එජාපයේ ඉදිරි ගමන උදෙසා විශ්වාස භංගයක් ගෙන ඒමට මන්ත්‍රීන් කණ්ඩායමක් සූදානමින් සිටින බව රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
එම විශ්වාස භංගය ගෙන එන්නේ රටේ විශ්වාසය නැති පුද්ගලයා එරෙහිව බව ද ඇමැතිවරයා කීවේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
රංගේ බණ්ඩාර මහතා මෙසේ ද කීවේය.
‘‘අත්දෙක බැඳලා පිහිනුම් තටාකයට දැම්මා වගේ වැඩක් මට කරලා තියනවා. රාජ්‍ය ඇමැති කියලා බෝර්ඩ් එකක් ගහලා මාව දාලා තියෙනවා. කිසිදු බලයක් නැහැ. කිසිදු දෙයක් කරන්න පුලුවන් කමක් නෑ. කිසිදු කෙනකුට රැකියාවක් දෙන්නවත් බැහැ.
මම එක්සත් ජාතික පක්ෂයේ මේ නායකත්වය මේ පැත්ත බලන්නේ නැති නිසා ඉවත් වෙනවා කිව්වේ ඒකයි. අවාසනාවකට තවම අස්වීමේ ලිපිය බාරගෙන නෑ.
මෙවැනි තත්ත්වයක් තුළ එජාපයට ඉදිරි ගමනක් නෑ. ඉදිරියට යනවා නම් එජාපයේ පූර්ණ වෙනසක් සිදු කළ යුතු වෙනවා. පළමුවෙන්ම නායකත්වයේ. කැබිනට් සංශෝධන කළත්, වෙන කුමන පරපුරවල් හැදුවත් මේ පක්ෂය ඉදිරියට ගෙන යන්න පුලුවන් කමක් නෑ.
මේ පක්ෂයේ ජනතාවගේ හඬට ඇහුම්කන් දෙන්න. සමස්ත රටේම හඬ මේකයි. පාර්ලිමේන්තුවේ ඉන්න මැතිඇමැතිවරුන්ට කියන්නේ ඔබ ගැන පමණක් හිතලා වැඩ කරන්න එපා. කරුණාකරලා මේ පක්ෂය ගැන හිතන්න. පක්ෂය දියකරන්න ඉඩ දෙන්න එපා.
මේ ක්‍රියාදාමය තුලින්වත් වැඩක් වෙන්නේ නැතිනම් අපිට සිද්ධ වෙනවා අනුකම්පා විරහිතව විශ්වාස භංගයක් ගේන්න. ඒ විශ්වාස භංගය රටේ විශ්වාසය නැති පුද්ගලයා සම්බන්ධයෙන් තමයි අපි ක්‍රියාකරන්න යන්නේ. ඒ විශ්වාස භංගයට නායකත්වය ගන්න අපේ මන්ත්‍රීවරුන් ගණනාවක් සූදානමින් ඉන්නවා. ‘‘
(වීඩියෝ රෝවන් පෙරේරා)
COMMENTS
මේ බල ලොභීන්ට ඕනෑ රට හදන්න නොවෙයි ඒ අයගේ බඩ වඩාගන්න.. නැතිනම් අරක, මේක ඉල්ලන්නේ දුන්න දෙයින් තමන්ගේ වැඩ කොටස ඉටුකළානම් ඉවරයිනේ...
නියමයි ඇමති තුමා , වෙන කරන්න දෙයක් නැහැ. 2001 එකෙත් කලේ අමාරුවෙන් දිනාගත්ත එක තියාගන්න බැරි උනා. මේ පාරත් වෙන්නේ ඒකම තමා මෙයා දිගටම නායකත්වෙයේ හිටියොත්
ඔය විස්වාස බංගයක් කරන්න කිසි කෙනෙක් ට බැහැ . විෂ්වාසබංගය ගෙනාවොත් බේරාගන්න ඉන්නේ මහින්ද.
පොහොට්ටුව පිපිලා අතමිට සරුවෙලා බව කතාවෙන් පේනවා.
අපිට වෙන වැඩක් කරන්න වෙලාවක් නෑ. මේ කට්ටියගේ බන අහනවා ඇරෙන්න. රටට වැඩ කරන්න කිසිම කෙනක් නෑ. හැමෝම එක්ක අපිට නාට්‍ය පෙන්නනවා.
