IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ලන්ඩන් දොස්තර අගමැතින් පන්නයි

ලන්ඩනයේ ප්‍රධාන පෙළේ මෙන්ම පැරණිම රෝහලක් වන ගයිස් සහ ශාන්ත තෝමස් රෝහලට පැමිණි බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සහ ඔහුගේ දවැනියා වූ නික් ක්ලෙග් ඒවෙලාවේ රෝහලේ සේවය කරමින් සිටි ශල්‍ය වෛද්‍යවරයා විසින් පන්නා දැමිණි.

ඩේවිඩ් කැමරන් සහ නික් ක්ලෙග් රෝහලට ගියේ ලෙඩුන් බැලීමට නොවේ. ඉදිරියේදී හඳුන්වාදීමට සැලසුම් කර ඇති නව වැඩපිළිවෙළ පිලිබඳ මාධ්‍යය වෙත තොරතුරු සැපයීම සඳහා ප්‍රවෘත්ති වාර්තාවක් පටිගත කරගැනීම සඳහාය. ඔවුන් දෙදෙනා සමඟ  වැඩසටහන පටිගත කිරීම සඳහා මාධ්‍යවේදීහූ ද කැමරා කණ්ඩායමක්ද රෝහලට පැමිණ සිටියහ. ගයිස් ශාන්ත තෝමස් රෝහල පිහිටියේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට යාබද තේම්ස් නදී ඉවුරේ අනෙක් පැත්තේය. රෝහල ප්‍රවෘත්ති වාර්තාව පටිගත කිරීමට තොරා ගැනුණේ ඒ නිසාය.

වැඩසටහන පටිගත කිරීම ආරම්භ කෙරුනේ උකුළු ඇටය ආදේශනය කරගැනීමේ බලාපොරොත්තුවෙන් රෝහල් ගතකර සිටි 63 හැවිරිදි රෝගියකු සිටි ඇඳ අසලදිය.

රෝහලේ එම පටිගත කිරීම සඳහා අවශ්‍ය අවසර අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් කල්තියා ලබාගෙන තිබුණි. කෙසේවුවද අගමැති වරයාත් උප අගමැති වරයාත් රෝගියාගේ ගුණ දොස් විමසීම පටන් ගන්නවාත් සමඟම රෝගියාගේ ශල්‍යකර්මය බාරව සිටි විශේසඥ වෛද්‍යවරයා එතනට ආවේය. කණ්ඩායමට වහාම රෝහලෙන් පිටව යන ලෙසට අණ කළේය.

" මම තමා මෙතන වැඩ  බාරව ඉන්න ශල්‍ය වෛද්‍යවරයා. මෙතන වැඩ කෙරෙන්න ඕනෑ ලෙඩුන්ගේ අවශ්‍යතාවයන්ට මුල් තැන දෙමින්. මෙතන ඉන්න පත්තර කාරයන් සහ කැමරා කාරයන් කිසිකෙනකු රෝහලක දී සනීපාරක්ෂාව සම්බන්ධයෙන් පිළිපැදිය යුතු ක්‍රියාකාරකම් ගැන සැලකීමක් දක්වා නැහැ. රෝහලක එහෙම වෙන්න බෑ. ඔය වැඩේ දමල ගහල ඉක්මනින් යනවා යන්න" යයි ඔහු වේගවත්ව අගමැති වරයාටත් උප අගමැති වරයාටත් දැඩිව අන කළේය.

වෛද්‍ය වරයා පෙන්වා දුන්නේ රෝහලකට ඇතුළු වීමේදී එහිතබා ඇති අත් පිරිසිදු කිරීමේ ආලේපන පාවිච්චි නොකිරීම, රෝහලක අනවසර පරිදි ටයි පටි පැළඳගෙන සිටීම, කමිස හෝ කෝට්, අත් හකුලුවාගෙන නොසිටීම වැනි සරල එහෙත් රෝහලක සනීපාරක්ශාවට වැදගත් කරුණු පිළිනොපැදීම නිසා එම පිරිස එලවා දැමු බවයි.

