IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඇමෙරිකන් හමුදා ප‍්‍රහාරයෙන් පාකිස්තාන සෙබළු 26 ක් මරුට

පාකිස්තාන/ඇෆ්ගන් දේශසීමාවේ පිහිටි පාකිස්තාන හමුදා මුරපොළ දෙකකට ඇමෙරිකා හමුදාව නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් පෙරේදා (26) එල්ල කළ මිසයිල ප‍්‍රහාර දෙකකින් පාකිස්තාන හමුදා සෙබළු 26 දෙනකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ ඇමෙරිකාවත් පාකිස්තානයත් අතර ඇයිහොඳයිකම් යළිත් වරක්  පළුඳු විය. එම ඇමෙරිකා හමුදා ප‍්‍රහාරයට විරෝධය පළ කරමින් පාකිස්තාන/ඇෆ්ගන් දේශසීමාව හරහා ඇෆ්ගනිස්තානයේ හමුදා මෙහෙයුම්වල නියැලී සිටින ඇමෙරිකා සහ නේටෝ හමුදාවලට භාණ්ඩ සපයන සැපැයුම් මාර්ග වසා දැමීමටද පාකිස්තාන රජය තීරණය කළේය. ඊට අමතරව පාකිස්තානයට අයත් බලූකිස්තාන ප‍්‍රදේශයේ ඇමෙරිකා හමුදාවට අයත් ෂම්සි ගුවන් කඳවුර වහාම ඉවත් කර ගන්නා ලෙසත් ඒ සඳහා ඇමෙරිකා රජයට දින 15 ක් දෙන බවත් පාකිස්තාන අගමැති යූසොෆ් රාසා ගිලානි නිවේදනය කර ඇත. ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම්වල නියැලෙන විදෙස් හමුදා සෙබළුන්ට අවශ්‍ය බඩුබාහිරාදිය පාකිස්තානයේ කරච්චි නුවර සිට සැපැයීම සිදු කරන්නේ ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාවේ ටෝක්හම් සහ චාමාන් යන මාර්ග හරහාය. වසර 10 කට ආසන්න කාලයක් තිස්සේ පවතින ඇෆ්ගන් යුද්ධයේදී ඇමෙරිකාවට පාකිස්තානයේ සහාය අවශ්‍යය. එහෙත් පාකිස්තාන රජයට නොදන්වා පාකිස්තානයේ ඇබොට්ටාබාද් නමැති නගරයේ සැඟවී සිටි අල් කයිඩා නායකයා ඝාතනය කිරීමට ඇමෙරිකාව පියවර ගැනීමත් සමඟ දෙරටේ ඇයිහොඳයිකම් පළුඳු විය. බිඳ වැටුණු එම සබඳතා තවමත් ශක්තිමත් වී නැති අතර පෙරේදා සිදුවීමත් සමඟ තත්ත්වය තවත් බැ?රුම් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ බිය පළ කරති. මේ අතර ඇමෙරිකාව විශේෂ ප‍්‍රකාශයක් කරමින් කියා ඇත්තේ පෙරේදා සිදුවූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන බවත් පාකිස්තාන රජය සමඟ සාකච්ඡාකර දෙරට අතර සබඳකම් යළිත් වරක් ශක්තිමත් කර ගැනීමට උත්සාහ ගන්නා බවත්ය. ඇමෙරිකන් ප‍්‍රහාරයට එරෙහිව විරෝධතා පවත්වන ඉස්ලාමාබාද් නුවර වැසියෝ



අදහස් (0)

ඇමෙරිකන් හමුදා ප‍්‍රහාරයෙන් පාකිස්තාන සෙබළු 26 ක් මරුට

දේශාන් ලහිරු Tuesday, 29 November 2011 03:03 PM

ඇමෙරිකාව බොහොම වැරදි විදියට ක්‍රියා කරනවා

:       0       0

සුජීව Monday, 28 November 2011 08:09 PM

ඔන්න බලන්න

:       0       0

ශාන්ත Monday, 28 November 2011 11:01 PM

ඉවක් බවක් නැති මෙවැනි ප්‍රහාර හෙළා දැකිය යුතුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 184 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 109 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 102 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 27 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 294 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 134 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site