IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


තීරු බදු රහිත වාහන බලපත්‍ර විකුණා ඉඩම් අක්කර සීයක් ගත් අපේ මැතිතුමා

මා ඔබ වෙත ඉදිරිපත් කරන්නේ දකුණු පළාතේ කලකට පෙර සිටිය අපේ මැම්බර්තුමා ගැනය. මෙතුමා දේශපාලනයට පිවිසෙන විට උසස් අධ්‍යාපනය හදරා තිබුණු අතර 1989 මහා මැතිවරණයෙන් දියවන්නාව තරණය කිරීමට සමත් විය. දිස්ත්‍රික්කය දුෂ්කරම ආසනයක සංවිධායක වූ මෙතුමා ජනතාවගේ දුක සැප කොයි එකේදිත් මූලිකව කටයුතු කළේය.

 ක්‍රමයෙන් දේශපාලන පරිණතභාවයට පැමිණි එතුමාට නියෝජ්‍ය අමාත්‍යධුරයක් ලැබෙන්නේ  නොසිතූ වෙලාවකය. එයින් යම් කඩ ඉමක් පසුකරගත් මොහු පැවැති සෑම මැතිවරණයකින්ම ජයග්‍රහණයෙන් අවසන් කළ හෙතෙම දිස්ත්‍රික්කයේ තමන්ට වඩා ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් දෙදෙනා සමග ගැටලු ඇතිකර නොගැනීමටද පරෙස්සම් විය.


 මේ අයුරින් කටයුතු කළ මැම්බර් තුමා ජනතාවගේ ගම් නියම්ගම් වලට යටිතල පහසුකම් ලබා දීමට යුහුසුළුව කටයුතු කළේය. තම වරප්‍රසාදයක් ලෙස ලැබුණු සෑම වාහන බලපත්‍රයක්ම විකුණා එම මුදලින් එම ඉඩම් මිලදී ගැනීමට ක්‍රියාකිරීම පුරුද්දක් කරගෙන සිටියේය. ඒ අනුව ඔහුට ඉඩම් අක්කර 100කට වැඩි ප්‍රමාණයක අයිතියක්ද විය. ඒ අතර තම ඉඩම්වල දළු ඇඹරීම සඳහා කර්මාන්තශාලාවක් ද ඉදිකළේ රැකිරක්ෂා ප්‍රමාණයක්ද ජනතාවට ලබා දෙමිනි.


 මේ අනුව කටයුතු කළ මැම්බර්තුමා තම ක්‍රියාකාරී හිතවතුන් වෙත වැලි ගොඩ දැමීමට, අරක්කු විකිණීමට, කසිප්පු පෙරීමට නිල නොවන අවසරය පොලිසිය මගින් ලබා දීමට ක්‍රියා කළේය. තම දේශපාලන ගමනෙ උදව් උපකාර කළ සමීප ගෝලයන් ද අතේ දුරින් තබා ගැනීමට පරෙස්සම් වූ එතුමා විටෙක ඔවුන්ට පළාත් සභා හා ප්‍රාදේශීය සභා සඳහා නාම යෝජනා දීමේදී විවිධ උපක්‍රම යොදා දක්ෂ අය පහළට තල්ලු කිරීමට ද කටයුතු කළේය. ඇතැම් විටෙක මෙම කෙනෙහිළිකම් දරා ගැනීමට නොහැකි වූ ඇතැම් පළාත් සභා මන්ත්‍රීවරු තම පක්ෂය ද හැර විරුද්ධ පක්ෂයට ගිය අවස්ථාද විය. සතේ අතේ නැතිව කරළියට පැමිණි ඇතැම් ගෝලයන් ප්‍රා සභා මන්ත්‍රීවරු සභාපතිවරු දක්වා ගෙන ඒමටද මෙතුමා ක්‍රියා කළේය.


