IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කුඩු කාරයා දෙවැනි වරටත් එල්ලයි

මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය කිරීමේ වරදට මරණය දණ්ඩනය නියම වු පුද්ගලයෙකු වරක් නොව දෙවරක්ම එල්ලා මරා දැමිමට නියෝග නිකුත් කිරීමට අධිකරණයට සිදුව ඇති අවස්ථාවක් ඉරානයෙන් වාර්තා වේ.

මේ පුද්ගලයාට ලැබුණු දඩුවම වූයේ එල්ලා මරා දැමිමය.

දඩුවම් ප‍්‍රකාරව එල්ලා දැමුණු ඔහුට රෝහලේ මෘතශරීරාගාරයේදී යළිත් ‘‘පණ‘‘ ලැබීම නිසා දැන් ඔහු සිටින්නේ සුවය ලැබීමට ප‍්‍රතිකාර ලබමින්ය.වෛද්‍යවරුන් පවසන්නේ ඔහු හොද සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.

එල්ලා දැමුණද පණ රැකී තිබීමට හේතුව තොණ්ඩුව ගෙල වටා හරි හැටි වැටී නොතිබීම විය හැකි යැයි වෛද්‍යවරුන්ගේ මතයයි.

යළිත් ‘‘පණ‘‘ ලැබූ මෙම පුද්ගලයා ගැන දැනගත් අධිකරණය දැන් බලා සිටින්නේ මොහු සුවය ලබන තෙක්ය.ඒ නැවත එල්ලා මරා දැමිමේ දඩුවම කි‍්‍රයාත්මක කිරීමටය.

ඉරාන අධිකරණයේ මෙම තීරණය  ලොව මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයන්ගේ දෝෂ දර්ශනයට ලක්වී තිබේ.

ඒම සංවිධානයන්හි අදහස වන්නේ වරක් මරණය අද්දරටම ගොස් යළි පැමිණී පුද්ගලයෙකුට නැවත වරක් එම දණ්ඩනය ලබා දීම මානුෂිය නොවන බවයි.

නමුත් ඉරාන අධිකරණය තම නියෝගය සම්බන්ධයෙන් සෘජු ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන සෙයක් පෙනේ.

කළ වරදට දඩුවම ලැබීමට අදාළ පුද්ගලයා සුදුස්සෙකු වන හෙයින් යළි ‘‘පණ‘‘ ලබා පැමිණියද එහි වෙනසක් ඇති නොවන බව අධිකරණයේ අදහසයි.



අදහස් (0)

කුඩු කාරයා දෙවැනි වරටත් එල්ලයි

සිරි Sunday, 20 October 2013 02:09 PM

ලංකාවෙ මරණීය දඬුවම නැවත ක්‍රියාත්මක වනු දැකීම නීතියට ගරුකරණ සාමකාමී මිනිසුන්ගෙ සිහිනයක් පමණයි. මෙතෙක් බලයට පැමිණි රජයන් ගණනාවක් මහ ලොකුවට අඬබෙර ගැහුවට කෝ ක්‍රියාත්මක කළාද? අසවල් තුමීගෙ කාලෙත් කොළ නැති ගහට පිට රටින් අළුත් කඹ ගෙනාවා කියලා පත්තරවල නම් තිබුනා. ඒත් ඒවා හරක් බඳින්න ගත්තද ළි‍‍දේ බාල්දියට ගැට ගැහුවද කියල දෙයියො තමයි දන්නෙ. ඉස්සරහටත් ඕය ටික ඔහොමම තමයි ක්‍රියාත්මක වෙන්නෙ නෑ මොකද එහෙම වුනොත් පාර්ලිමේන්තුවෙ වැඩි හරියත් එල්ලලා තනියම රට කරන්න රාජ්‍ය නායකයට සිද්ධවෙනවා ඔහොම යං..." කථාව දෝලාවෙන් ගමන පයින්"(නදී)

:       0       0

බමුණු Friday, 18 October 2013 12:04 PM

"කළ වරදට දඩුවම ලැබීමට අදාළ පුද්ගලයා සුදුස්සෙකු වන හෙයින් යළි පණ ලබා පැමිණියද එහි වෙනසක් ඇති නොවන බව අධිකරණයේ අදහසයි." මමත් එම අදහසට එකඟයි. කුඩුකාරයින්ට සමාවක් නැත. (නි)

:       0       0

බමුණු Friday, 18 October 2013 12:05 PM

මැරෙනතුරු මැරීමක්... (නි)

:       0       0

කුමාරන Friday, 18 October 2013 12:56 PM

පේනවා නේද? ඔය වගේ නීති අපේ රටෙත් හදන්නයි සමහර කට්ටිය සැළසුම් කරන්නේ.ඉතින් දෙයියනේ ඔහොම බලනකොට කෑම නැතිවුණත් මට මගේ රට සුරලොවක්. (නි)

:       0       0

දොඩන්ගොඩ Friday, 18 October 2013 12:58 PM

ලංකාවෙත් මත් කුඩු තුරන් කරන්නට නම්, මරණිය දණ්ඩනය නියම කර එය ක්‍රියාත්මක කළ යුතුය.උදාහරණයකට සිංගප්පුරුව ගන්න. එහි මත් කුඩු වලට කිසිම ඉඩක් නැහැ. (නි)

:       0       0

සත්‍යපාල Friday, 18 October 2013 01:34 PM

කුමාරන කියන්නේ ඕනෑම දරුණු අපරාධයක් කරලා බේරිලා ඉන්න පුළුවන් නිසා "මට මගේ රට සුරලොවක්" කියල.ඔන්න මිනිස්සුන් හිතන විදිහ.අපිනම් හිතන්නේ අපරාධ අඩු කිරීම සදහා නීතියක් ක්‍රියාත්මකවීම නිසා අහිංසක මිනිස්සුන්ට සතුටින් බිය සැකයෙන් තොරව ඉන්න ලැබෙන තැන සුර පුරයක් කියල.අබුද්දස්ස කාලේ ලබුත් තිත්ත වෙලා. (දිල්)

:       0       0

රිස්වාන් ඩුබායි Friday, 18 October 2013 01:38 PM

අනේ මේ වගේ කුමාරණ වගේ කට්ටිය ඉන්නකම් ලංකාව කවදාවත් දියුණුවෙන්නේ නැහැ.(දිල්)

:       0       0

රූපවති Friday, 18 October 2013 01:44 PM

අපේත් ලංකාවේ දේශපාලකයෝ ..දහා පාරක් එල්ලුවත් මරන්න බැරි කුඩු සීයල හැමතැනම ඉන්නේ ...?ඒ තරමටම පන හයියයි ...? (අ)

:       0       0

මර්වින් Friday, 18 October 2013 01:45 PM

මට අපි පොඩි කලේ අහපු කතාවක් මතක් වෙනවා,ඔයාලත් අහල තියනවද කියන්න? අනේ මව මරලත් මරන්න කියල? (අ)

:       0       0

කුමාරි Friday, 18 October 2013 02:52 PM

මම නම් හිතන්නේ මොහුට නැවත මරණීය දණ්ඩනය නොදී හිටියොත් හොදයි. මොකද නැවත මොහු ඒ වරද කරන්නේ නැතිවෙයි (නි)

:       0       0

යසර් Friday, 18 October 2013 05:01 PM

එතකොට ලංකාවට කුඩු ගේන අය මරන්න වෙනවනේ? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 173 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 107 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 97 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 26 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 293 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 134 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site