IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘‘තලේබාන් ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරනවා‘‘

ඉදිරි දින කිහිපයේදී ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධානයේ ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අද (11) ප්‍රකාශ කළේය.

සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සහ පීඩාවට පත් වූ පිරිස සිහිපත් කරමින් පැවැති සැමරුම් උත්සවයට එක්වෙමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා ඒ බව පැවැසීය.

2001 සැප්තැම්බර් මස 11 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට සහ පෙන්ගටගනයට එල්ල වූ එම ත්‍රස්ත ප්‍රහාරයෙන් 3000කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. ගොඩනැගිලිවලට ගුවන් යානා කඩා වැටීමට සැලැස්වීමෙන් ප්‍රහාරය එල්ල කරන ලද්දේ අල්කයිඩා සංවිධානයයි.

තලේබාන් සංවිධානය සහ ඇමෙරිකානු බලධාරීන් අතර වසරකට ආසන්න කාලයක් මුළුල්ලේ සාකච්ඡා පැවැති අතර අවසන් වරට පැවැති සාකච්ඡා වටයෙන් අනතුරුව දෙපාර්ශවය අතර ගිවිසුමක් ඇති කරගැනීම සම්බන්ධයෙන් ද එකඟතාවක් ඇතිවිණි.

තලේබාන් සටන්කාමීන් සමඟ සාම සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් බවද ඇමෙරිකානු ජනාධිපතිවරයා මීට දින කිහිපයකට පෙර පැවැසීය.

එහෙත් තලේබාන් සංවිධානය එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් ඇමෙරිකානු සෙබළකු මියයාමත් සමඟ සාම සාකච්ඡා අවලංගු කිරීමට ඇමෙරිකානු ජනාධිපතිවරයා තීරණය කළේය.

තලේබාන් සංවිධානයට මීට පෙර කිසිදු අවස්ථාවක නොකළ ආකාරයේ දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සැමරුම් උත්සවය අමතමින් වැඩිදුරටත් පැවැසීය.

055

 



අදහස් (3)

‘‘තලේබාන් ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරනවා‘‘

රවින් Thursday, 12 September 2019 02:52 AM

අපි නම් මුල ඉඳලා දැනගෙන හිටියා ඔය සාකච්ඡා තියන කොට කපන්න බැරි අත සිඹින්න හදනවා කියලා. ඒකාධිපතිත්වයෙන් සාම සාකච්චා තිබීම කිසිඳු පල රහිත බව නොදැනද සාකච්ඡා තිබ්බේ? මේ ගොල්ලෝ ගිය ගිය තැන කරන්නේ ඒ ගොල්ලන්ගේ කොන්දේසිවලට පමණක් යටත්ව සෑම ගිවිසුමක්ම අනුමත වියයුතු යන මානසිකත්වයෙන් යුතුවයි. ඔය අපේ රටේත් වලිකන්නේ ඒ වැඩේම කරන්නයි.

:       0       8

nimal Thursday, 12 September 2019 04:25 AM

රුසියානු හමුදා විසින් අපූරුවට ත්‍රස්තවාදය මර්දනය කරලා තිබුණු රටක්. මදැයි අමෙරිකාව රුසියානු හමුදාවට විරුද්ධව ත්‍රස්තවාදීන් පුහුණු කරලා ඉල්ලගෙන කනවා.

:       0       48

ධම්ම Friday, 13 September 2019 03:26 AM

ගහලා බලන්න ට්‍රම්ප් මහත්තයා. ඉරාකයට, ලිබියාවට ගැහුවා වගේ ලේසිවෙන්නේ නැහැ. තලේබාන් යනු රජයක් හෝ වැටුපට වැඩකරන කුලී හමුදාවක් නොවේ. ඔවුන් සටන්කරන්නේ තමන්ගේ රට ආක්‍රමණිකයින්ගෙන් බේරාගන්නයි...

:       0       3

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 172 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 106 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 96 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 26 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 293 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 134 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site