 පසුව කැබිනට් අමාත්‍ය ධුරයක් ලැබූ මෙතුමා විදේශයෙන් අමාත්‍යාංශයට ගෙනා පරිගණක තොගයකින් විශාල කොමිස් මුදලක් ලබා ගැනීමට ඔහු සමත් විය. තම දිස්ත්‍රික්කයේ මහා පරිමාණ කොන්ත්‍රාත් සඳහා තෝරාගත් කළු මුදලාලි කෙනෙකු ද සිටියේය. ඔහු මැම්බර්තුමාගේ කොමිස් මුදලින් සියයට ගණන වැඩ ආරම්භයට පෙරදීම ගෙවා දැමීමට කාරුණික විය.


 අමාත්‍යධුරයට පත් මෙතුමා අමාත්‍යාංශයේ වැඩකටයුතු සඳහා සුවච කීකරු ලේකම් කෙනෙකු පත්කර ගත් අතර අනෙකුත් නිලධාරින් බොහෝ දෙනෙකු වෙනත් දිස්ත්‍රික්ක වලින් තෝරා ගැනීමට උනන්දු වූයේ තම දිස්ත්‍රික්කයෙන් දමා ගතහොත් තම කටයුතු සඳහා බාධා වෙන නිසා විය යුතුය.


මොහු ජනතාවගේ දැනෙන අවශ්‍යතා හොඳින් හඳුනාගත් නායකයකු වූ අතර ඒ අනුව දිස්ත්‍රික්කය තුළ ඉන්ධන හල් රැසක්ම තම වියදමින්ම ඉදිකළේය.
 තම හිටපු නායකතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු නොකළ අපේ මැම්බර්තුමා සිල් රෙදි, සාරි තොග පිටින් බෙදීම නොකළේය. අනෙක් නායකවරුන් මෙන් එළිපිට වැඩ නොකළ මෙතුමා සෑම මැතිවරණයකදීම ඩබල් ඇක්ටින් රංගනයක නිරත විය. පසුව පැවැති මහා මැතිවරණයෙන් ගෙදර යෑමට සිදු වුවත් නිල නිවාසය බාර නොදුන් මෙතුමා ආණ්ඩුවේ ජල බලයෙන් ජලය හොරාට ගෙන ඇති බවද අනාවරණය විය.


මෙතුමාගේ අවසන් පාර්ලිමේන්තු කාල සීමාවේදී ගම් දනව්වල තම පක්ෂයට නොමැති වෙනත් පාක්ෂික අය තම සමීප හිතවතුන් කර ගැනීමටද ක්‍රියා කළේ වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය ලබා ගැනීමේ අරමුණ ඇතිවය. නමුත් තම පක්ෂයේ හිටපු පැරණි හිතවතුන්ද බුරුතු පිටින් තමන්ට අහිමි වූණ බව දුටුවේ මැතිවරණ පරාජයත් සමගය. එදා අතීතයේ තැපැල් 90 බයිසිකලයකින් ඇරඹි ගමන් මග අද නවීන ජපන් වාහන කීපයක අයිතිකරු වීමට තරම් අපේ මැම්බර්තුමා වාසනාවන්ත විය.


 කොළඹ ප්‍රදේශයේ සුවිසල් මන්දිර කීපයක් බදු පදනමට ලබා දී ඇති මැම්බර්තුමා පූජා භූමියක හෝටලයක් ඉදිකළේ ජනතාවට වන්දනාවට ගිය විට කුලී පදනමට ලබා දීමේ අරමුණ ඇතිවය. කෙසේ වෙතත් නැවතත් දියවන්නාවට සේන්දු වීමට විවිධ  උපක්‍රම සොයන මෙතුමා  යුග පුරුෂයකු ලෙස හැඳින්විය හැකිය.

තේනුවර - විටියල



අදහස් (0)

තීරු බදු රහිත වාහන බලපත්‍ර විකුණා ඉඩම් අක්කර සීයක් ගත් අපේ මැතිතුමා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31187 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13350 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10967 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 68 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 899 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 270 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site