IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බයිඩන් සමඟ සුදු මැදුරට යන සුනඛ සුරතල්ලු

ඇමෙරිකාවේ නව ජනාධිපති ලෙස තේරී පත් වී, ධවල මන්දිරය හෙවත් ඇමෙරිකන් ජනපති නිල නි​ෙවසට යෑමට සූදානමින් සිටින්නේ, 77 හැවිරිදි ජෝ බයිඩ්න් ය. බයිඩ්න්, ඇමෙරිකා ජනාධිපති ධූරයට පත් වුණු වසස්ගතම තැනැත්තා ය. බයිඩ්න් ඇමෙරිකන් ජනාධිපති ලෙස දිවුරුම් දෙනු ඇත්තේ ලබන 2021 ජනවාරියේ ය.   


බයිඩ්න්ගේ බිරිඳ ජිල් 69 හැවිරිදි වියෙහි පසුවන අතර ඇය ධවල මන්දිරයට යන්නේ ඇමෙරිකන් ජනාධිපති ආර්යාව ලෙසය. ජනාධිපති ආර්යාව ලෙස ඇයට ද රාජකාරි බොහොමයකි. මීට අමතරව තවත් දෙදෙනකු ද ධවල මන්දිරයේ පදිංචියට යෑමට නියමිත ය. චැම්ප්, මේජර් යනු ඒ දෙදෙනාය. චැම්ප්, මේජර් ජනපති බයිඩ්න්ගේ බලු‍ සුරතලු‍න් දෙදෙනාය.   


ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් ජය ලබමින්, ධවල මන්දිරයට යන, නව ජනාධිපතිවරයා මෙන්ම, ඔහුගේ සුරතල් සතුන් කෙරෙහි ද වැඩි අවධානයක් යොමු වෙයි. ගතවුණු වසර 100 පුරාවට, ජනපතිවරුන් සමඟ ඔවුන්ගේ සුරතල් සතුන් ද ධවල මන්දිරයේ කැපී පෙනුණි. ජනපතිවරයාගේ සුරතල් සතුන් ධවල මන්දිරයට යෑම ඇමෙරිකාවේ සම්ප්‍රදායකි. කෙසේ නමුත්, වසර 100 කට පසු එම සම්ප්‍රදාය කැඩුවේ, පරාජයට පත් ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ට්‍රම්ප්ට සුරතල් සතුන් සිටියේ නැත. ඔහු සුරතල් සතකු ධවල මන්දිරයට ගෙනාවේ ද නැත. ඔහු සමඟ ධවල මන්දිරයට ගියේ බිරිඳ මෙලානියා සහ ඔවුන්ගේ පුතු බැරන් පමණි.   


කෙසේ නමුත් ඔහුට ධවල මන්දිරයෙන් පිටවී යෑමට සිදුවන්නේ බිරිඳ මෙලානියා නොමැතිව යැයි පැවැසෙයි. මෙලානියා ධවල මන්දිරයට පැමිණ ඇත්තේ ද අකමැත්තෙන් බව මේ වනවිට අනාවරණය වී ඇත. 2016 වසරේ ඇමෙරිකන් ජනාධිපතිවරණයට ට්‍රම්ප් ඉදිරිපත් වෙද්දී පවා, ට්‍රම්ප් මෙලානියා විවාහය දෙදරා ගොස් තිබුණි. 2016 ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් පරාජය වේවි යැයි මෙලානියා සිතූ නමුත් එසේ නොවුණු අතර, අකමැත්තෙන් හෝ ඇය ජනපති ආර්යාව ලෙස ධවල මන්දිරයට පැමිණ ඇත. දැන් ඇය ට්‍රම්ප්ගෙන් දික්කසාද වීමට සැරසෙන බව වාර්තා කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් පුවත් වෙබ් අඩවියයි.   


නව ජනාධිපති සමඟ ධවල මන්දිරයට යන චෑම්ප් සහ මේජර් ජර්මන් ෂෙපර්ඩ් බල්ලන් දෙදෙනෙකි. මේ වනවිට චෑම්ප් සහ මේජර් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ ලොකු කතාබහක් නිර්මාණය වී ඇත. දහස් ගණනක් රසික රසිකාවියන් චෑම්ප් සහ මේජර්ගේ ඡායාරූපවලට ‘ලයික්’ දමන බව ද දැනගන්න ලැබේ.   


පුංචි බලු‍ බැටවකු ලෙස චෑම්ප්, බයිඩ්න් විසින් හදා වඩා ගැනීම ආරම්භ කර ඇත්තේ 2008දීය. ඒ, ඇමෙරිකන් උප ජනාධිපති ලෙස බයිඩ්න් තේරී පත් වූ අවස්ථාවේදී ය. මේජර් බයිඩ්න් පවුලට එක් වූයේ, බයිඩ්න් උප ජනපති ධූරයෙන් ඉවත් වූ අවස්ථාවේදී ය. මේජර්, බයිඩ්න්ට බිරිඳ ජිල්ගෙන් ලැබුණු තෑග්ගකි. පසුගිය කාලයේ ජෝ බයිඩ්න් සහ ජිල් ඇමෙරිකාව පුරා ඡන්ද රැලිවලට සහභාගී වීමට ගිය අවස්ථාවේ දී ඔවුහු චෑම්ප් සහ මේජර් ද රැගෙන යෑමට අමතක නොකළාහ. චෑම්ප්ට ඒ නම යෙදා ඇත්තේ බයිඩ්න්ගේ මුනුපුරු මිනිබිරියන් ය. ‘මා දරුවන්ට ආදරෙයි. බල්ලන්ට ආදරෙයි. බල්ලන්ට ආදරේ ජනාධිපති කෙනකු හැටියට ජනතාව මා හඳුනා ගනීවි.’ යැයි ජෝ බයිඩ්න් පවසා ඇත.

 

ලු‍සිත ජයමාන්න රොයිටර් ඇසුරිනි   



අදහස් (0)

බයිඩන් සමඟ සුදු මැදුරට යන සුනඛ සුරතල්ලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site