දොස්තරවරයාගේ ක්ෂණික දෝෂාරෝපණය තුෂ්නිම්භූතව අසාසිටි අගමැති වරයාත් උප අගමැති වරයාත් ඔවුන් සමඟ පැමිණි කණ්ඩායමද කටුව වහාම රෝහලෙන් පිටව ගියහ.

1 2 4 5



අදහස් (0)

ලන්ඩන් දොස්තර අගමැතින් පන්නයි

ශ්‍රීලාල් Monday, 22 February 2016 07:33 PM

ලංකාවෙත් ඔය වගේ නිර්භීත දොස්තරවරු ඉන්නවා. (නි)

:       0       0

නලින් යහම්පත් Monday, 22 February 2016 11:01 AM

මෙම සිද්දිය ලංකාවේ වුණා නම් පසුදා දොස්තර වැඩ තහනම් , දින කිහිපයකින් දොස්තරගේ මල සිරුර කොහේ හරි , නැතිනම් කාව හෝ යොදවා අල්ලස් ගන්නට සැරසුනා කියා නඩුවක් පටලවා ඔහු සිර ගෙදර , බටහිර රටවල සහ අපේ රටේ වෙනස ඕකයි (අ)

:       0       0

යසීර් අහමඩ් දෙහිවල Monday, 22 February 2016 07:41 PM

තශිරා අබේ, ඔබ ඔහොම කිව්වට, ලංකාවේ සෑම දොස්තර කෙනෙක්ම ඔබ කියනා විදිහේ අය නොවේ. ඉඳහිට හෝ දෙවියන් වැනි දොස්තරලා අපේ රටේ ඉන්නවා (නි)

:       0       0

අජන්ත Tuesday, 23 February 2016 11:57 AM

ඉමේෂ් බත්ද කන්නේ (බ)

:       0       0

අමල් Tuesday, 23 February 2016 07:35 AM

එංගලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ ...(ම)

:       0       0

තිස්ස ජයසිංහ Monday, 22 February 2016 05:51 AM

මේ දොස්තරව එක පාරක් එෆ්සීඅයිඩීයට ගේන්න (බ)

:       0       0

හුසේන් මොහොමඩ් Monday, 22 February 2016 05:51 AM

ලන්ඩනයේ එහෙම වුනත් කලින් නම්, ලංකාවේ එහෙම වුනේ නෑ. (බ)

:       0       0

ටෙහාන් Monday, 22 February 2016 06:06 AM

මෙන්න නිව්ස්. මෙන්න මිනිස්සු. මෙන්න ප්‍රජාතන්ත්‍රවාදය. සුදුස්සාට සුදුසුතැන, (බ)

:       0       0

රවී Monday, 22 February 2016 10:11 PM

අපේ නම් පසුගිය රජය කාලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීලාටත් මීටවැඩිය බලය තිබුනා (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ Monday, 22 February 2016 12:32 PM

ඔයවගේ දොස්තරලා සිංගප්පුරුවේ හොස්පිටල් වල නැද්ද.(බ)

:       0       0

අරවින්ද Tuesday, 23 February 2016 01:30 PM

විශ්වාස කරන්නත් අමාරුයි (නි)

:       0       0

දොඹගොඩ Tuesday, 23 February 2016 12:31 AM

ඒකටත් එක්ක ලංකාවේ. දොස්තරලා වූ ගමන්ම බෙල්ලේ ටයිපටිය එල්ලා ගන්නවා. ඒක ගළවන්න සක්‍රයාටවත් බැහැ ඊටපස්සේ (නි)

:       0       0

ඉමේෂ් Monday, 22 February 2016 07:31 AM

අපෙත් ඉතින් මෙහෙම වෙන්න තිබ්බ කලින් ආණ්ඩුව තිබ්බ නම්. දැන් නම් ඉතින් මෙහෙම වෙන එකක් නැහැ. (අ)

:       0       0

සුනිල් Tuesday, 23 February 2016 09:17 AM

පුදුමයි ඒත් ඇත්තයි.අපේ රටේ ඔය වගේ දෙයක් වුණානම් මොනවා වෙයිද?(හේ)

:       0       0

සුසා Monday, 22 February 2016 07:59 AM

හුසේන් මොහොමඩ් දැන් ලංකාවේ එහෙම වෙනවද (අ)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ Tuesday, 23 February 2016 02:22 PM

ඇසල....සුහද කොකා වගේ නේද?....හැමෝම කොකා පෙන්වන්නේ අහිංසක මහා ජනතාවට තමා....(හේ).