මට විස්වාස නැහැ ඔබට මොනවා හරි ලැබුනද කියලා. අද අපේ රටේ කාලාන්තරයක් තිස්සේ වෙන දේවල්නේ මේවා . ජනතාවට සේවය කරමු. ඔය හොරුන් අල්ලපු හැටිද ? ඔක්කම තියලා ඒ ටික කරලා ඉමු.
ඒ කියන්නේ දේශපාලකයින්ට පුලුවන් මිනිස්සුන්ට රැකියා දෙන්න. සුදුසුකම ඡන්දෙට සපෝට් කිරීම. රැකියාව අරගෙන කඩේ යාම. රැකියාවකට තෝරාගත යුත්තේ සුදුසුකම් ඇති අය. මේ මිනිස්සුන්ගෙන් රැකියා ගත්ත අය වැඩ කරන්නේ නැහැ පඩි ගන්නවා විතරයි. අපේ රටට දෙවියන්වත් පිහිට වෙන්නේ නැහැ.
අනගාරික ධර්මපාලතුමා වැනි අය රටට, ජාතියට සේවය කලේ ඇමතිකම් අරන්ද? ඇමති මණ්ඩලය ලොකුවෙන්න ලොකුවෙන්න ඇමතිවරුන්ට ලැබෙන විෂය ප්‍රමාණය අඩුවෙනවා. මීට වසර විසි පහකට පමණ පෙර ඇමැතිවරු 25ක් පමණ කළ වැඩ ටිකමනේ දැන් ඇමතිවරු 75ක් පමණ අතරේ බෙදා දීලා තියෙන්නේ... පක්ෂ නායකයා හොඳ නැත්නම් වෙනත් නායකයෙකු තෝරාගැනීම පක්ෂ අභ්‍යන්තරෙය් කරගත යුතුයි. එසේ නැතිව අගමැතිවරයාට විරුද්ධව පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ගෙනත් අගමැති ඉවත් කළොත් එම අගමැතිවරයා අයත්වන පක්ෂයට ජනතා ඡන්ද අඩුවෙනවා. එ් නිසා බුද්ධිමත්ව කටයුතු කරන්න.
විශිෂ්ඨ තීරණයක් මැතිතුමනි... මේ වෙලාවේ යහපාලන රජය දිගටම ගෙන යාමට ජනාධිපතිතුමාගේත්, ගරු අගමැතිතුමාගේත් දෑත් ශක්තිමත් කර ඉදිරියට යමු. පංචවිධ ක්‍රමය ඔස්සේ අභියෝග ජයගනිමු.
ඔබ හරියට හරි. එජාප වර්තමාන නායකයා පමණක් නොව ඔහු වටා සිටින ඔහුගේම වර්ගයේ පුහු මාන්නක්කාරයොත් ඉවත් විය යුතුයි. විශ්වාස භංගයෙන් මේ ආණ්ඩුව ගෙදර යවා එජාප නායකත්වය වෙනස් කර ඡන්දයකට යා යුතුයි. ඔබට සහ රටවැසියාට ජය පතමි...
කලින්ම කරන්න තිබුන දෙයක්,පමාවෙලා හරි කරන්න හදන එකට අපේ ප්‍රණාමය.
දේශපාලකයෝ ඉන්නේ රැකියා දෙන්න නෙවෙයි. රැකියා අවස්ථා ඇති කරන්න.
විශ්වාස භංගයක් ගෙනාවොත් පොහොට්ටුවේ නම් කිසිම සහයෝගයක් බලාපොරොත්තු වෙන්න බැහැ
කියව කියව ඉන්නේ නැතිව කරලා පෙන්නන්නකො.
අනේ යන්න රංගේ බණ්ඩාර. අපිට මතකයිනේ එජාප ආණ්ඩුව කාලේ දරු පවුල් පිටින් එකතුවෙලා උපවාස කෙරුවා. මොනවද ලැබුනේ එදා. මහින්ද රාජපක්ෂ තමයි උදව් කෙරුවේ. මතකද මහින්දව හමුවෙන්න දරු පවුල පිටින්ම ගියා. මේකත් නිකම් රඟපෑමක් තමයි. දෝෂාභියෝග ගෙනත් කිච වෙන්නේ නැතිව ඔය අවුරුදු දෙකත් හිටපු විදියටම හිටියොත් තමා වටින්නේ. ඔය දෝෂාභියෝගවලට දැන් අත්සන් කරනවා කියන කෙනෙක් අත්සන් කරන්නේ නැහැ.
මහත්තයෝ ඔය බාරගත්තේ නැත කියන ජෝර්ක් ඉස්සර සෙනඟ පිළිගත්තා... ඕවගෙන් දැන් තරුණ අයව රවට්ටන්න නොහැකියි...
