IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


එක්වදෝර් තානාපති කාර්යාලයට කඩාවැදී ඇසෙන්ජ් අල්ලා ගන්න බි‍්‍රතාන්‍ය රජය සැරැසේ

ලන්ඩන් නුවර එක්වදෝර් තානාපති කාර්යාලයට කඩා වැදී එහි සැඟවී සිටින විකිලීක්ස් වෙබ් අඩවි නිර්මාතෘ ජුලියන් ඇසෙන්ජ් අත්අඩංගුවට ගැනීමට තමන් සූදානම් යැයි බි‍්‍රතාන්‍ය රජය පවසයි. විකිලීක්ස් වෙබ් අඩවිය හරහා ඇමෙරිකාවේ රාජ්‍ය සහ යුද රහස් ලොවට හෙළි කරමින්, ඇමෙරිකාවේ උදහසට ලක්ව සිිටින  ඕස්ටේ‍්‍රලියා ජාතික ජුලියන් ඇසෙන්ජ් එක්වදෝරයේ දේශපාලන රැුකවරණ ඉල්ලමින් ලන්ඩන් නුවර එක්වදෝර් තානාපති කාර්යාලයට ගොස් සැඟවුණේ මීට මාසයකට පමණ පෙරදීය. ඒ, ස්තී‍්‍ර අපහරණ චෝදනාවලට ලක් වී සිටින ඇසෙන්ජ් බි‍්‍රතාන්‍යයෙන් ස්වීඩනයට බාර දිය යුතු යැයි බි‍්‍රතාන්‍ය අධිකරණයක් තීන්දු කළ අවස්ථාවේදීය. එල්ල වී ඇති එම චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කරන ඇසෙන්ජ් පවසන්නේ තමා ස්වීඩනයට පිටුවහල් කළහොත් ඇමෙරිකා රජය තමා ඇමෙරිකාවට ගෙන්වා ගනු ඇති බවය. බි‍්‍රතාන්‍යයේ සිටිද්දී ඇසෙන්ජ් ඇමෙරිකාවට ගෙන්වා ගැනීමට ඇමෙරිකා රජයට හැකියාවක් නොමැත. තම තානාපති කාර්යාලයට කඩා වදින බවට බි‍්‍රතාන්‍ය රජය කරන තර්ජව හේතුවෙන් මේ වනවිට එක්වදෝරවත් බි‍්‍රතාන්‍යයත් අතර දේශපාලන අර්බුදයක් නිර්මාණය වී ඇත. ඇසෙන්ජ්ට තම රටේ දේශපාලන රැකවරණ දීමට එක්වදෝර රජය මෙතෙක් කැමැත්ත පළ කර නැත. ජුලියන් ඇසෙන්ජ්



අදහස් (0)

එක්වදෝර් තානාපති කාර්යාලයට කඩාවැදී ඇසෙන්ජ් අල්ලා ගන්න බි‍්‍රතාන්‍ය රජය සැරැසේ

රාජා Sunday, 19 August 2012 04:00 PM

එංගලන්තේ එහෙම කෙරුවොත් මොකුත් කඩ වෙන්නේ නැද්ද ? ඔය ජාත්‍යන්තර ගිවිසුම් වගේ දේවල්. අපි එහෙම දෙයක් කරනවයි කිවුවා නම් කොහොමට හිටියිද ? (නි)

:       0       0

නිරෝෂි Monday, 20 August 2012 03:53 PM

අසාධාරණ ලෝකයක්. (නි)

:       0       0

සහන් Sunday, 19 August 2012 09:56 AM

ඕස්ටේ‍්‍රලියා ජාතික ජුලියන් ඇසෙන්ජ් බේරා ගැනීමට ඕස්ටේ‍්‍රලියා රජයට උන්නදුවක් නැති පාටකුයි මට නම් පේන්නේ. (නි)

:       0       0

මහේන් Saturday, 18 August 2012 05:20 PM

කතාකිරීමේ ඇති නිදහස..!! (නු)

:       0       0

බණ්ඩාර Friday, 17 August 2012 02:28 PM

අයියෝ ලංකාවට එන්නකෝ. අපි බලා ගන්නම් ඔක්කොම. හැබැයි ලංකාවේ අපචාර වලට නම් දැඩිම දඩුවම් දෙනවා හොදේ. (නි)

:       0       0

මධු Friday, 17 August 2012 02:41 PM

අපේ ගෙදර එන්නකෝ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 172 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 107 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 97 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 26 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 293 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 134 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site