:       0       0

විජය Monday, 22 February 2016 08:16 AM

ලංකාවෙත් ඔය වගේ දොස්තරලා ඉස්සර හිටිය 1981 දී නුවර මහරෝහලේ අවසර නැතුව වාට්ටුවේ අවේලාවේ සිටිය සෞඛ්‍ය උප ඇමතට වාට්ටුවෙන් වහාම පිටව යන ලෙස දොස්තර මහතා නියෝග කළා. උප ඇමති තුමා වහාම වාට්ටුවෙන් පිටව ගිය දින කිහිපකට පසුව දොස්තර මහතාට ප්‍රසංස කොට ලිපියක් යව තිබුණ. ඉතින් ඔහොම වැඩ ලංකාවෙත් හිඳල හිටලා හරි වෙනවා (අ)

:       0       0

රොකී‍ Tuesday, 23 February 2016 02:09 AM

ඉස්සර "ආරෝග්‍යා පරමා ලාභා" අද, "ආරෝග්‍යශාලා - පරමා ලාභා"! (නි)

:       0       0

ඇසළ Monday, 22 February 2016 01:58 PM

මහින්ද ආර් කිතුල්ගොඩ දන්නේ නැද්ද සිංගප්පුරුවේ රෝහල් වල දොස්තරලා හිටිය උපන්දින සාද නේ පවත් වන්නේ. ඒවා වීඩියෝ කරලා අපිට පෙන්නවා කොකා පෙන්නනවා වගේ හොදයි නේද.? (බ)

:       0       0

රෝහිත Monday, 22 February 2016 01:59 PM

මහින්ද ආර් කිතුල්ගොඩ- ඔයවගේ දොස්තරලා සිංගප්පුරුවේ හොස්පිටල් වල ඕන තරම් ඉන්න නිසානේ අපේ කට්ටිය පල බදාගෙන යන්නේ! (බ)

:       0       0

සොපි Monday, 22 February 2016 08:38 AM

දේශපාලකයන්ට රෝගීන්ව පේන්නෙත් තමුන්ගේ වාසියට. (ර)

:       0       0

තශිරා අබේගුණවර්ධන Monday, 22 February 2016 01:55 PM

අපේ සමහර දොස්තරලා බස් වල කොන්දොස්තරලා වාගේ , රෝගියා ගෙන නොව ලැබෙන මුදල පමණයි සලකන්නේ , ඒවා දියුණු රටවල නැහැ කියා මෙයින් ඔප්පු වෙනවා (බ)

:       0       0

ගමගේ Tuesday, 23 February 2016 09:53 AM

අපේ රටේ මෙහෙම වුණානම් වෛද්‍යවරයකු කළා නම් ඒ ඔහු ජීවත් වන අවසාන මොහොත වීමට ඇති ඉඩ බොහොයි (ම)

:       0       0

ලක්සිරි Monday, 22 February 2016 08:58 AM

මෙන්න දොස්තර වරු.(හේ)

:       0       0

නලීන් Tuesday, 23 February 2016 03:43 PM

ලංකාවේ සුරංගනා කතාවක එහෙම වෙයි නේද ?(හේ)

:       0       0

චන්ද්‍රසිරි Monday, 22 February 2016 09:04 AM

දොස්තරව වගේම ඔහුට අවනත වූ අගමැතිටත් අපි ගරුකරන්න ඕනේ (අ)

:       0       0

පිරිස් ඉතාලි Monday, 22 February 2016 04:17 PM

නලින් යහම්පත්, ඔබ හරියටම හරි (නි)