මෙහි ඇති අනෙකුත් කරුණු ගැන නොකියමි. නමුත් “කිසිදු කෙනකුට රැකියාවක් දෙන්නවත් බැහැ. “ කියන ගොන් කතාව නම් අදට ගැලපෙන්නේ නැහැ. ඇමතිලා ඉන්නේ රැකියාවල් දීලා ඡන්ද ගන්න නෙමෙයි රටට වැඩ කරන්න. රැකියාවල් දිය යුත්තේ නියමිත ක්‍රමවේදයකට අනුව සුදුසුකම් අනුව විභාග තබලයි. මේ වගේ හනමිටි විදියට හිතන ඇමතිලා නිසා තමයි රට අගාධයට යන්නේ..
ඔබතුමාට මරණීය තර්ජන ඇතිකළා කිව්වානේ. දැන් ඉස්සර වගේ නෙමෙයිනේ. ඇයි විශ්වාස භංගවලට බැස්සේ. මරණීය තර්ජන ගැන සාක්ෂිත් අරන් අධිකරණයට යන්නකෝ... ඇයි එහෙම නොයන්නේ? කළින් විශ්වාස භංගෙත් බංග වුණා. ඉතිරි ඒවත් බංගම තමයි. ජනාධිපතිත් එක්ක එකතුවෙලා අගමැති අයින් කරන්න යටින් වැඩ කරපු අය කව්ද කියා දැන් පැහැදිලියි. අගමැති මේ වෙලාවේ මාරු වුනොත් යූ.එන්.පී. ය ඉවරයි. අගමැති තමන් විසින්ම අයින් වෙන්න කැමති වුනත් පක්ෂයේ බොහෝදෙනා ඒකට විරුද්ධ වුණා. ඇමතිකමක් ලැබුණා නම් මරණීය තර්ජන ගැනත්, විස්වාස බංගත් ගැන කතා නැත.
විශ්වාසභංගයක් ගේන අය ගැණත්, රටට විශ්වාසයක් නැහැනේ....
මෙතුමාව අගමැති කරන්න. ජාත්‍යන්තරයත් මෙතුමාව පිළිගන්නවනේ...
මේ එයාගේ කට්ටියට ජොබ් දෙන්න බැරි නිසාද කොහෙද?
මෙම විශ්වාසභංගය රැගෙන එන අයටම පාරා වළල්ලක් විය හැක. රනිල් මැතිතුමාගේ චින්තනය අඳ බාලයින්ට නොතේරේ...
මහින්ද කළාවගේ අලුත් පක්ෂයක් හදලා එ්කට ඔක්කොම ගන්න. එතකොට රනිල් විතරක් එජාපයේ ඉඳීවි. මේක පොඩි දෙයක්නේ..
මමත් හිතන්නේ කාලයත් සමග සියලු දේ වෙනස් විය යුතුයි කියලයි. හොඳ නායකයෝ පක්ෂයේ ඉන්නවා. සජිත් ප්‍රේමදාස මහතා, නවීන් දිස්සනයක මහතා, රුවන් විජේවර්ධන මහතා, හරින් ප්‍රනාන්දු මහතා, හර්ෂ ද සිල්වා මහතා, බුද්ධික පතිරණ මහතා, වසන්ත සේනානායක මහතා, බලන්නකෝ සජිත් ප්‍රේමදාස මහතා නිශ්ශබ්දව කොච්චර වැඩ කොටසක් කරනවද කියලා....
මේ වගේ ඇමතිලත් එක්ක රට හදන්න බැහ කවදාවත්. අපේ රටට අවශ්‍ය හොඳ දේශප්‍රේමින් කොටසක් මෙවැනි ආත්මාර්ථකාමී මිනිසුන් රටින් අතුගා දැමීමට. මෙවැනි බුද්ධියෙන් නොදියුණු පිරිසක් ජනතාවට නායකත්වය දෙනවිට රට පරිහානියට පත්වීම විමතියට කරුණක් නොවන අතර අප විසින් නෙලාගනු ලබන්නේ අප වැපිරූ ධාන්‍ය වල අස්වණුය.
ඇමති තුමනි පක්ෂයේ වැඩිදෙනා නායකත්වයට කැමතිනම් ඊට ඔබද නම්‍යසීලී වෙන්න. ඔබගේ ඔය අදහස පක්ෂයට හානිකිරීමකි. නායකත්වයේ හිත දිනාගන්න ඔබ දක්ෂ වෙන්න ඕන. ඔබ දැන් ප්‍රදර්ශනය කරන්නේ ඔබගේ නොහැකියාව බව තේරුම් ගන්න. සජිත් ප්‍රේමදාස මහතාගෙන් මේගැන උපදෙස් ලබා නොගන්නේ මන්ද ?
