IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අඟහරු ලොවේ ජීවියෙක්?

අඟහරු මත තිබෙන ඇමරිකා ගුවන් හා ගගන පර්යේෂණායතනයට (නාසා) ආයතනයට අයත් කියුරියෝසිටි රොබෝ රෝවරය අසළ පුද්ගලයෙකුගේ වැනි ඡායාවක් සටහන්ව තිබෙන ඡායාරූප කිහිපයක් විද්‍යාඥයින්ගේ මෙන්ම පිටසක්වල ජීවය ගැන උනන්දුවන්නන්ගේ අවධානය දිනාගෙන තිබේ.

කෙටි ඉත්තෑකුරු හා සම හිසකෙස් ඇති පුද්ගලයෙකු රොබෝ රෝවරයට හේත්තුවීගෙන එයට කුමක් හෝ උපකරණයක් සවිකරන කටයුත්තක නියැළෙන අයුරු පෙනෙනා ඡායාවක් මෙම ඡායාරූපයන්ගේ සටහන්ව තිබේ.

රොබෝ රෝවරෙයේම කොටසක් මෙසේ මිනිසෙකු මෙන් පෙනෙතැයි නාසා විද්‍යාඥයින් පැවසුවද පිටසක්වල ජීවය ඇතැයි විශ්වාස කරන්නවුන්ට මෙන්ම ඇතැම් විද්‍යාඥයින්ටත් මෙය එවැන්නක් නොවේ.

ඔවුන්ගෙන් ඇතැමෙක් මේ නම් සැබෑවටම පිටසක්වල ජීවියෙක්යැයි පවසා සිටින අතර අනෙක් කොටස නාසා ආයතනයට චෝදනා කරන්නේ අගහරු මතට යවා ඇතැයි කීවද කියුරියෝසිටි රෝවරය පෘථිවිය මතම තිබෙන බවක් පෙනෙන්නට ඇතැයි කියමිනි.

2012 වසරේදී අඟහරු මතට ගොඩබැසි කියුරියෝසිටි රොබෝ රෝවරයේ රාජකාරිය වන්නේ අතීතයේ කවර හෝ කාලයක අඟහරු මත ජීවය පැවත ඇත්දැයි සොයාබැලීමය. නාසා ආරංචි මාර්ග වලට අනුව පසුගිය දෙසැම්බරයේ රොබෝ රෝවරයට අඟහරු මත මීතෙන් වායුව තිබුණු බවට සාක්ෂි හමුව තිබෙන අතර මීතේන් යනු ජීවීන්ගේ ජීර්ණ කි‍්‍රයාවලින් නිසා නිපදවෙන වායුවකි. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු මේ දිනවල සිදුවන බව නාසා ආයතනය කියයි.

247A500100000578-2900445-Last_month_scientists_in_California_revealed_evidence_that_sugge-a-36_1420637646912 2508586300000578-2925341-One_of_the_new_pictures_released_by_Nasa_of_the_Mars_Curiosity_R-a-12_1422178045137



අදහස් (0)

අඟහරු ලොවේ ජීවියෙක්?

මනෝජ් Wednesday, 28 January 2015 04:32 AM

මට නම් කිසිම අමුතු දෙයක් පෙනෙන්න නැහැ. නිකන් රොබෝගේ හෙවණැල්ලක් විතරයි තියෙන්නේ. අපේ සෞරග්‍රහ මණ්ඩලයේම ජීවය තියෙන්නේ පෘතුවියේ විතරයි. (නි)

:       0       1

පිටබැද්දර ජයා Tuesday, 27 January 2015 08:08 AM

හැබැයි එක දෙයක්. ඕවාට නාස්ති කරන මුදල අප්‍රිකාවේ දුගී දුප්පත්කම නැති කරන්න යෙදෙවුවා නම් මොනතරම් පිනක්ද? (නි)

:       1       0

ප්‍රදීප් කඩුවෙල Tuesday, 27 January 2015 04:27 PM

රසිකාගේ අදහස මමත් අනුමත කරනවා. (දිල්)

:       0       0

නුවන් Wednesday, 28 January 2015 05:04 AM

මට තිබෙන එකම ප්‍රශ්නය මේ රොබෝගෙ කැමරාවට ඇයි ඇත්ත ජීවියා අසුනොවුණේ? (නි)

