නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය නැවැත්වීම සඳහා ක්‍රියාත්මක කර තිබෙන නීතිරීති මෙන්ම විශේෂයෙන්ම ස්වයං-නිරෝධායන නීති කඩ කරන්නන්ට බ්‍රිතාන්‍ය පවුම් 10,000 (ඇමෙරිකානු ඩොලර් 13,000 - රුපියල් විසිහතර ලක්ෂයකට ආසන්න මුදලක්) දඩයක් පැනවීමට එංගලන්ත බලධාරීන් තීරණය කර ඇත.
එංගලන්තය තුළ නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලක් ඇති වීමේ අවදානමක් හටගෙන තිබෙන අතර එම නිසා නව සහ දැඩි රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට එරට බලධාරීන් තීරණය කර ඇත.
මෙම නව රෙගුලාසි සැප්තැම්බර් 28 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත ය. නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි හඳුනාගත් තැනැත්තන් සහ ඔවුන් ඇසුරු කරන ලද සමීපතම පුද්ගලයන් ඔවුන්ගේ ආශ්‍රිතයන් ආදී පුද්ගලයන්ට මෙම නව නීති ක්‍රියාත්මක වේ.
“මේ නීති රෙගුලාසි නොසලකා හරින අයට සැලකිය යුතු දඩයක් ගෙවන්න වේවි” යැයි අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් නිවේදනයක් නිකුත් කරමින් සෙනසුරාදා සඳහන් කළේය.
ස්වයං-නිරෝධායනය ඇතුළු ‘කොවිඩ්-19’ වයිරස වසංගතය පැතිර යෑම වැළැක්වීම සඳහා පනවා තිබෙන පළමු මට්ටමේ නීතියක් හෝ රෙගුලාසියක් කඩ කළහොත් එසේ කරන පුද්ගලයන්ට පවුම් 1,000 (ඇමෙරිකානු ඩොලර් 1,300) දඩයක් නියම වේ. එකම වරද දිගින් දිගටම හෝ ඊට පසුත් නීති රෙගුලාසි කඩ කරන්නේ නම් හෝ සහ ඒවායේ බරපතළකම අනුව ගෙවීමට සිදුවන දඩ මුදල්වල වටිනාකම පවුම් 10,000 දක්වා ඉහළ යයි.
එමෙන්ම සිය රාජකාරීවලට නොගොස් ස්වයං-නිරෝධායනයට යොමුවන සේවකයන්, සේවයෙන් නෙරපන බවට තර්ජනය කරන සේවා යෝජකයන් හා හාම්පුතුන්ට ද එසේ දඩ ගෙවීම්වලට යටත් වේ.
ස්වයං-නිරෝධායනයට යොමුවීම හේතුවෙන් ආදායම් අහිමි වන අඩු ආදායම්ලාභීන්ට අනෙකුත් ප්‍රතිලාභවලට අමතරව පවුම් 500 (ඇමෙරිකානු ඩොලර් 650) ක සහාය දීමනාවක් ද හිමිවන අතර ඔවුන්ට අසනීප ගෙවීමක් ද ලැබෙනු ඇත.
“මූල්‍ය තත්ත්වය, ආදායම් සැලකිල්ලට ගත්තාම බොහෝ පිරිසකට මේ නීතිරීති පිළිපදින්න අමාරුයි. ස්වයං-නිරෝධායනය වෙන්න ඔවුන්ට මූල්‍යම හැකියාවක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ” යැයි අග්‍රාමාත්‍ය ජොන්සන් කීය.
දැනට පවතින නීතිරීති හා රෙගුලාසිවලට අනුව ‘කොවිඩ්-19’ රෝග ලක්ෂණ පෙන්නුම් කරන සහ වයිරසය ආසාදනය වී ඇතැයි හඳුනාගත් ගත පිරිස්වලට දින 10ක් ස්වයං-නිරෝධායනයට යොමු වන්නැයි උපදෙස් දී තිබේ. රෝග ලක්ෂණ ඇති සහ හෝ මෙන්ම වයිරසය ආසාදනය වූ පුද්ගලයන් සමඟ ජීවත් වන අය දින 14ක් නිරෝධායනය විය යුතු ය.
ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ 42,000කට වැඩි පිරිසකට ජීවිත අහිමි වී තිබේ. එම ගණන යුරෝපයේ රටකින් වාර්තා වන වැඩිම නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන ද වේ.
ගිම්හාන සමයෙන් පසු වයිරස ආසාදිතයන් වාර්තා වීමේ වැඩි වීමක් ඇතැයි ද එබැවින් නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලක් ඇතිවීමේ අවදානමක් ඇතැයි ද අගමැති ජොන්සන් සිකුරාදා අනතුරු ඇඟවීය.
රොයිටර්
055
නැව් මගින්, ඊශ්‍රායලයට යැවීමට සැලැසුම් කර තිබුණු බෝම්බ තොගයක්, තාවකාලිකව ඊශ්‍රායලයට යැවීම නැවැත්වීමට ඇමෙරිකා රජය තීරණය කර තිබේ. ඒ, ඇමෙරිකාවේ විරෝධය මැ
පසුගිය මාර්තු මාසයේ පැවැති රුසියන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් විශිෂ්ට ජයක් හිමි කරගත් ව්ලැදිමීර් පුටින් අද (7) දිවුරුම් දෙයි.
ප්‍රංශයේ පැරිස් අගනුවරට පැමිණ සිටින, චීන ජනාධිපති ෂී ජින්පින් සහ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, ප්‍රංශ ජනාධිපතිවරයාගේ
අදියර හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ තෙවැනි අදියර අද (7) උදෑසන ආරම්භ වූ අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද උදෑසනින් ම සිය ගම් පළාත වන ගුජරා
ආරක්ෂක අංශ සාමාජිකයන් කලබලයට පත් කරමින්, ඇමෙරිකන් ජනාධිපති මන්දිරය හෙවත් ධවල මන්දිරයේ ගේට්ටුවට මෝටර් රථයක් කඩා වැදුණි.
බ්‍රිතාන්‍ය නගරසභා මැතිවරණය පසුගිය සති අන්තයේ පැවැත්වුණු අතර, එරට අග්‍රාමාත්‍ය රිෂී සුනාක්ගේ ‘කොන්සවර්ටිව්’ පාලක පක්ෂය පරාජයට පත් විය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘කොවිඩ්-19’නීති කඩ කළොත් දඩය පවුම් 10,000 යි