ඇගිල්ලෙ තරමට ඉදිමෙන්න ඕන...
මෙන්න මේක තමා විය යුත්තේ ...
ඊලග කැබිනට් සංශොදන්යෙන් හොද ඇමති කමක් හම්බෙන්නයි යන්නෙ
ජයවේවා විශ්වාස භංගය ගෙන්න ඕනේ පාර්ලිමේන්තුවේන් විතරක් නොවෙයි සියලුම එක්සත් ජාතික පාක්ශිකයනුත් එකතු කරගෙන. පක්ෂයෙන් පන්නා දැමියයුතු කාලය ගොඩක් පහුවූනා...
දේශපාලකයන් එන්නේ රටේ හා ජනතා ප්‍රශ්න විසඳන්නයි. වෙලා තිබෙන්නේ ඔවුනොවුන් හා පක්ෂ අතර ප්‍රශ්න ඔවුන්ටවත් විසඳා ගන්න බැරිවීමයි. මම අහන්නේ මිනිසුන්ට මෙහෙව් දෙශපාලකයන් හා පක්ෂ වලින් ඇති පලේ කුමක්ද ?
අනිත් පක්ෂ වල අය එයා ඉන්නවනම් හරිම කැමති. එජාපෙ නැති කරපු කෙනා එළවන්නම ඕන.
බල තණ්හාවෙන් පුපුරන අපතයෝ. මුන්ගේ සුඛ විහරණය වෙනුවෙන් රටම කනවා. මෙන්න මේ වගේ උන්ට චන්දෙ දෙන්න ඉස්සරවෙලා දෙපාරක් හිතන්න කරුණාකරලා.
ඉතිහාසයේ අපි දෙකල තියනවා මෙවැනි අයට වෙච්ච දේවල්. ඉතා නරක විදියට ගෙදර යන්න වෙන්නේ. එදා පාර්ලිමේන්තුවේ අපි දෙක්ක "කොව්ද හොර" "කොව්ද හොර" ටෙලි නාට්‍ය. ලැජ්ජයි. කල් මරාගන, බොරු කියමින්, බොරු කමිටු පත් කරමින්, පක්ෂයතුල පලිගනිමින් ඉතා නරක හැසිරීම.
ඔබේ අදහස සපල වේවා!!!!
ඔය මෝඩ අගමැති එලවන්න රහස් ඡන්දය ඉල්ලන්න.
ආණමඩුවේ තලගොයා පැන්නුවා වාගේ පන්නන්න බැරිවෙයි .
ඔය විශ්වාස භංගයට කව්රු පක්ෂව චන්දෙ දුන්නත් මහින්ද රාජපක්ෂ නම් විරුද්දයි
"ඔවා දෙනු පරහට - තමා සම්මතයෙහි පිහිටා සිට" කිව්වලු.. පලිගැනීමට ලක්වුනා කියල පොලීසියේ උසස්වීමයි, ඒකට අයිති විශ්‍රාම වැටුපයි ගත්තනෙ, දැන් කැබිනට් ඇමති කමක් ලැබුනනම් ඔය ඔය කට වැහෙනව.. නේද ? එතකොට රනිල් හොඳයි නේද ?
වහාම අගමැති ලෙස ජාත්‍යන්තරය පිළිගත් රංගේ බණ්ඩාර මහතා පත් කරන්න. මොහු ඉතා අවංක දුෂණයෙන් බීෂණයෙන් තොර අවංක යහපත් පුරවැසියෙකි .
හොඳ සංවිධායකයෙක් නොවී නායකයා පිට දොස් පටවනවා. මේ අය එක්ක පක්ෂය දිනවන්න පුළුවන්ද.? ප්‍රධාන රෝල් එක කරන්න ලැබුණා. රෝල හරියට කරලා ඉන්න එපායැ.
ඒ කියන්නේ ඇමති පට්ටමක් වෙනුවෙන් ඕන පාවාදීමක් කරනවා.නැත්තං සිරසෙන මෙයාට සල්ලි කුට්ටියක් දීලා. මේ වගේ අවස්ථාවාදී මිනිස්සුන්ව පක්ෂෙන් එලවලා දාන්න ඕනේ.
හොඳ ඇමතිකමක් දුන්නොත් මොකද?