:       0       0

තමරා Thursday, 25 February 2016 02:32 PM

කින් බෙනට්, ඔබගේ කීම සහතික ඇත්ත. (නි)

:       0       0

වරුණ Tuesday, 23 February 2016 05:09 AM

ලංකාවේ වගේනම් කොහෙට හරි මාරු කරලා නැත්තම් සුදු වැන් එකෙකින් උස්සල නැත්තම් දොස්තරලා ස්ට්‍රයික් අගමැති තර්ජනය කළා කියල එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (කෞ)

:       0       0

ඩිල්ෂාන් Tuesday, 23 February 2016 11:03 AM

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කුමක්ද කියා බ්‍රිතාන්‍ය අගමැති හොඳ ආදර්ශයක් දුන්න. නමුත් එහෙම වෙන්නේ එංගලන්ත ජනතාව දේශපාලන පක්ෂ බදාගෙන දඟලන්නේ නැති නිසා. යම් විදියකින් ලංකාවේ කරන විදියට දොස්තර අතුරුදහන් කළානම්, බ්‍රිතාන්‍ය ජනතාව කවදාවත් අගමැතිට සමාව දෙන්නේ නැහැ. ඔහුත් ඒබව දන්නා නිසා රෝහලින් ඉවත්වී ගියා (බ)

:       0       0

මොහාන් Monday, 22 February 2016 04:54 PM

ඉමේෂ් බම්බුව. (බ)

:       0       0

කින් බෙනට් Monday, 22 February 2016 10:36 AM

මෙතන වටිනාම ආදර්ශය ගන්න තියෙන්නේ අගමැතිගෙන් . එහෙ අගමැති රටේ ප්‍රධානියා උනාට එම ස්ථානයේ ප්‍රධාන්යා නොවන බව ලෝකයටම කියා දුන්නා අන්න ඒකයි වටිනා කම . (ර)

:       0       0

නසීබ් Monday, 22 February 2016 05:55 PM

තශිරා අබේගුණවර්ධන, ඉඩ ලැබෙන්නේ කොයි වේලාවේද දොස්තරලට බනින්න කියල බලන් ඉන්නේ නේද? ඔය තරම් කුහක වෙන්න එපා. ලංකාවේ බහුතරයක් දොස්තරලා ඔයා හිතන තරම් සල්ලි පස්සේ දුවන්නේ නෑ.- ලංකාවෙ සමාජේ අනෙක් මිනිස්සු සල්ලි පස්සේ යන්නේ නැතිද? සේරම එහෙමයි - එහෙම වෙලා තියෙන්නේ ලංකාව දුප්ප්පත් රටක් නිසා - හැමෝම සල්ලි පස්සේ දුවනකොට දොස්තරලා විතරක් වෙස්සන්තර වෙන්න කියලද කියන්නේ. සේරටම ඉස්සර දෙස්පලුවන්ගේ දුෂණ නතර කරලා සැබෑවටම ජනතාව අතරට ඒ මුදල් ලබාදෙන්න -සමාජය, මාධ්‍යය දෙස්පලුවන්ගේ එහෙයියෝ වෙන්නේ නැතිව දුෂණයට විරුද්දව නැගී හිටින්න -ඔයා දන්නවද එංගලන්තේ ප්‍රයිවට් දොස්තර කෙනෙක් හම්බ වෙන්නත් කියක් ගන්නවද කියල?(බෙහෙත් නැතිව)- ඒ මනුස්සයෙකුගේ එන් එච් එස් පඩිය කීයද කියලා. ඒ නිසයි ඒ අය ප්‍රයිවට් කරන්නේ නැත්තේ (බ)

:       0       0

ඇලෙක්සැන්ඩර් Tuesday, 23 February 2016 11:45 PM

එංගලන්තේ එහෙම වුණත් ලංකාවේදී එහෙම වුණේ නැහැ. ඉස්සර .... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 221 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 136 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 123 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 27 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 307 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 136 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1716 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site