IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කයිරෝ විරෝධතාකරුවන්ට වෙඩි ප‍්‍රහාරයක්: 5 කට තුවාල

ඊජිප්තු ජනපති මොහොමඞ් මොර්සිට එරෙහි එරට කයිරෝ අගනුවර තරීර් චතුරස‍්‍රයේ ඊයේ (11) පැවැති දැවැන්ත විරෝධතා රැලියකට නානඳුනන තුවක්කුකරුවන් පිරිසකගෙන් වෙඩි ප‍්‍රහාරයක් එල්ල වූ අතර ඉන් විරෝධතාකරුවෝ පස් දෙනෙක් තුවාල ලැබූහ. ජනපති මොර්සිට එරෙහිව මේ අයුරින් විරෝධතා ආරම්භ වූයේ ඔහු සහ ඔහුගේ නව රජය  අධිකරණය අභිබවා තීරණ ගැනීමේ හැකියාව ලබාදෙන විශේෂ බලතල පවරා ගැනීමට උත්සහ ගැනීම හේතුවෙනි. බලතල පවරා ගැනීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාවක් ද කෙටුම්පත් කර ඇති අතර එය සම්මත කර ගැනීමට මොර්සිගේ රජය බලාපොරොත්තු වෙයි. බලතල පවරා ගැනීම සම්බන්ධයෙන් ලබන 15 වැනිදා ජනමත විමසුමක් ද පැවැත්වීමට නියමිතය. විරෝධතා පවත්වන්නේ විපක්ෂ දේශපාලන කි‍්‍රයාකාරීන්ය. ජනාධිපති මොර්සිගේ මුස්ලිම් සහෝදරත්වය පක්ෂ ආධාරකරුවන් සහ ඔවුන් අතර අවස්ථා කිහිපයකදී දරුණු ගැටුම් පැවැතිණි. ඊයේ පැවැත්වුණු විරෝධතාවයට වෙඩි තැබුවේ ද මොර්සිගේ මුස්ලිම් සහෝදරත්වය පක්ෂයේ ආධාරකරුවන් යැයි පොලිසිය අනුමාන කරයි. කෙසේ නමුත් ජනතා විරෝධය මැද තමා වෙත වැඩි බලතල පවරා ගැනීමට ගත් තීන්දුව අත්හිටුවීමට ජනපති මොහොමඞ් මොර්සි පසුගියදා තීරණය කළ ද විරෝධතාවල අඩුවක් දකින්න නොලැබෙයි. ජනපති මොර්සි හමුදාවට බලය පවරා දෙමින් පවසා ඇත්තේ පොලිසිය සමඟ එක්ව කටයුතු කරමින් විරෝධතා මර්දනය කරන ලෙසටය.



අදහස් (0)

කයිරෝ විරෝධතාකරුවන්ට වෙඩි ප‍්‍රහාරයක්: 5 කට තුවාල

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 176 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 107 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 99 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 26 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 293 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 134 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site