IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ජපාන දේශපාලනඥයා හොරෙක්

රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කෙරෙමින් තිබූ පුවත්පත් සාකච්ඡාවකට සහභාගීව සිටි ජපාන දේශපාලඥයෙක් තමන් ජනතාවගේ මුදල් අයථා ලෙස පරිහරණය කර ඇතැයිද එයට සමාව ඉල්ලා සිටින්නේයැයිද පවසමින් මහ හඩින් හ~d වැටුණේය.

පුවත්පත් සාකච්ඡාව කැදවා තිබී ඇත්තේද එම දේශපාලඥයා අයථා ලෙස ජනතා මුදල් පරිහරණය කර ඇතැයි ජපාන පුවත්පතක පළවී තිබූ වාර්තාවක් මුල් කරගෙනය.

රියාවුටාරෝ නකමුරා නම් වන මේ දේශපාලඥයා වියහිදම් ලෙස ලබා දී තිබූ යෙන් ලක්ෂ 5 හැරෙන්නට තවත් යෙන් ලක්ෂ 30 ක මුදලක් අයථා ලෙස ලබාගෙන ඇතැයි එම වාර්තාවේ සදහන්ව තිබුණි.

එම මුදල් ඔහු වියදම් කර ඇත්තේ විවිධ විනෝදාස්වාද කටයුතු සදහා බවද එම පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් දැක්වුණි.

වාර්තාවේ සදහන් කරුණු වලට පිළිතුරු බැදීමට පුවත්පත් සාකච්ඡාව කැදවා තිබුණද රියාවුටාරෝ එහිදී හ~d වැටෙමින් පුවත්පත් වාර්තාවේ කරුණු සත්‍ය යැයිද තමන් වැරදිකරු යැයිද පිළිගත්තේය.

ජපාන ජනතාව නම් රියාවුටාරෝගේ හැසිරීම ගැන වැඩි මනාපයක් දක්වා නැත.ප්‍රසිද්ධියේ තමන්ගේ ආවේගයන් හෙළි කිරීම දුර්වලයෙකුගේ ලක්ෂණයක් ලෙස ඔවුන් සැළකීම ඊට හේතුවයි.



අදහස් (0)

ජපාන දේශපාලනඥයා හොරෙක්

දිලු Monday, 07 July 2014 09:30 AM

අපේ රටේ ඉදගෙන මේ රට නරකයි කියනව නෙමෙයි. නමුත් ජපානෙ වගෙ රටක ඒ වගේ ආචාරශීලි මිනිස්සු එක්ක ජීවත්වෙන්න ඇත්තටම පින් කරල තියෙන්න ඕනා. මං අවුරුදු දෙකක් හිටියා ඒ ටිකට මං අප්‍රමාණ දේවල් ඉගෙන ගත්තා. පුදුම සංවේදී සුහදශීලි මිනිස්සු කොටසක්. අනෙකාට ගරුකිරීම, වරදක් කිරීමට තියන බය වගෙ අපේ මිනිස්සුන්ට තව ශිෂ්ඨාචාර දෙක තුනකටවත් හැදෙන්න බැරි විදියට ඒ මිනිස්සු භෞතිකව හා අධ්‍යාත්මිකව දියුණු වෙලා. අපේ රටේ දේශපාලුවොයි ඒ අය පත්කර ගන්න මේ අපිම තමයි මේ රට විනාශ කරල තියෙන්නේ. ඒ මනුස්සය හොරෙක් උනත් අපේ අයට වඩා කොච්චර උසස්ද, නිහතමානිද. අප එයට ගරුකල යුතුයි. (නදී)

:       0       0

කමලා Saturday, 05 July 2014 01:17 PM

සුදෝ පොඩ්ඩක් හඩන්න හරිම ආසයි බලන්න. (නදී)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Monday, 07 July 2014 03:11 PM

ජපන් යෙන් ලක්ෂ 5ක් කියන්නේ සාමාන්‍ය පුද්ගලයකුගේ මාසික වැටුප. එතරම් සුළු මුදලක් වංචා කලාටද මෙයා ඇඩුවේ. එහෙම බලනකොට අපේ අයට අඬන්න වෙන්නේ පොළොවේ පස් කාගෙන. (නදී)

:       0       0

විජේබා Sunday, 06 July 2014 10:15 AM

මොහුගේ අවංක බාවය ගොඩාක් අගය කල යුතු දෙයක්. වැරදි හදා ගෙන හොඳ මිනිහෙක් වීමට ජපන් ජනතාව ඔහුට ආශිර්වාද කල යුතයි. එය හරියට බුදුන් අංගුලිමාලට පාර කියලා දුන්න වගේ වැඩක්. ඊට පළමු මොහු තවත් වැරදි වලට සම්බන්ධද? වැරදි වල බරපතල කම කොතෙක්ද? අනාගත විශ්වාසයක් තැබිය හැකිද? ආදී ගොඩාක් දේවල් සොයා බැලිය යුතුයි. (ස)

:       0       0

මංජුල අබු ඩාබි සිට Monday, 07 July 2014 03:27 PM

මහා පිස්සු මනුස්සයෙක් ඕවා හඬා වැටෙන්න ඕන ඒවාද?  බලන්න අපේ රටේ ජනතාව මහ හඩින් හඬා වැටෙන්නේ අපේ දේශපාලකයෝ හොරකම් නොකරන හින්දා (නදී)

