IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


ලක් මව රනින් සැරසූ පුංචි විද්‍යාඥයෝ

 

25 වැනි වරට පැවති ලෝක තරුණ විද්‍යා සමුළුව අප්‍රේල් මස 19 දා සිට 25 දා දක්වා සර්බියාවේ (පැරණි යුගෝස්ලාවියාවෙන් බෙදී වෙන් වූ) බෙල්ග්‍රේඩ් නුවර අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මෙවර මෙම ලෝක සමුළුව සංවිධානය කරනු ලැබූවේ බෙල්ග්‍රේඩ් නුවර පිහිටා ඇති “බෙල්ග්‍රේ‍ඩ් කලාපීය යොවුන් කුසලාන මධ්‍යස්ථානයේ”සංවිධානයෙනි.
   
ලොව අති ප්‍රබල රටවල් 40කට ආසන්න වූ ප්‍රමාණයක යොවුන් තරුණ විද්‍යාඥයන් 300ක පමණ පිරිසක් පරිගණක තාක්ෂණය, භෞතික විද්‍යාව, පාරිසරික විද්‍යාව, ජීව විද්‍යාව, ගණිතය හා ඉංජිනේරු විද්‍යා අංශවලින් මෙන්ම සියලුම අංශවලට පොදු වූ පෝස්ටර් අංශයෙන් ද තම පර් යේෂණ හා විද්‍යාත්මක නිමැවුම් ඉදිරිපත් කර තිබිණි.   


සර්බියානු විද්‍යා ඇකඩමිය, බෙල්ග්‍රේඩ් විශ්ව විද්‍යාලය, බෙල්ග්‍රේඩ් නාගරික ආණ්ඩුකාරීත්වය, සර්බියානු ටෙලිකොම් ආයතනය ඇතුළු සුවිශාල ආයතන ගණනාවක් මෙම ලෝක සමුළුවට සහයෝගය ලබා දී තිබිණි.   
මෙම ලෝක සමුළුවට යම් කිසි රටකට ආරාධනාවක් ලැබෙනුයේ අන්තර්ජාතික තරුණ විද්‍යා සමුළුව විසින් (ICYS) නිර්දේශ කරන රටකට පමණි. පසුගිය වසරේ (2017) දී ජර්මනියේ සටුට්ගාට් හිදී 24 වැනි වරට පැවති ලෝක තරුණ විද්‍යා සමුළුවට ශ්‍රී ලංකාවෙන් පළමුවරට සිසුන් දෙදෙනකුට සහභාගී වීමට වරම් හිමි වූ අතර එහිදී කොළඹ නාලන්දා විදුහලේ රඛිඳු රන්දිව් හට ලක් මව වෙත රිදී පදක්කමක් දිනා දීමට හැකි වූ අතර එම වසරේ ලොව ලාබාලතම තරුණ විද්‍යාඥයා වීමට ද හැකිවිණි.   


මෙම 25 වැනි ලෝක තරුණ විද්‍යා සමුළුවට සහභාගී වීම සඳහා නාලන්දාවේ රඛිඳු රන්දිව් වික්‍රමරත්න හට අන්තර්ජාතික තරුණ විද්‍යා කමිටුවෙන් සුවිශේෂී ආරාධනාවක් ලැබෙනුයේ ඔහු පසුගිය 2017 වසරේ ජර්මනියේදී දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතු කොට ගෙනය.   


අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කළ සමස්ත ලංකා මූලික තරගවලින් ජය ගත් සමාෂි විහංගා මුණවීර (කොළඹ සිරිමාවෝ බණ්ඩාරණායක බාලිකා විද්‍යාලය) සහ මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ සවන්දි සේනානායක හට මෙම ජාත්‍යන්තර තරගයට සුදුසුකම් ලබා ගැනීමට හැකිවිණි. ​  

මෙම ජාත්‍යන්තර සමුළුවේදී රඛිඳු රන්දිව් හා සමාෂි විහංගා ජීව විද්‍යා අංශයෙන් ද සවන්දි සේනානායක පාරිසරික විද්‍යා අංශයෙන් ද තම පර් යේෂණ ඉදිරිපත් කර තිබිණි.   


බකිනි පළතුරේ පිළිකා නාශක ගුණය සොයා ගැනීම වෙනුවෙන් රඛිඳු රන්දිව් ද දේශීය ශාඛයක ප්‍රතිජීවක ගුණය සොයාගැනීම වෙනුවෙන් සවන්දි සේනානායක ද ඩ්‍රැගන් ෆෘට් පළතුරේ පිළිකා පියවි සෛල නාශක ගුණය සොයා ගැනීම වෙනුවෙන් සමාෂි විහංගා ද 


පර් යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීමේ (Power Point Presentation) තරගයට මෙන්ම පෝස්ටර් ඉදිරිපත් කිරීමේ (Poster Presentation) තරගයට ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය පර් යේෂණ ඉදිරිපත් කරන ලදී.   
අපේ පුංචි විද්‍යාඥයන් තිදෙනාටම පෝස්ටර් අංශයෙන් අතිදක්ෂතම පෝස්ටර් ඉදිරිපත් කිරීම වෙනුවෙන් රන් පදක්කම් දිනාගැනීමට හැකිවිණි.   


