යේමනයේ සානා අගනුවර හමුදා පෙරහුරුවකට ඊයේ (21) එල්ල වූ අධි බලැති මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් 50 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර 78 දෙනෙක් තුවාල ලැබූහ. හමුදා නිල ඇඳුමකින් සැරසී බෝම්බකරු පැමිණ ඇතැයි ආරක්ෂක අංශ පවසයි. ප‍්‍රහාරයට හසුවූ වැඩි දෙනා හමුදා සෙබළුය. ඊට අමතරව සෙබළුන් පෙරහුරුවේ යෙදෙන අයුරු බැලීමට පැමිණි සිවිල් වැසියෝ ද වෙති. උතුරු සහ දකුණු වශයෙන් වෙන්වූ යේමනය තනි රාජ්‍යයක් බවට පත්වීම නිමිත්තෙන් පැවැත්වෙන හමුදා පෙළපාළිය සඳහා හමුදා සෙබළු එම පෙරහුරුවට සහභාගී වී සිටියහ. හමුදා පෙළපාළිය මෙවර පැවැත්වීමට නියමිතව ඇත්තේ 22 වැනි වරටය. යේමනයේ නව ජනපති ලෙස අබ්ද්‍රාබු මන්සූර් හාඞී ඉකුත් පෙබරවාරි මාසයේදී බලයට පත් වීමෙන් පසු යේමනයේ ආරක්ෂක අංශ ඉලක්ක කර ගනිමින් එල්ල වූ දරුණුතම බෝමබ ප‍්‍රහාරය ලෙස මෙය සැලකෙයි. ප‍්‍රහාරයේ වගකීම තවමත් කිසිවකු විසින් බාර ගනු ලැබ නැති නමුත් යේමන රජය පවසන්නේ එය එරට කි‍්‍රයාත්මක අල් කයිඩා සංවිධානයේ ම්ලේච්ඡ කි‍්‍රයාවක් බවය. යේමනයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන යේමන අල් කයිඩාවට එරෙහිව පසුගිය දින 10 පුරා යේමන හමුදා අබ්යාන් පළාතේ දැවැන්ත මෙහෙයුමක් කි‍්‍රයාත්මක කළේය. ඊට ඇමෙරිකා හමුදාවේ ද සහාය ලැබුණි. හමුදා සෙබළුන් ඉලක්ක කර ගනිමින් ඊයේ එල්ල වූ එම බෝම්බ ප‍්‍රහාරය, අබ්යාන් පළාතේ හමුදා මෙහෙයුම් වෙනුවෙන් පළි ගැනීමක් වශයෙන් සිදුකරන්න ඇතැයි යේමන රජය අනුමාන කරයි.
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
යේමනයේ හමුදා පෙරහුරුවකට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක්