(සනත් ගමගේ)
හම්බන්තොට ජාත්‍යන්තර වරාය නිරීක්ෂණය කිරිමට 2014 අප්‍රේල් 17 දා හම්බන්තොට වරායට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පහරදී එළවා නොදැම්මේ ඇයිදැයි, එවකට එක්සත් ජාතික පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වත්මන් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සිද්ධිය වූ දිනට පසුදින දුරකථන ඇමැතුමක් ලබා දී තමාගෙන් විමසූ බව හම්බන්තොට නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා හම්බන්තොට දී පැවසීය.
ඒ මහතා මේ බව සඳහන් කළේ හම්බන්තොට නගරයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති මැතිවරණ කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව පැවැති රැස්වීමකදීය.
වැඩිදුර අදහස් දැක්වූ එරාජ් රවීන්ද්‍ර මහතා මෙසේද කීවේය.
‘හම්බන්තොට ජාත්‍යන්තර වරායේ එදා වූ සිද්ධිය මිරිජ්ජවිල ජනතාවත් හම්බන්තොට වරායේ සේවය කළ අයත් හොඳට දන්නවා. මම සී . අයි. ඩී එකට කියනවා මගේ දුරකතන වාර්තා ගන්න. ඒ සිදුවීම වූ දිනට ( අප්‍රේල් 17) පසුදා ( අප්‍රේල් 18) උදෑසන සජිත් ප්‍රේමදාස මහත්තයා කතා කරලා ඇහැව්ව දේ අහන්න. මට කිව්වේ ‘එරාජ් මොකටද ඔය මන්ත්‍රීවරු බේරුවේ මටත් නොකිය හම්බන්තොටට ආවේ. අපරාදේ ගහල එළවන්න තිබුණේ‘ කියලා.
නවීන තාක්ෂණය මගින් දුරකථන වාර්තා අරගෙන මට කතා කළේ කාගේ දුරකතනයෙන්ද එය සොයාබලා විස්තර ගන්න කියලා මම කියනවා. අරගෙන බලන්න සජිත් ප්‍රේමදාස මට මොනවාද කිව්වේ කියලා. මේක නැහැ කියල කියනවා නම් මම සජිත් ප්‍රේමදාසට අභියෝග කරනවා හම්බන්තොටට ඇවිල්ල කියන්න එදා මම එරාජ්ට එහෙම කතාවක් කිව්වේ නැහැ කියලා‘ යනුවෙන් පැවසීය.
COMMENTS
ඩබල් ගේම්කාරයෙක් බව දැන් පැහැදිලියි නේද? ද්‍රවිඩ සන්ධානේ ඉල්ලීම් වලට එකගතාව පල කරන්නෙත් මේ විදියටම තමා.
බොරුවක් වුනත් කියන වෙලාවක් ක්‍රමයක් තියෙනවා. අතේ මාට්ටු වෙන පච කියන්න එපා.
සජිත් ගැනවත් වෙන මොන දේශපාලුවා ගැනවත් මට කිසිම ප්‍රසාදයක් නෑ. හැබැයි මේ හාදයා ගැන නම් තියෙන්නේ පිළිකුලක්.
මහින්ද ගෝඨා ළඟ වැදගත් මිනිස්සු නැද්ද? මේවගේ මිනිස්සු නේද වැඩිය ඉන්නේ. එක්කෝ ඇපමත නිදහස්. නැත්නම් වරෙන්තු. අනේ මන්දා අපේ රටේ ජනතාව මොන විදිහට ජනතා නියෝජිතයෝ තෝරයිද කියලා ?
ඵල ඇති රුකට ගල් මුල් වදිනවා. මොනවා කළත් පරද්දන එක බොරු.
මෙයාලා පක්ෂ කාර්යාල අරිනවා. විරුද්ධ පක්ෂ කාර්යාල කුඩුපට්ටම් කරනවා. කොහොමද හම්බන්තොට රාජපක්ෂලාගේ ප්‍රජාතන්ත්‍රවාදය?
මේ වගේ අය එක්කද ගෝඨා රට ගොඩනගන්න හදන්නේ? හරිම අජූවයි.
මොකක්ද අනේ බොරුවක්වත් කියන්න තේරෙන්නේ නැත්තේ ?
එහෙනම් ඉතින් එරාජ්ගේ සෙල්ලම් පිස්තෝල කතාවත් ඇත්තම වෙන්න ඇති. ඇත්තම කියන මිනිස්සු. මොකටද ඉතින් මගේ කට.
දැන් තමා මතක් වෙලා තියෙන්නේ. මේ කතා විශ්වාස කරලා හුරේ දාන අයටයි තලන්න ඕනෑ.
ඕක එදා නොකිය දැන් කියලා පෙන්නුම් කෙරුවේ දේශපාලන බංකොලොත්කම නේද?
මේ හාදයා දැනුයි මේ කතාව කියන්නේ. ඡන්ද කාලේ මිනිස්සුන්ගේ මොළ හෝදනවා.
මේ වගේ සියගණනක් මහින්දලා ගෝඨලා එක්ක....
අර මහලු මනුස්සයා නම් කියන්නේ ආවහම විනය හදනවලු... හැබැයි වටකරන් ඉන්නේ මේ වගේ වැරැදිකාරයෝ වූ අයයි.