ජර්මනිය, ප්‍රංශය, රුසියාව, නෙදර්ලන්තය, හංගේරියාව, ග්‍රීසිය, යුක්රේනය, බ්‍රසීලය, ඉරානය, පෝලන්තය, චෙක් ජනරජය, මැසිඩෝනියාව, තුර්කිය, බෙලරුසියාව වැනි රටවල් මෙන්ම ආසියාතිකරයේ මැලේසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, සිංගප්පූරූව, ඉන්දියාව වැනි නූතන තාක්ෂණයෙන් සමන්විත මුද්‍රණ ක්‍රම භාවිත කොට නිමැවූ පෝස්ටර් අතරින් අපගේ පුංචි ශ්‍රී ලංකාද්වීපයට ලැබූ රන් ඇස්වැන්න අතිශයින්ම අනභිභවනීයවනු නොඅනුමානය.   


මෙම සමුළුවේදී පර් යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීමේ තරගයෙන් පදක්කමක් දිනාගැනීම යම් රටකට ඉතාම සුවිශේෂීත්වයක් හිමි කර දෙන්නකි. ඒ මන්දයත් එහිදී ලොව පිළිගත් මහාචාර්ය මඬුල්ලක් (5 දෙනෙකුගෙන් සමන්විත) ඉදිරියේ මිනිත්තු 15ක කාලයක් තම පර් යේෂණ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තවත් මිනිත්තු 5ක කාලයක් ජූරියේ සියලු හරස් ප්‍රශ්නවලට ඔවුන් සාර්ථකව පිළිතුරු සැපයිය යුතු නිසාවෙනි.   


පර් යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීමේ තරගයෙන් රඛිඳු රන්දිව් ලක් මාතාව රිදී පදක්කමකින් සැරසූ අතර සමාෂි විහංගා හා සවන්දි ලෝකඩ පදක්කම් ද්විත්වයකින් ලක් මාතාව සරසන ලදී. 

 
නාලන්දාවේ රඛිඳු රන්දිව් වික්‍රමරත්න මේ වනවිට ජාත්‍යන්තර තරුණ විද්‍යා සමුළු 4කදී (ජර්මනිය, මැලේසියාව, නේපාලය හා සර්බියාව) රිදී පදක්කම් 4ක් හා රන් පදක්කමකින් ලක් මාතාව ජාත්‍යන්තරය තුළදී වර්ණවත් කර ඇත. එමෙන්ම මෙවර සමුළුවේදී පැවති සංස්කෘතික අංගයේදී ඔහු ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවේ දර්ශනීය ස්ථාන සමඟ මුසු වූ සංගීතමය ඉදිරිපත් කිරීම වෙනුවෙන් සියලු රටවල් අතරින් ශ්‍රී ලංකාවට 6 වන ස්ථානය හිමිවීමද කැපී පෙනුණි.   

 

 

රඛිඳුගේ හා සමාෂිගේ පර් යේෂණ අධීක්ෂණය කරන ලද්දේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන, අනුක ජීව විද්‍යාව හා ජෛව තාක්ෂණ ආයතනයේ ආචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා හා ඔහුගේ පර් යේෂණ කණ්ඩායම විසිනි. එහිදී එම සිසුනට එහි පර් යේෂණ​ාගාර පහසුකම් ද හිමිවිණි.   


සමාෂි විහංගා හා සවන්දි සේනානායක යන සිසුවියන් සඳහා මූල්‍ය පහසුකම් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සැපයූ අතර සුවිශේෂී ආරාධනාවක් මත සහභාගී වූ රඛිඳු රන්දිව්ගේ ගුවන් ටිකට්පත් ආදී වූ මූල්‍ය පහසුකම් ඔහුගේ දෙමව්පියන් විසින් සපයන ලදී.   


මෙම සමුළුවට සහභාගී වූ තරුණ විද්‍යාඥයන් හට බෙල්ග්‍රේඩ් හි ඓතිහාසික බළකොටුව හා යුධ ස්මාරකය, අතිරමණීය වූ බෙල්ග්‍රේඩ් නගරය, බෙල්ග්‍රේඩ් හි හදවත බඳු වූ ශාන්ත සාවා පල්ලිය, බෙල්ග්‍රේඩ් උද්‍යානය, නිකොලා ටෙස්ලා කෞතුකාගාරය, බෝල්කානු රටවල ඇති උසින් වැඩිම වූ ඇවලා කුළුණ ද හඳුනා නොගත් සර්බියානු යුද සෙබළා ස්මාරකය (I ලෝක සංග්‍රාමයේදී) හා යුගෝස්ලාවියානු හිටපු ජනපති ටිටෝගේ ඓතිහාසික නිල් දුම්රිය (සුඛෝපභෝගී) ද නැරඹීමට මෙන්ම සර්බියානු ජාතික නර්තනයන් නැරඹීමට ද අවස්ථාව ලැබී තිබීම සුවිශේෂී විණි.   

 

 

 

 


සටහන
කීර්ති වික්‍රමරත්න 
බෙල්ග්‍රේඩ් සංචාරයෙන් අනතුරුව
ජ්‍යෙෂ්‍ඨ වෛද්‍ය පර්යේෂනාගාර තාක්ෂණ විද්‍යාඥ.   



අදහස් (0)

ලක් මව රනින් සැරසූ පුංචි විද්‍යාඥයෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1368 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1268 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 463 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site