:       0       0

සාගර Wednesday, 28 January 2015 05:12 AM

අපේ දේශපාලුවෙක් එහෙත් අකුණු සන්නායකය ගළවනවද කොහෙද? (නි)

:       0       0

ඉසුරු Tuesday, 29 September 2015 04:21 PM

සමහරවිට ඔය ග්‍රහලෝකේ ඉස්සර මිනිස්සු ඉන්න ඇති (නි)

:       0       0

චින්තක පෙරේරා Thursday, 29 January 2015 04:55 AM

මේක නම් විශ්වාස කරන්නත් බෑ (දිල්)

:       0       0

මාධව Tuesday, 27 January 2015 08:24 AM

තෙරක් නොපෙනෙන ලෝකයේ යම් තරමින් හෝ විද්‍යාව දියුණු වියයුතුය. විද්‍යාවේ දියුණුව යනු හුදෙක් මිත්‍යා මත, විශ්වාස පමණක් එල්බගෙන සිටින බොහෝ දෙනෙකුට අලුත් පිරිපුන් මනසකින් ලොව දෙස බැලීමට මඟපෑදීමය. (නි)

:       0       0

රණා Thursday, 29 January 2015 04:58 AM

අන්තිමට කොච්චර හෙව්වත් වැඩක් වෙන්නේ නැතිව බුදුහාමුදුරුවෝ දේශනා කළ දේ ඇත්ත කියා පිළිගන්නවා බුදුන් වහන්සේ මෙම ලෝකෙන් පිට ලෝකෙක අයට ධර්මය දේශනා කළ බව නම් තියෙනවා.(දිල්)

:       0       0

විකුම් Tuesday, 27 January 2015 08:28 AM

පිටබැද්දර ජයා, මුදල් නාස්තියක්ම කියන්න බැහැ. පර්යේෂණ කරන්නේ නැතුව අලුත් දේවල් හොයාගන්න බැහැනේ (නි)

:       0       0

සාරංග Tuesday, 27 January 2015 08:58 AM

මේකේ ඉන්න අය ලිඳ ඇතුලේ ඉන්න ගෙම්බෝ වගේ (නදී)

:       0       0

නයනි Wednesday, 28 January 2015 06:15 AM

සෙවණැල්ලත් කැමරාවට අසුවුණා නම් සෙවණැල්ල අයිතිඅය කැමරාවට අසුනොවී තියේද? (නි)

:       0       0

නාරද Wednesday, 28 January 2015 02:32 PM

හසන්, දැනට එස්ටිමේට් කරලා තියෙන විදිහට 1 බින්දු 21 ටම ග්‍රහලෝක මේ විශ්වයේ තියනවා කියල ගණනය කරලා තියනවා. එ්කෙන් .000001 ගත්තත් ග්‍රහලෝක 10000 ක් වගේ තියනවා කියල හිතන්ඩ පුළුවන්. ජයගන්ඩ බැරි බාදක තමයි කාලය සහ දුර.(නදී)

:       0       0

අතුල Tuesday, 27 January 2015 09:20 PM

පළමු ඡායාරූපය ගත් කැමරාවෙන්ම දෙවැන්නත් ගත්තා නම් පිටසක්වල ජීවියා අතටම අහුවෙනවා (නි)

:       0       0

උදාර Thursday, 29 January 2015 07:05 AM

පේන විදියට පිටසක්වල ජීවියෙක් නෑ.(හේ)

:       0       0

සමන්ත Thursday, 29 January 2015 07:06 AM

පෙනෙන විදිහට නම් සතෙක් වගේ හැබැයි අප්‍රිකාව වගේ වටපිටාවක් තියෙන්නේ.(හේ)

:       0       0

ජෙහාන් Tuesday, 27 January 2015 09:25 AM

බන්දුල පෙරේරා හෙවත් පිවිතුරු යහපාල ලියන ඒවා දකිනකොට අපිට නම් හිතෙන්නේ කොහොමටත් අඟහරු ලෝකයෙන් කඩා පාත්වූ මොළය හරියට වැඩුනේ නැති කෙනෙක් ලංකාවේ ජීවත්වෙනවා කියලා තමයි. (නි)

