IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පොලීසියත් හොරෙන් යයි ?

අපරාධ කරුවන් අල්ලා ගැනීම සදහා පොලීසියට පාවිච්චි කළ හැකි  හඩක් නිකුත් නොවන බයිසිකලයක් නිපදවීමට නැගෙනහිර කැලිෆෝර්නියාවේ සීරෝ මෝටර් සයිකලස් නම් සමාගම සමත්ව ඇත.

මෙහි උපරිම වේගය පැයට කිලෝ මීටර 158 කි.

සීරෝ මෝටර් සයිකල්ස් මින් පෙර බයිසිකල් නිපදවා ඇත්තේ පෞද්ගලික පාවිච්චිය සඳහාය. ඔවුන් පොලිස් බළකාය සඳහා මෙවැනි බයිසිකලයක් නිපදවූ පළමු අවස්ථාව මෙයයි.

විදෙස් මාධ්‍ය පවසන්නේ ලොස් ඇන්ජලිස්හි පොලිස් දෙපාර්තමේන්තුව දැනටමත් මෙම විදුලි මොටර් සයිකල් තම නිලධාරින්ට ලබා දීමට කටයුතු යොදා ඇති බවයි.

සීරෝ මොටර් සියකල් සමාගමේ ප්‍රධාන තාක්ෂණික නිලධාරි පවසන්නේ මෙම සයිකල් වල ඇති හඩ නිකුත් නොවන නිශ්ශබ්ද බව හා රහස් බව යන විශේෂිත ලක්ෂණ හේතුවෙන් පොලීසිය හා හමුදා නිලධාරින්ට මෙම සයිකල් රාජකාරිය සඳහා ප්‍රයෝජනවත් වන බවයි.

bike 3

 



අදහස් (0)

පොලීසියත් හොරෙන් යයි ?

ද සිල්වා Saturday, 09 August 2014 09:09 PM

ලංකාවේ පොලිසිය නම් ඉන්නේ කොහොමත් ගස් , ගල් , තාප්ප අස්සේ හැංගිලා. අධිවේගයෙන් යන්න ප්‍රාඩෝ එකක් දැක්ක ගමන් නම් එළියට පැනලා සැලියුට් ගහනවා. ත්‍රීරෝද රියක්, යතුරුපැදියක් දැක්ක ගමන් එළියට පැනලා නවත්වාගෙන වැරදි හොයනවා (නි)

:       0       0

සෑම් Saturday, 09 August 2014 10:35 PM

මට පරණ සිද්ධියක් මතක් වුණා. ඉස්සර ලංකාවේ පොලිසියට තිබුණා ඉන්ටනැෂනල් ස්කවුට් පැට්‍රල් ජීප්. කහතුඩුව පොලිසියේ ජීප් එක අපේ ගෙවල් අසළ පාරේ තිබෙන කුඩා පල්ලමේ නිව්ටල් එකේ කිසිම සද්දයක් නැතුව යනකොට කසිප්පු බුලියක් (ඉස්සර කාලේ තිබුන ගැලුම් පහේ ඇසිඩ් බෝතල්) අරගෙන මිනිහෙක් එකපාරටම මහ පාරට ආවා. හා හා, නැඟපන් නැඟපන් කියන කටහඬ ඇහිලා තමා මාත් එළියට බැහැලා බැලුවේ. ඒ විදියට බැලුවහම මේවා අපේ රටේ මීට අවුරුදු පනහකට කලින් තිබුණ තාක්ෂණයක්. ඒක දැන් තමා ඇමරිකන්කාරයින්ට තියෙන්නේ. (නි)

:       0       0

චමින්ද Saturday, 09 August 2014 10:55 PM

බයිසිකලේ හඩක් නැඟුනා හෝ නැතිවුණා කියලා අපරාධකරුවන්ට ගානක් නැහැ.අනෙක් කාරණය ඇමරිකාව වගේ රටක මෝටර් වාහනයක් පසුපස හඹායාමට නම් මෙහි වේගය, කොහොමටත් මදි. ඕස්ට්‍රේලියාවේ මේ වගේ හොරකම් කළ මෝටර් සයිකලයක් පිටුපස හඹාගිය පොලිස් වාහනයක් අන්තිමට හඹායාම අත්හැරියා.මෝටර් සයිකලයේ වේගය පැයට කිමී.220 යි.මා මෙය, ඕස්ට්‍රේලියානු රූපවාහිනියෙන් දුටු ප්‍රවෘත්තියක්. (නි)

:       0       0

අමිළ Sunday, 10 August 2014 04:39 AM

ද සිල්වා 100% නිවරදියි (නදී)

:       0       0

මංජු Sunday, 10 August 2014 12:17 PM

පොලිසියේ අගය දැනගන්න පොලිසියට දවසක් නිවාඩු දුන්නොත් දැනේවි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 176 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 107 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 99 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 26 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 293 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 134 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site