IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


​රෝද පුටුවේ ආබාධිත සැමියා සමග ජීවිතය තල්ලු කරන බිරියක්

 

 

දිනපතා උදේ සවස කිලෝමීටර් දහයක් (10) පමණ දුර ගෙවමින් රෝද පුටුවෙන් ගොස් ලොතරැයි පත් අලෙවි කරමින් ජීවිත සටන ජය ගැනීමට වෙර දරන ආබාධිත අඹුසැමි යුවළක් තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තංගල්ල ගම්මානයේ ජීවත් වේ.   


කිසිවකුගේ හව්හරණක් නොමැතිව පිළිසරණක් පතන අසරණ අඹුසැමි යුවළගේ එකම ඉල්ලීම ඔවුනට ජීවත්වීමට නිවසක් ඉදිකර දෙන ලෙසය. තවලම තංගල්ල ගම්මානයේ කුඩා දොළක් අසල ඉදිකරගත් ටකරන් මඩුවක කිසිදු පහසුකමක් නොමැතිව ඔවුහු දිවි ගෙවති.   


ටකරන් මඩුව තුළ දිවිගෙවන ඔවුන් දෙදෙනාට නිදා ගැනීමට තරම්වත් පහසුකමක් නොමැත. ටකරන් මඩුව තුළ අතුරන ලද සිමෙන්ති ගල්ගොඩක් මත දමාගත් මෙට්ටය ඔවුන්ගේ නිදි යහන වේ. පවතින ඉඩ පහසුකම් මත ඔවුන් දෙදෙනාට එකවර නිදාගැනීමට ඉඩකඩ මදි නිසා එක් අයකු නිදා ගන්නා අතරතුර අනෙකාට නිදි වර්ජිතව කාලය ගත කිරීමට සිදුව ඇත. ඇතැම් විටෙක එක් අයකු වේලාසනින් නිදාගෙන අවිදීවීමෙන් පසුව අනෙකාට නිදා ගැනීමට සිදුව ඇත. මේ බව සත්‍ය ලෙසම දැකබලා ගැනීමට නම් ඔවුන් පදිංචිව සිටින ටකරන් මඩුවට යා යුතුමය.  


දිනපතා උදෑසන රෝද පුටුවක ආධාරයෙන් ගමන් අරඹන මේ අඹුසැමි යුවළ කිලෝමීටර් දහයක් (10) ගෙවමින් තවලම නගරයට පැමිණ ලොතරැයිපත් මිලදී ගෙන දවස පුරා රෝද පුටුවෙන් ගොස් ලොතරැයි පත් විකුණා ලැබෙන සුළු මුදලින් එදිනෙදාට පමණක් ජීවත්වීමට පුරුදුව සිටිති.   


විදාණපතිරණ රම්‍යපාල වයස අවුරුදු 44ක් වන අතර ඔවුගේ බිරිඳ වන ලුවිස්දුර ශකිලා සදර්ශනීගේ වයස අවු. 30කි. රම්‍යපාල මහතා කොළඹ මරදාන ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටියදී 1992.08.05 දින කොළඹ මරදානේදී ප්‍රකට දේපාලනඥයකුට අයත් ඩිෆෙන්ඩර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ඔහු ආබාධිත තත්ත්වයට පත්විය. ඔහු සිය ජීවිතය ගැටගසා ගැනීමට ගාල්ල දඩල්ල ප්‍රදේශයට පැමිණ තම ඥාති මාමා කෙනෙකු ළඟ රැකියාවක නිරත වන අතරදී ඔහුගේ බිරිඳ වන ශකිලා සදර්ශනී හමුවී ඇත. ඇයත් උපතින්ම ආබාධිත තත්ත්වයේ පසුවූවාය. විවාහයෙන් පසුව ඔවුන් දෙදෙනා රම්‍යපාලගේ උපන්ගම වන තවලම තලංගල්ල ප්‍රදේශයට පැමිණ ඇත. ගම් ප්‍රදේශයට පැමිණ ආබාධිත අඹුසැමි දෙදෙනා ජීවත්වීමට ලොතරැයි පත් අලෙවි කිරීමේ නිරත වූහ. ඔවුන් දෙදෙනා අවුරුදු 18ක සිට මේ අයුරින් දුක්ඛිත ජීවිතයක් ගත කරති.   


දිනපතා තවලම අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ රෝද පුටුවෙන් ගමන් ගන්නා මේ යුවළ කාගේත් නෙත ගැටෙන සුලබ දසුනකි. මේ දෙදෙනාගෙන් බොහෝ දෙනා ලොතරැයිපත් මිලදී ගත්තත් මොවුන් දෙදෙනා ජීවත්වෙන හැටි දන්නේ උඩ සිටින දෙවියන් පමණි. අනතුරට පත් රම්‍යපල මහතාගේ පාදයක් සහ එක් අතක් අප්‍රාණිකය. එ් නිසාම රම්‍යපාලට රෝද පුටුව හැසිරවිය නොහැකිය. එම කාර්යය සිදු කරනුයේ ඔහුගේ බිරිඳ වන ශකිලාය. ඇය තම ආබාධිත සැමියා රෝද පුටුවේ තබාගෙන තල්ලු කරගෙන ගොස් තම ජීවිත සටනට උරදෙන්නීය.   


