‍යාමා Friday, 15 August 2014 03:12 PM

මේ මාළුවා අපේ සත්තු වත්තේ ඉන්නවා නේද? (නි)

:       0       0

අශාන්ත Friday, 15 August 2014 03:22 PM

ලෝකයේ සියලු රටවල එම රටවලට ආවේණික සතුන් රැකගන්න විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. නමුත් අපි? (නි)

:       0       0

අමල් Friday, 15 August 2014 03:20 PM

මේ සතුන් රැකගැනීමට ක්‍රමයක් අවශ්‍යයි (නි)

:       0       0

සේන Saturday, 16 August 2014 04:58 AM

චමිලා ගොඩ ඉන්න නිසා මාළුවා කල්පනාකරලා තියෙනවා වතුරේම ඉන්න. (දී)

:       0       0

ජෝන් Sunday, 17 August 2014 09:17 AM

කසුන්, නිල තල්මහ ලොකුම සතා නමුත් මාලුවෙක් නෙවෙයි. කිරි බී වැඩෙන සතෙක් අපි වගේ. ලොකුම මාළුවා තමයි තල්මස් මෝරා. මිරිදියේ ඉන්න ලොකුම මාළුවා ගැන තමයි මේ ලිපිය ලියවිලා තියෙන්නේ. (නදී)

:       0       0

හසිත් Friday, 15 August 2014 04:10 PM

අසරණ සතුන් පවු! (නි)

:       0       0

මැක්සි Friday, 15 August 2014 04:38 PM

අනුවර්තනය නොවෙන ඕනෑම සතෙක් වඳවෙනවා (නි)

:       0       0

ගාමිණී සිරිවර්දන Thursday, 14 August 2014 05:11 PM

ඇරපයිමා මත්ස්‍යයා ගංගා ආශ්‍රිතව ජීවත්වෙන නිසා මහතින් ,දිගින් වැඩිවුණත් රසැති සැමන් ගණයට අයත් මාලුවෙක් බව මගේ හැඟීමයි. ඇමේසෙන් ගඟ මුහුදට ගලායන්නේ බ්‍රසීලයෙන් නිසා බ්‍රසීල් ධීවරයින් හේතුවෙන් ඇරපයිමා වඳවීමේ ස්වභාවයක් ඇතිවෙලා ඇති ! (නි)

:       2       2

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 171 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 106 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 96 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 26 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 293 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 134 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site