අතේ තිබුණු පිස්තෝලේ සෙල්ලම් එකක් කියපු එක්කෙනානේ මේ...
මේ කතාවද පිස්තෝල කතාවද අපි දැන් පිළිගන්න ඕනේ?
සජිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවුණා නම් මේ කතාව කවදාවත් ගොතන්නේ නැහැ නේද? මේ වගේ කතාවලට කියන්නේ මිතුරන් කෙටවීමට තැත්කිරීම කියායි. අපේ සාහිත්‍ය පොත්වල තිබෙනවාට වඩා අපේ දේශපාලකයින් දක්ෂයි ඔය වගේ කතා ගොතන්න..
රාජපක්ෂලා මේ වගේ අය එක්ක අපේ රටට කරන විනාශේ ඉක්මනින්ම නැවැත්විය යුතුයි. කරුණාකර බුද්ධිමත්ව හිතන්න. වැරදි අඩුම අපේක්ෂකයාට ඡන්දය දෙන්න. මොකද මේ තියෙන ක්‍රමය තුළ වැරදි නැති කෙනෙක් හොයන්න බැරි නිසා.
චෝදනාවලට අවුරුදු 7ක් වත් යවන්නයි තිබුනේ... අනුන්ට මඩ ගහනවා. නමුත් තමුන් ඉන්නේ මඩවලක බව නොදැනුවත්ද ?
ඇයි සජිත් ඔයාව ලංකර ගත්තේ නැද්ද? මේ නඩු ගොනු කළ වෙලාවේනම් මෙයා කිව්වේ බේබිලා නිසා තමයි එයා අමාරුවේ වැටුනේ කියලා. අඩු තරමින් බේබිලා හිරේ ඉන්නකොට බලන්නවත් ආවේ නැහැ කියලා. කොහොම හරි දැන් අනුන්ගේ කොන්ත්‍රාත්තුවක් කරලා හිරේ ඉන්න වෙන්නේ.
2014 කියපු දේ වමාරන්න 2019 ජනාධිපතිවරණේ එනකල්ම හිටපු හැටි.
සජිත් කියපු හින්දද කෙරුවේ? නොවැම්බර් 17දාට හුඟක් දේවල් සජිත් කියනවා. ඒවත් ප්‍රනාන්දුට කරන්න වෙනවා නැත්තන් ඒ හැන්දම තමයි.
තක්කඩි වැඩ තමයි.. අනෙක ගල් පැලෙන බොරුත් කියනවා. යම රජ්ජුරුවොත් මේ අයට බයවෙන්න පුළුවන්! මේ අයට වෙනම අපායක් හොයන්න වේවි...
අවුරුදු 5කට පස්සේ හීනෙන් බයවෙලාද?
මෙයාට මොකුත් කියන්න එපා... අපේ අනාගත රට හදන ඇමති කෙනෙක්...
මේ ඇවිල්ලා මහින්දගේ දේශප්‍රේමියෙක් නේද? නියම දේශප්‍රේමීන් බන් මහින්දලට ඉන්නේ...
දැන්ද කියන්නේ.
ගොන් කතා...
ඡන්දයක් ඉස්සරහ තියාගෙන කියන ඔය වගේ ප්‍රකාශ පිළිගන්න තරම් ඡන්දදායකයා මෝඩයි කියලද හිතන් ඉන්නේ? තවත් ලොක්කෙක් ඊයේ ඔය වගේ පාවාදීම් කරනවා දකින්න ඇතිනේ? මේ මිනිස්සු මුදලට උඩුබුරනවා කියල ජනතාව දන්නවා. කෝ දැන් අර නාමල් කුමාරය. තව බොරු දෙක තුනක් කියන්න හොඳ අවස්ථාවකනේ මේක.
ගහලම එළවන්න ඕනේ... යහපාලන ආණ්ඩුවට ඔය නඩුව අහලා දඬුවම් නියම කරන්න පත්වෙලා අවුරුදු 5ක් විතර ගිය. ඊට පස්සේ අච්චු කළාම ඇප පිට එළියේ... මෙහෙම මිනිස්සු කොහොමද රටක් පාලනය කරන්නේ?
2020 දී අපි ඒ ගොල්ලන්ව ගහලා එලවන්නම්... නොවැම්බර් 16 ඔහේව එලවන්නම්...
දැනට අවරුදු 30-40 කට ඉස්සර නගරයක නගරාධිපති කෙනෙක් කියන්නේ බොහෝවිට උගත් , සංවර ,වැදගත් ප්‍රභූ පුද්ගලයෙක් , දැන් බැලුවහම රටේ ඉන්න නගරාධිපති , ප්‍රාදේශීය සභා සභාපපතිලගේ 75% විතර ඉන්නේ අපොස උසස්පෙලවත් අසමත , රස්තියාදු කාර මැරයෝ , මෙහෙම කොහොමද රටක් දියුණු කරන්නේ ? මේකට සම්පුර්ණයෙන් වැරදිකාරයො ඡන්දදයක්යෝ ඔවුන් මනාපේ ගහන නිසානේ මේවගේ පුද්ගලයෝ බලයට එන්නේ ?