IMG-LOGO

2024 මැයි මස 04 වන සෙනසුරාදා


“චිත්‍රපට බලන්න පෙර ජාතික ගීය අනිවාර්යයි“

ඉන්දියාවේ සියලුම සිනමාශාලා චිත්‍රපට දර්ශනයක් ආරම්භ කිරීමට පෙර ජාතික ගීය වාදනය කළ යුතු බවත් ජාතික ගීය වාදනය වන අවස්ථාවේදී ජාතික කොඩියත් ප්‍රදර්ශනය කළ යුතු බවත් ඊට ප්‍රේක්ෂකයන් නැගී සිට ආචාර කළ යුතු බවත් එරට ශ්‍රේෂ්ඨාධිකරණය   (30) නියෝග කළ බව වාර්තා වෙයි.. 

එම නියෝගය ක්‍රියාත්මක කිරීමෙන් ඉන්දියානුවන් තුළ දේශප්‍රේමීත්වයත් ජාත්‍යාලයත් ගොඩනැගෙනු ඇතැයි ද එම නියෝගය දෙමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධීකරණය ප්‍රකාශ කළේය. 

දීපක් මිශ්‍රා සහ අමිතාවා රෝයී යන විනිසුරුන්ගෙන් සමන්විත  ද්විත්ව විනිසුරු මඬුල්ලක් විසින් එම තීන්දුව දුන් අතර ජනතාව තම මාතෘභූමියට ආදරය ප්‍රකාශ කළ යුතු කාලය එළැඹ ඇතැයි ද ඔවුහු එහිදි කීහ. 

“ජනතාවට මේ මගේ රට යන හැඟීම ඇතිවිය යුතුයි. මෙය මගේ මාතෘභූමියයි. ඔබ සියල්ලටම කලින් ඉන්දියානුවෙක්. අනෙක් රටවල ඔබ සීමා කිරීම් හා නීතිවලට ගරුකළ යුතුයි. එහෙත් ඉන්දියාවේදී ඒ සඳහා නීති අවශ්‍ය වන්නේ නැහැ” යැයි විනිසුරු මිශ්‍රා පැවසීය. 

අංක 1951 ජාතික ගෞරවය අපහාස කිරීම වැළැක්වීමේ පනත යටතේ ජාතික ගීය වාදනය වන විට එය ගායනය කිරීම හෝ ඊට ගෞරව දැක්වීම හෝ සෑම පුරවැසියකුගේම වගකීම හා යුතුකම යැයි ද විනිසුරුවරයෝ කීහ. 

 



අදහස් (0)

“චිත්‍රපට බලන්න පෙර ජාතික ගීය අනිවාර්යයි“

චන්න බුවනක Wednesday, 30 November 2016 03:08 PM

අප කුඩා කල සිනමා ශාලාවකට ගියාම ඔය කියන දේවල් හැමදේම සිද්ධ වුණා (බ)

:       0       0

නුවන් Wednesday, 30 November 2016 03:37 PM

ලංකාවේ ජාතික ගීය භාෂා ගණනකින් කියල චිත්‍රපටිය පටන් ගන්නකොට එලි වෙලා තියේවි! (බ)

:       0       0

මිනිපෙ Wednesday, 30 November 2016 04:44 PM

ජාතික ගීයේ සහ චිත්‍රපටය අතර සම්බන්ධතාවය කුමක්ද? ආගම හා සංස්කෘතිය බලෙන් මහජනයාට ගිල්වන්න එපා. (නි)

:       0       0

සිරි Thursday, 01 December 2016 09:55 AM

ප්‍රාදේශීය වශයෙන් කොපමණ වෙනස්කම් නුරුස්සනකම් තිබුනත් ඉන්දියානුවන් අතර ජාතික හැගීම ඉතාම ඉහලයි. ක්‍රීඩා, සිනමාව, උත්සව ඒ ජාතික හැගීම ඔවුන් අතර තීව්‍ර කරනවා. අපේ අය අතර එහෙම එකක් නැහැ. (ර)

:       0       0

උපාලි Friday, 02 December 2016 04:15 PM

1980 පමණ වනතෙක්ම ආපේ රටේ සිනමා ශාලා වල ඔය හොඳ ආදර්ශය තිබුනා. ඉන්පස්සේ අපේ රටේ නායකයෙක් කිවුවනේ සාහිත්‍යය, සංස්කෘතිය කන්නද කියලා. ඉතින් ඊට පස්සේ රට විවෘත වුණා ඕනෑ දෙයකට. නරක හැමදේම පිටින් ආවා. අපි අපේ හොඳ දේවල් අකුලා ගත්තා. එකට අපි කිවුවා දියුණුව කියලා. (නි)

:       0       0

මනුර Friday, 02 December 2016 02:02 AM

ජාතියාලය ඇති කිරීමට ගත් සාර්ථක උත්සහයක්. (ර)

:       0       0

ඇසළ Thursday, 01 December 2016 01:08 PM

චිත්‍රපටිය පටන්ගන්න ඉස්සෙලා සිංහලෙන් කියල චිත්‍රපටිය අවසාන උනාම දෙමලෙන් කිවුව නම් හරි. නිදහස් දවසේ කලා වගේ. ලෝකෙම හිනස්සන වැඩ. (ර)

:       0       0

රුවන් Thursday, 01 December 2016 05:25 AM

මිනිපේ, නුඹ කරන හැමදේටම සම්බන්ධයක් තියනවද. ජාතියක අභිමානය කියන්නේ කොන්ද පණ ඇති බවට ළකුණක්. ජාතියක් ජන්මයක් අභිමනයක් නැති අයට කොන්දක් නැහැ (නි)

