ඉන්දියාවේ 51 හැවිරිදි කාන්තාවකගේ පිත්තාශයේ තිබී ගල් 11,950ක් ඉවත් කළ බව ඉන්දියාවේ මාධ්‍ය වාර්තා කරයි. මෙය මිනිස් සිරුරක් අභ්‍යන්තරයේ තිබූ වැඩිම ගල් තොගයේ ලෝක වාර්තාව විය හැකි බව ද විචාරකයන්ගේ මතයයි.
මිනාති මොන්ඩාල් නැමැති කාන්තාව ඉවසිය නොහැකි බඩේ කැක්කුම හා පපුවේ දැවිල්ල යන රෝග ලක්ෂණ හේතුවෙන් සති දෙකකට පෙර ඉන්දියාවේ නැගෙනහිර පිහිටි බටහිර බෙන්ගාලයේ කල්කටාහි පුද්ගලික රෝහලකට ඇතුලත් වූළුාය.
වෛද්‍යවරු මේ කාන්තාව අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයකට හා රසායනාගාර පරීක්ෂණ ගණනාවකට ලක් කිරිමේ දි පෙනී ගොස් ඇත්තේ ඇගේ පිත්තාශයේ ගල් සෑදී ඇති බවයි.
එම ගල් ඉවත් කිරිමට ශල්‍යකර්මයක් කළ අතර ඒ සදහා පැයක පමණ කාලයක් ගත වූ බව වෛද්‍යවරු කියති. ශල්‍ය කර්මයේ දි පිත්තාශයේ තිබී ගල් 11,950ක් ඉවත් කැර ඇත.
කොලෙස්ටරෝල් හා ලුණු එක් විමෙන් මෙලෙස පිත්තාශ ගල් සෑදෙයි. මේ ශල්‍යකර්මය කළ වෛද්‍ය මැකන් ලලා පවසන්නේ ස්කැන් පරීක්ෂණ සිදුකිරිමෙන් අනතුරුව තමන් සිතුවේ මේ කාන්තාවගේ පිත්තාශයේ ගල් 5000ක් පමණ තිබිය හැකි බවයි. නමුත් සියලු දෙනා පුදුමයට පත්කරමින් ඇගේ පිත්තාශයේ ගල් 12,000ට ආසන්න ප්‍රමාණයක් තිබූ බව ඔහු කියයි. ශල්‍යකර්මය කර ඇත්තේ ලැපරොස්කොපි ක්‍රමය භාවිතා කරමිනි.
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පිත්තාශයේ ගල්වලින් ලෝක වාර්තාවක්
ඉනෝකා Saturday, 28 November 2015 08:39 PM
මිනිස් සිරුරක ගල් කිහිපයක් හෝ විශාල ප්‍රමාණයේ ගලක් දෙකක් දැක තිබුනාට මෙතරම් විශාල ගල් ගොඩක්.....? මේ දොස්තර මහත්මයාට ස්තුතිවන්ත වියයුතුයි මේ කාන්තාවගේ ජීවිතය බේරුවාට. (නි)