IMG-LOGO

රුසියාවේ කඩා වැටුණු ගොඩනැගිල්ලේ සිරවී සිටි බිළිඳකු බේරා ගනී

රුසියාවේ මැග්නිටෝගෝස්ක් නගරයේ ගෑස් පිපිරිමකින් කඩාවැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී සිටි මාස 10 ක් වයසැති බිළිඳකු බේරා ගැනීමට සමත් වී ඇතැයි රුසියානු මාධ්‍ය වාර්තා කරයි. 

එමෙන්ම ළමයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු බේරා ගැනීමට සමත් වී ඇති අතර ඉකුත් අඟහරුවාදා (1) පසු කිසිදු පුද්ගලයකු සොයාගෙන නොමැති බව මාධ්‍ය වාර්තා කර ඇත. 

මෙම සිදුවීම නව වසරේ ප්‍රාතිහාර්යක් බව රුසියානු බලධාරීහු පවසති.

මේ අතර සුන්බුන් වලට යටවී මිය පුද්ගලයන් 39 දෙනෙකුගේ සිරුරු සොයා ගෙන ඇති අතර සොයා ගත් සිරුරු 39 න් 38 ක් හඳුනාගෙන තිබේ.

දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා 900 කට ආසන්න පිරිසක් සහභාගී වු අතර උෂ්ණත්වය සෙල්සියස් අංශ 27 කට අඩුවීම මෙහෙයුම් වලට බාධා විය.

සෝවියට් යුගයට අයත් මෙම නිවාස සංකීර්ණයේ 1100 ක් පමණ වාසය කරති. සිද්ධියෙන් නිවාස 35 කට හානි සිදුවිය.
 
(28535)

 


(වීඩියෝ දර්ශන ද ගාඩියන් ඇසුරෙනි)



අදහස් (1)

රුසියාවේ කඩා වැටුණු ගොඩනැගිල්ලේ සිරවී සිටි බිළිඳකු බේරා ගනී

jayath Wednesday, 16 January 2019 06:06 AM

මොකද්ද මේ උෂ්ණත්වය? සෙල්සියස් 27 ක්...? සාමාන්‍ය වායු සමනය (මතක තියාගන්න සමීකරණය නෙමි) කරපු කාමරයකත් උෂ්ණත්වය 25 යි. ඒක දරා ගන්න අමාරු උෂ්ණත්වයක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 15 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 351 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 823 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site