:       0       0

වාසනා Wednesday, 28 January 2015 07:12 AM

එහෙනම් අනෙක් ග්‍රහලෝකවල නැත්තේ ඇයි? (නි)

:       0       0

ෆසූල් Wednesday, 28 January 2015 07:19 AM

පෘතුවිය හැරෙන්න වෙන ජීවින් ඇති ග්‍රහලෝකයක් නැහැ කියලයි මම නම් කියන්නේ (නි)

:       0       0

ෂරීන් Wednesday, 28 January 2015 07:33 AM

මට නම් එහෙම දෙයක් පෙනෙන්නේ නැහැ (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 28 January 2015 08:10 AM

පංචිකාවත්තේ කට්ටිය නාසා එකටත් කලින්ම එහෙ ගිහිල්ල වගේ. (නදී)

:       0       0

මංගල Wednesday, 28 January 2015 01:34 AM

කෑලි ගලවනවා වගෙයි කවුරුහරි (නි)

:       0       0

රන්ජිත් Tuesday, 27 January 2015 10:37 AM

හසන් මල්ලි ඔබ රැවටෙන්නේ නැහැ කියමුකෝ. නමුත් එදා ඉඳලාම ඔබව රවට්ටලා තියෙන්නේ.ඔබට අලුතෙන් හිතන්න බැහැ.(දිල්)

:       0       0

නුවන් Wednesday, 28 January 2015 09:19 PM

රසිකා කියලා තියෙනවා විද්‍යාව හා තාක්ෂණය සියලුම ආගම් වල අවශ්‍යතාවය නැතිකරනවා කියලා. ඒ සිතුවිල්ල තරම් අවිද්‍යාවක් මේ මිහිපිට තවත් නැහැ. විද්‍යාවෙන් පෙර කියූ දෙය අද වෙනස් වෙනවා. අද කියූ දෙය හෙට වෙනස්වෙනවා. මේක දැන් ශත වර්ෂ ගණනාවක් එක දිගට වෙනස් වුණා. යමෙකුට කියන්න පුළුවන් ටික ටික සත්‍යයට ළංවෙනවා කියලා. නමුත් සත්‍ය වශයෙන්ම වන්නේ අතුරු පාරකට වැටී අපි සත්‍යයට කවදාවත් යළි නොපැමිණිය හැකි ලෙස එයින් අපගමනයවීමයි. (නි)

:       0       0

ජි.ඒ.පී.සී. Tuesday, 27 January 2015 11:38 AM

පලවෙනි ෆොටෝ එක අරගත්තේ මොන කැමරා එකින්ද? රෝවර් එකට සෙල්ෆි ගහනත් පුලුවන්ද? (ර)

:       0       0

හේවාවිතාරණ Thursday, 29 January 2015 01:12 PM

පඬුපුල් ආසනේ තව ටික කලකින් සොයා ගනී (නදී)

:       0       0

සම්පත් Thursday, 29 January 2015 02:01 PM

බුදු රජාණන්වහන්සේ දේශනා කළ දෙයින් නවීන විද්‍යාව සොයාගෙන තියෙන්නේ සියයට එකයි. අපි ජිවත් වෙන සුර්යා ප්‍රමුක ග්‍රහ ලෝක අපි හදුන්වන්නේ මන්දාකිනියක් ලෙස. එවෙනි මන්දාකිනි දහස් ගණනක් මේ විශ්වයේ තියෙනවා. එ් නිසා තවත් ජීවින් සහිත ග්‍රහ ලෝක මේ විශ්වයේ තියෙනවා (නදී)

:       0       0

බංඩාර Thursday, 29 January 2015 09:24 AM

මේ කතාව ඇත්ත නම් මුලින් ෆොටෝ එක ගත්ත එකට අහු උනේ නැත්තේ අැයි ? (නදී)

:       0       0

වජිර Thursday, 29 January 2015 02:32 PM

ඉවසන්න ඔය සෙවනැල්ලේ අයිතිකරුවා තව ටික දවසකින් සොයාගනී.(හේ)

:       0       0

හසාන් Tuesday, 27 January 2015 06:15 AM

අපි රැවටෙන්නේ නැහැ. මේ මිහිතලයේ හැර වෙනත් කිසිම තැනක ජීවීන් සිටින්න බැහැ (නි)