:       0       0

නිශාන්ති Monday, 07 July 2014 10:31 AM

මේ වගේ අයව ඉවත් කරන්න ඕනේ. නැවත තියාගන්න හොඳ නැහැ (නදී)

:       0       0

ගාමිණී - සිරි Friday, 04 July 2014 10:43 PM

ජපන් ජාතිකයෝ තාක්ෂණය අතින් කොපමණ දියුණු වුවත් ලැජ්ජාවට හරිම බයයි. හොරකමක්, බොරුවක් උනත් හිතට එකඟව කරන්නේ නැහැ. පිරිමි,කාන්තා දෙපාර්ශවයම බොහොම සංවේදියි. පොඩි දෙයකටත් කඳුළු සලයි. ජපන් යෙන් ලක්ෂ 30 ක් කියන්නේ ජපන් මන් කොළ 300 ක්. ඉතා සුළු ගණනක් ජපන් ජාතියෙකුට. ගණන සුළු උනත් හිතට එකඟව වරද පිළිගෙන හඬා වැළපීමෙන් පෙනී යන්නේ ඔහු තුල ඇති සංවේදී භාවයයි. ඒකට අපේ ඈයෝ හොඳ සිංහලෙන් දෙකක් කියයි අකුලාගෙන දුවන්න (නදී)

:       0       0

නෙත් Tuesday, 08 July 2014 08:46 AM

අනේ! අපි වගේමයි (නි)

:       0       0

මරික්කාර් Wednesday, 09 July 2014 01:08 AM

අපිත් ඉතින් මෙහෙමනේ! (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 09 July 2014 01:08 AM

ලංකාවේ අයව ආභාෂයට අරගෙන වගෙයි. (නි)

:       0       0

අනුර Wednesday, 09 July 2014 01:09 AM

ජපන් මිනිසුන් අවංකයි (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 09 July 2014 01:09 AM

දිලූ, ලබන ආත්මයේ ලංකාවේ නූපදින්නට ප්‍රාර්ථනා කරන්න. (නි)

:       0       0

සිසිර Monday, 07 July 2014 04:16 PM

දිලූ,ජපානය එහෙම නම්, අපිට වැරදිලා තියෙන්නේ මොකක්ද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 05 July 2014 06:11 PM

ජපානේ වැරදි කරන දේශපාලකයෝ අඬනවා. අපේ රටේ වැරදි කරන දේශපාලකයෝ දිහා බලාගෙන අපි අඬනවා උන් අපිට හිනාවෙනවා. ඔන්න ජපානෙයි අපෙයි වෙනස (නදී)

:       0       0

මංජු Saturday, 05 July 2014 02:53 AM

ජපාන දේශපාලනඥයා වරද පිලි ගනී කියලා තමයි මෙතන දාන්න ඕනේ. අපේ කට්ටිය හොරකම් කරන කෙරිල්ලට මේවා මොනවද. කවදාවත් වරද පිලි ගන්නේ නැහැනේ (නදී)

:       0       0

සෑම් Saturday, 05 July 2014 03:34 AM

අපේ දේශපාලුවොත් මේ විදියට හැසිරුනොත් මුළු පාර්ලිමේන්තුවම එකම මල ගෙයක් වේවි. මොකද හැම එක්කෙනාටම අඩන්න වෙනවනේ. (නදී)

:       0       0

සමන්ති Saturday, 05 July 2014 07:38 PM

මෙහෙ දෙසපාලනඥයෙක් පසුගියදා ගුවන්විදුලි නාලිකාවකට ඇවිත් අසන්නන් අසන ප්‍රශ්න අහන්න දුන්නෙම නැහැ . නකමුරා මහතාට මෙහෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා (නදී)

:       0       0

ක්‍රිස් රත්නායක Saturday, 05 July 2014 08:05 AM

ජපානයේ දියුණුවේ රහස සහ ලංකාවේ දුප්පත්කමේ පදනම දුෂිත දේශපාලකයන්ට නීතිය ක්‍රියාත්මක වෙන ආකාරයයි! (නි)

:       0       0

නිශාන්ත Saturday, 05 July 2014 09:01 AM

එතුමා ලංකාවට ආවා නම් ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් වෙයි (නි)

:       0       0

ක්‍රිස්ටි Saturday, 05 July 2014 09:04 AM

අපේ රටේ වගේමයි නේද? (නි)

:       0       0

ශාන සෞදි Thursday, 10 July 2014 12:49 PM

අපේ රටේ එහෙම මේ වගේ දෙයක් වුණා නම්...? (නි)

:       0       0

සේන Saturday, 05 July 2014 10:45 AM

අපේ කට්ටිය දිහා බලනකොට මෙතුමා කොච්චර හොඳ කෙනෙක්ද. (නදී)

:       0       0

නලීන් Monday, 07 July 2014 07:02 AM

ජපානේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්න නැහැ (නදී)

:       0       0

එඩ්වර්ඩ් Sunday, 06 July 2014 04:54 PM

ඒ මිනිසුන් මොනතරම් අවංකද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 221 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 135 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 123 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 27 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 306 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 136 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1716 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site