:       0       0

තුසිත Thursday, 01 December 2016 05:39 AM

ලංකාවෙත් මෙය නැවත කළයුතුය (නි)

:       0       0

ජගත් Thursday, 01 December 2016 05:57 AM

රට,ජාතිය,ආගම,සංස්කෘතිය ගැන හැඟීමක් නැති එකා නරුමයෙක්. (බ)

:       0       0

අකිල Thursday, 01 December 2016 05:57 AM

රුවන්, ජාතිය ආගම කියන සංකල්ප මිනිසුන්ට බලෙන් ගිල්ලවන්න යාම අවශ්‍ය වියයුතු නැහැ. ඉන් මිනිසුන්ට ඒවා එපාවිය හැකියි. ‍(නි)

:       0       0

දිල්ෂාන් Thursday, 01 December 2016 06:50 AM

අකිල,මිනිපෙ, ජාතිය ආගම කියන සංකල්ප මිනිසුන්ට බලෙන් ගිල්ලවන එක නොවෙයි මෙතන තියෙන්නේ. එහෙම කළාට කවුරුත් විරුද්ධ වෙන්නේ නැහැ. මේ තුළින් වක්‍රව ජනමතය වෙනස් කළහැකියි (නි)

:       0       0

එෂාන් Friday, 02 December 2016 05:18 AM

සෙනග එන්නෙම නැති සිංහල චිත්‍රපටිවලට මොන ජාතික ගීද ? (ර)

:       0       0

ලංකා Thursday, 01 December 2016 07:15 AM

අනුවණ නොගැළපෙන වැඩක්. ජාතික ගීයට අවමානයක් වෙන එක තමයි වෙන්නේ මේකෙන්. (නි)

:       0       0

බමුණු Friday, 02 December 2016 05:22 AM

ආගම හා සංස්කෘතිය බලෙන් මහජනයාට ගිල්වන්න එපා. (ර)

:       0       0

බටුගෙදර Thursday, 01 December 2016 07:46 AM

දැන් නිල් චිත්‍රපට වලටත් ජාතික ගීය ගයයි. නිකන් බාල්දුවෙන වැඩ මේවා. ඉන්දියාවේ අනාගතයේ තේ කඩේටත් ගෙනෙයි කන්නබොන්න කලින් හිටගෙන කියන්න කියන නීතිය (නි)

:       0       0

සේරම් Thursday, 01 December 2016 08:05 AM

ඉන්දියාවේ තවත් මෝඩ වැඩක් (නි)

:       0       0

නුවන් Wednesday, 30 November 2016 01:16 PM

ඉන්දියාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (බ)

:       0       0

මිනිපෙ Thursday, 01 December 2016 06:43 PM

රුවන්, ඔබ ජාතිය ගැන ආඩම්බර විය යුතු නැහැ. මේ ලොව හැම කෙනෙක්ම බිහිවී ඇත්තේ යම්කිසි ජාතියකට සම්බන්ධවයි. ජාතියකට ගරු කිරීමට නීතිරීති අවශ්‍ය නැ. ගරුකළ යුත්තේ මෙලොව අන් අයටයි. මා කරන හැම දෙයකටම සම්බන්ධයක් නැතුව ඇති. නමුත් එය මගේ පුද්ගලික ක්‍රියාවක්. මේ නීතිය සමුහ මහජනයාට බලකිරීමක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

එමිරේට්ස් රාජ්‍යයට යළිත් වරක් මහ වැසි:
2024 මැයි මස 03 1180 0

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට යළිත් වරක් මහ වැසි ඇදහැලීමට පටන්ගෙන ඇතැයි එරට මාධ්‍ය පවසයි. මහ වැසි හේතුවෙන් පාසල් වසා දැමීමට බලධාරීන් පියවරගෙන ඇත. රජ


යුක්රේනයට AI ප්‍රකාශිකාවක්
2024 මැයි මස 02 1859 0

යුක්රේනයේ යුද ගැටුම් සහ රජයේ කටයුතු සම්බන්ධයෙන් පැය 24 පුරා මාධ්‍ය දැනුවත් කිරීම් සඳහා යුක්රේනය AI හෙවත් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් ප්‍රකාශිකාවක් නිර්


චාලට් කුමරියට දැන් අවුරුදු 9 ක්
2024 මැයි මස 02 461 0

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු සහ කේට් මිඩ්ල්ටන් කුමරියගේ එකම දියණිය චාලට් එලිසබත් ඩයනා පුංචි කුමරිය අද නව වැනි උපන් දිනය සමරයි.


ඊශ්‍රායලය සමඟ ඇයිහොඳයිකම් අවසන්
2024 මැයි මස 02 3339 0

ගාසා තීරයේ පලස්තීනුවන්ට එරහෙිව සිදු කරන අපරාධ සම්බන්ධයෙන්, ඊට විරෝධය පළ කරමින්, ඊශ්‍රායලය සමඟ පවත්වන සියලු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අවසන් කරන බව කොලොම


හයිටියට රාජ්‍යයට නව අගමැතිවරයෙක්
2024 මැයි මස 02 82 0

ප්‍රචණ්ඩ ක්‍රියා පිරුණු අවනීතිය රජකරන හයිටි රාජ්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ෆ්‍රිට්ස් බෙලිසාරී පත් කර ගැනීමට එරට අන්තර්වාර පාලක මණ්ඩලය කටයුතු කළේ


කැලිෆෝනියා විශ්ව විද්‍යාල සිසුන්ටත් පොලිසියෙන් ප්‍රහාර
2024 මැයි මස 02 96 0

ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ විරෝධතා පවත්වමින් සිටි විශ්ව විද්‍යාල සිසුන්ට ද පොලිස් ප්‍රහාරයක් එල්ල විය. කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙ විරෝ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 474 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1919 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1692 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site