:       0       0

නිමල් Wednesday, 28 January 2015 10:34 AM

අප සම්මා සම්බුදු රජානන් වහන්සේ පැහැදිලිව දේශනා කරල තියනවා විශ්වයේ අනන්ත අපරිමාන ජීවීන් සිටින ග්‍රහ ලෝක තියනවා කියලා. හැබැයි එක සෞරග්‍රහ මන්ඩලයකට එක ගුහ ලෝකයක් පමනයි. ඒ් අනුව සෞරග්‍රහ මන්ඩලයේ ජීවීන් සිටින ග්‍රහ ලෝකයකට තියෙන්නේ මේ අපි ඉන්න පෘතුවිය පමනයි (නදී)

:       0       0

මාධව Tuesday, 27 January 2015 06:50 AM

හසාන්, ඔබ රැවටෙන නොරැවටෙන එක අතරේ නෙමෙයි ප්‍රශ්නය තියන්නේ.ඔබ අදහස් දක්වන්නේ මෙතෙක් පරම්පරාවෙන් පරම්පරාවට උගත් දේ හා විශ්වාසය මත පදනම්ව මිසක් ඉන් එහා කිසිවක් හිතලා නෙමෙයි. ඔබට විතරක් නෙමෙයි අපි කාටත් මේ විශ්වය ගැන සියල්ලම කියන්න බැහැ. නමුත් බුද්ධ දේශනාවට අනුව අනන්තයට සොයා ගියත් කෙළවරක් නැත. (නි)

:       0       0

නුවන් Tuesday, 27 January 2015 07:02 AM

අනේ අනේ හසාන්! (නි)

:       0       0

කුමාර් Tuesday, 27 January 2015 03:07 PM

කෙටි ඉත්තෑකූරු හා සම හිසකෙස් ඇති පුද්ගලයෙකු නම් ෂුවර් එකටම අර පරණ කාටුන්වල හිටිය "සිරිබිරිස්" වෙන්න ඕනෑ. (නි)

:       0       0

සමන් Tuesday, 27 January 2015 07:03 AM

හසාන්, ඔයාට වෙන මොකුත්ම හිතන්න මොළයක් නැද්ද? (නි)

:       0       0

කුමාර් Tuesday, 27 January 2015 03:10 PM

මාධව, කිලෝමීටර් ට්‍රිලියන ගණන් ගිය යානා වලටවත් මොකුත් හමුවෙලා නැහැ. (නි)

:       0       0

විකුම් Tuesday, 27 January 2015 07:30 AM

තේරුමක් නැති වැඩ මේවා. කොච්චර හෙව්වත් ඉතින් හොයලා ඉවර කරන්න බැහැනේ. නමුත් මෙයින් ලැබෙන තාක්ෂණික දියුණුව වගේ දේවල් මිනිසුන්ට වැදගත් වෙනවා. මට නම් හිතෙන්නේ දෙපැත්තක් තියෙනවා. හැමදේටම සීමාවක් තියෙන්න ඕනෑනේ (නි)

:       0       0

බණ්ඩාර කුවේට් Wednesday, 28 January 2015 03:59 AM

හසන්ගේ පැත්තෙන් හරිවුණාට,දැනට බොහෝ ග්‍රහයින් සොයාගෙන ඇතිබව සහ අනන්තයක් සොයා යාම නිෂ්ඵල ක්‍රියාවක් බව දෙසු' බුදු දහම' විදුඇසට සමාන්තරව බොහෝ ඉදිරියෙන් (නි)

:       0       0

දිල්හාර Thursday, 29 January 2015 10:08 AM

අපි නම් මේවා දන්නේ නෑ (දිල්)

:       0       0

රසිකා Tuesday, 27 January 2015 07:32 AM

විද්‍යාව හා තාක්ෂණය විසින් අනාගතයේ සියලුම ආකාරයේ ආගම් මිනිසුන්ට අනවශ්‍ය කරවනවා. ගෝත්‍රික යුගයේ ආගම් සහ මතවාද නිසා ලෝකයට අහිමිවූ දේ බොහෝය. (නි)

:       0       0

වසන්ත Wednesday, 28 January 2015 04:22 AM

මට නම් විශ්වාසයක් නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 172 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 106 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 96 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 26 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 293 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 134 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site