අප මෙතැන් සිට ඔවුන්ගේ හඬට සවන් දෙමු. මේ විදාණපතිරණ රම්‍යපාල මහතා:   


මහත්තයෝ අපි දෙන්නා වසර 18ක සිට මේ විදියට ජීවත් වෙනවා. අපේ පිහිටට කවුරුවත් අත දෙන්නේ නැහැ. අපට රජයෙන් ආබාධිත දීමනාව ලෙස මාසිකව රුපියල් 3000ක මුදලක් ලැබෙනවා. ඒ මුදල ලැබෙන දාට තමයි ටිකක් හොඳට කන්නෙ බොන්නෙ. අපට කියලා හරිහැටි ඉන්න හිටින්න ගෙයක් නැහැ. අපි දෙන්නා ටකරන් මඩුවක තමයි දිවි ගෙවන්නේ. අපි දෙන්නට හරි හැටි නිදාගන්න තරම්වත් ඉඩකඩක් නැහැ. මට තනිවම ජීවත්වෙන්න බැරි නිසා තමයි මෙයාව විවාහ කර ගත්තේ. මෙයාත් ආබාධිතයි. මගේ ජීවිතයට මෙයා හරි ශක්තියක් දෙනවා. දිනපතා මා සමග රෝද පුටුව කිලෝමීටර් දහයක් (10) දුර තල්ලු කරගෙන යනවා. අපිට නිවසක් ඉදිකර ගන්න කියලා තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සමාජ සේවා අංශයෙන් රුපියල් 40,000ක මුදලක් ලබා දුන්නා. ඒ මුදල ලබා දුන්නට මට තනිවම නිවසක් ඉදිකර ගන්න බැහැ. මම ආබාධිත නිසා වැඩපල කර ගන්න බැහැ. ලැබුණු රුපියල් 40,000 මුදලින් මිලදී ගත් සිමෙන්ති ගල්උඩ දමාගත් මෙට්ටයක් උඩ තමයි මේ නිදා ගන්නතැන හදා ගත්තේ. ඒත් අපි දෙන්නට නිදා ගන්න ඉඩක්නැහැ. මම ඉල්ලා සිටින්නේ අපි දෙන්නට ඉන්න පුළුවන් විදියට නිවසක් ඉදිකර දෙන්න කියලා. අපි කරන මේ රැකියාවෙන් යම්තම් ජීවත්වෙන්න පුළුවන්. ලොතරැයි විකුණලා දවසකට ලැබෙන්නේ රුපියල් 200ක් 300ක් වගේ මුදලක්. එම මුදලින් බඩගින්න නිවා ගන්නවා විතරයි. මම ඉල්ලා සිටින්නේ අපි දෙදෙනාට වැටිලා ඉන්න නිවසක් ඉදිකර දුන්නොත් පිංසිද්ධ වෙනවා. මම ලොතරැයි විකුණලා අවසන් වෙලා දිනපතාම ලොතරැයි පහක් ළඟ තබා ගන්නවා අපට මේ ලොතරැයි දිනුමක්වත් ලැබේවි කියලා. නමුත් එහෙම වාසනාවක්වත් අපට තවම ලැබුණේ නැහැ.   

 

 


රම්‍යපාල ශකිලා ආබාධිත යුවළ දිනපතා තවලම අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ගමන් කිරීමේදී මග දෙපස පදිංචිව සිටින සුවිසල් නිවාස හිමියන් ව්‍යාපාරිකයන් මෙන්ම දානපතින් සිටියද මොවුන් දෙදෙනා ගත කරන දිවිය නොපෙනෙන්නේ කාගේ අවාසනාවකටදැයි යන සිතුවිල්ල සිතතුළ රඳවාගෙන.   


කැරකෙන රෝදේ පුංචි කරත්තේ ඉඳගෙන මම ඉන්නේ   
දිවිගමන ගොඩගන්න තල්ලු කරන් මගේ ප්‍රිය සබැඳියේ   


යන ස්වරය හඬ මුුමුණමිනි.   


ඔවුනට උපකාර කිරිමට කැමති අයෙක් හෝ සංවිධානයක් ඉදිරිපත් වෙන්නේ නම් විදාණපතිරණ රම්‍යපාල, 3/1 තංගල්ල, නැගෙනහිර මල්ගල්ල, තවලම, ගාල්ල යන ලිපිනයෙන් විමසිය හැකිය.   

 

 

නෙළුව - පියරත්න ජයවික්‍රම   

 



අදහස් (0)

​රෝද පුටුවේ ආබාධිත සැමියා සමග ජීවිතය තල්ලු කරන බිරියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1949 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1540 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 539 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site