ඇමරිකාවේ කෙන්ටකි ප‍්‍රාන්යේ කේටි මැක්ඩොනල්ඞ් සාත්තු සේවිකාවකි.ඇයගේ සැමියා වන රොබට් ප‍්‍රාන්තයේ පිහිටි කුඩා නගරයක් වන වෝල්ටන්හි නගර සභා මැතිවරණයට ඉදිරිපත්ව සිටි අපේක්ෂකයන් අතුරින් එක් අයෙක් විය. මැතිවරණ දිනට පෙර රාත‍්‍රියේ සිය රෑ වැඩ මුරය නිමවා නිවසට පැමිණි කේට් පසුදා පැවැත්වෙන මැතිවරණයේදී ඡන්දය දැමිමට යාමට තමන් උදෑසනම අවදිකරන ලෙස රොබට්ට පැවැසූයේ එසේ නොකළ හොත් ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා ලබාගන්නා ඡන්ද සම වනු ඇතැයි විහිළුවක්ද කරමින්ය. රොබට් හට ඡන්ද දිනයේදී කේටි නියමිත වේලාවට ඇහැරවීමට අමතක වූ අතර හෙතෙම පමණක් ගොස් ඡන්දය ප‍්‍රකාශ කර නිවසට පැමිණියේය. කේටීගේ ප‍්‍රකාශය සැබෑ කරමින් ඡන්ද ප‍්‍රතිඵල නිකුත් වූයේ රොබට් හා අනෙක් ප‍්‍රධාන අපේක්ෂකයා ඡන්ද 699 බැගින් ලබා ගනිමිනි. රොබට් පවසන්නේ සිදුවූ දේ ගැන තමන්ටත් වඩා දුක් වන්නේ කේටි බවය.තමන් නැවත ඡන්ද ගණන් කරන ලෙස ඉල්ලා ඇතැයිද එහිදීත් සම ඡන්ද ලැබුණහොත් කාසියක් උඩ දමා ජයග‍්‍රාහකයා තීරණය කැරෙනු ඇතැයිද හෙතෙම කියයි. කෝ.වි
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් සිය ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු දල්වාගෙන සිටින බැවින්, ජන
ඉන්දියාව සමඟ පළුදු වුණු සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, මාලදිවයින විදේශ අමාත්‍ය මූසා සමීර් නවදිල්ලි අගනුවරට පැමිණියේය. මෙය මාලදිවයින විදේශ අමාත්
බාල සොහොයුරු හැරී කුමරුන්ට, තම බිරිඳ කේට් මිඞ්ල්ටන් කුමරිය හමුවීමට කිසිදු ඉඩක් ලබා නොදෙන බව ඔටුන්න හිමි විලියම් කුමරු පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා
ඉන්දීය මහ මැතිවරණය අතරතුරේ, ඉන්දියාව අස්ථාවර කිරීමට ඇමෙරිකාව සූදානම් වෙනවා යැයි රුසියාව චෝදනා කරයි. රුසියාව, මෙසේ චෝදනා කළේ, ඉන්දියාවේ නවදිල්ලියේ ආගම
චීන සත්වෝද්‍යානයක, පැන්ඩන් වෙනුවට, පැන්ඩන් මෙන් සුදු සහ කළුවලින් වර්ණ ගැන්වූ ‘චොව් චොව්’ වර්ගයේ බල්ලන් දෙදෙනකු ප්‍රදර්ශනය කර තිබේ.
‘කොවිඩ් 19’ වයිරසයට එරෙහිව, බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රාසෙනකා ඖෂධ සමාගම, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන්ගේ ද සහාය ඇතිව, නිපදවූ ‘කොවිඩ් 19’ ප්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බිරියගේ ඡන්දය සැමියා අමාරුවේ දමයි
අජිත් Tuesday, 13 November 2012 03:14 PM
අවාසනාවට කාසිය අනිත්පැත්ත ගැහෙන්නත් බැරි නෑ (ස)