IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


තායිලන්තයේ මානෙල් ලංකා ආපන ශාලාව හත් වැනි සංවත්සරය සමරයි

 

ආසියාවේ වෙළෙඳ රජ දහනක් සේ සැලකෙන වි​ෙදස් සංචාරකයින් ලක්ෂ ගණනින් සැරිසරන තායිලන්තයේ බැංකොක් නුවර සිය වෙළෙඳ ආධිපත්‍ය පතුරුවාගෙන සිටින ශ්‍රී ලාංකීය යුවළකට අයත් මානෙල් ලංකා ආපන ශාලාව පසුගිය සතියේ සිය හත් වැනි සංවත්සරය සැමරුවේය.   


අතිශය දුෂ්කර කටුක මාවතක් ඔස්සේ ගමන් කොට විදේශීය රටක වෙළෙඳ අගනගරයක හදවත බඳු ස්ථානයක ශ්‍රී ලංකාවේ නාමය සනිටුහන් කිරීමට ශ්‍රී ලංකාවේ මීගමුව කොච්චිකඩේ නිමල් ප්‍රනාන්දු සහ මැෆල්ඩා මානෙල් ප්‍රනාන්දු යුවළ සමත්ව සිටිති.   


විදෙස් ජාතිකයන් රැසක් ද තම ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යනු ලබන බැංකොක් අග නගරයේ පටුනාමී නගර කොටසේ ප්‍රධාන වීදියක මානෙල් ලංකා යන සිංහල අකුරු සහ අපේ ජාතික කොඩිය ද සහිතව බහුතරයක් අහසේ ​ෙලළදෙන ආකාරය දුටු විට අපගේ සිතට දැනුණේ වචනයෙන් කිව නොහැකි අපූරු හැඟුමකි. එවැනි බැනරයක් ප්‍රදර්ශණය කරවීමට තරම් නිමල් මානෙල් යුවළ අද වන විට බැංකොක් නුවර ප්‍රසිද්ධ ව්‍යාපාරික යුවළක් බවට පත්ව අවසානය.   


දෙදහස් දහය වසරේ සුලුවට පටන් ගත් මේ ව්‍යාපාරය අද වන විට මුළු ශ්‍රී ලංකාවම පමණක් නොව වෙනත් විදේශීය රටවල සංචාරකයින් පවා දන්නා හඳුනන ප්‍රසිද්ධ ස්ථානයක් බවට පත්ව හමාරය.   


මානෙල් ලංකා ආපන ශාලාවේ හත් වැනි වස් සැමරුම් අවස්ථාවට ඉරිදා ලංකාදීපය වෙනුවෙන් සහභාගී වීමේ අවස්ථාව අපටද හිමි විය.   


ගමේ ගෙදර දී වගේම කෑම කන්න අපේම තැනක් මේ මානෙල් ලංකා ආපන ශාලාවේ පාඨයයි.   


සංචාරකයින් සේම ව්‍යාපාරික අවස්ථා සඳහා ද බැංකොක් නුවරට පැමිණෙන විදේශීය සංචාරකයින් මුහුණ දෙන ප්‍රධානම ගැටලුව වන්නේ ඔවුන්ට ගැළපෙන ආහාර පාන සොයා ගැනීමය. මීට හේතුව තායි ආහාරපාන හුරු වී​ෙමන් මිසක ඒවා එකවර ආහාරයට ගත ​ෙනහැකි රසයකින් යුක්ත වීමය.   


එහෙත් තායිලන්තයට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට නම් මේ ආහාර පාන ප්‍රශ්නය ගැටලුවක් නොවන්නේ මානෙල් ලංකා ශ්‍රී ලාංකිය ආපන ශාලාව නිසාමය. බැංකොක් අග නගරයේ ව්‍යාපාරික මධ්‍යස්ථානය ලෙස සැලකෙන පටුනාමී රාජපන්රාජසොයි හතර වැනි වීදියේ අංක 447/61 දරන ස්ථානයේ සිවු මහල් ​ෙගඩනැගිල්ලක පිහිටි මෙම හෝටලයේ විශේෂත්වය වන්නේ බැංකොක් නගරයේ පිහිටි ලොව ප්‍රසිද්ධ සියලුම ප්‍රධාන පෙළේ සාප්පු සංකීර්ණ වලට හා හෝටල් වලට ඉතා සමීපව පිහිටා තිබීමය.   


තායිලන්තයට පැමිණෙන සියලුම ශ්‍රී ලාංකිකයෝ ජාති ආගම් භේද වලින් තොරව හමු වී කතා බස් කරමින් ශ්‍රී ලාංකීය ආහාර වේලක රස බලන ස්ථානයක් බැවින් තායිලන්තයේ ශ්‍රී ලාංකීය මධ්‍යස්ථානයක් ලෙසද මෙම ස්ථානය හැඳින්වුව හොත් එය නිවැරදිය.   


විදේශීය රටක සුවිසල් අග නගරයකට මෙවැනි ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යාම ලෙහෙසි පහසු කරුණක් නොවේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි පුංචි රටක සිට පැමිණි විදේශිකයකුට එවැනි දෙයක් කළ නොහැකි තරම්ය.  


එ් අනුව මානෙල් ලංකා ආපන ශාලාව පසු පස තිබෙන්නේ දිරියෙන් ජීවිතය ජයගත් ශ්‍රී ලාංකිය යුවළකගේ ආදර්ශමත් කතා පුවතකි.   


අනාගත දිවිය සරු කර ගැනීම සඳහා මවු බිමේ තමන් සතු සියලු දේපළ විකුණා දමා යුරෝපීය රටකට යාමේ අරමුණින් තායිලන්තයට දරු දෙදෙනා ද සමග පැමිණි නිමල් මානෙල් යුවළට සිදු වූයේ බැං​ෙකක් නුවර අතරමං වීමටය. ඒ ඔවුන්ව රැගෙන ආ රැකියා ඒජන්සිකරුවා ඔවුන් අත හැර දමා තායිලන්තයෙන් පැන යාම නිසාය.   

 

 

ඉන් පසුව දරු දෙදෙනා ද සමග නොවිඳිනා දුක් විඳිමින් කුසගින්නේ හිඳිමින් එහෙත් ධෛර්යයෙන් යුතුව නොසැලී ආ ගමනේ අවසානය වූයේ මානෙල් ලංකා ආපන ශාලාව බිහි වීමය.  


තායිලන්තයට පැමිණෙන ශ්‍රී ලාංකිය සංචාරකයින්ට ලබා දුන් සුහදශීලී ආගන්තුක සත්කාර නිසාම දිනෙන් දින දියුණුවෙන් ඉහළට ආ නිමල් මානෙල් යුවළ තම දෙවැනි අාපන ශාලාවද පටුනාමී කොටසේම ඉන්ද්‍රා සුපිරිවෙළෙඳ සංකීර්ණය පසුපස කෙටසේ අංක 122/ 60 ස්ථානයේ ආරම්භ කර තිබේ.   


මීට අමතරව මානෙල් ලංකා කලෙක්ෂන් නමින් තායිලන්තයෙන් ගෙන්වන විවිධ ඇඟළුම් පාවහන් අත් බෑග් ආදිය අලෙවි කරන ව්‍යාපාරික ස්ථානයන් ද ඔවුන් මේ වන විට ශ්‍රී ලංකාවේ කොච්චිකඩේ නගර මධ්‍යයේ පිහිටුවා තිබේ.   


ශ්‍රී ලාංකීය සිංහල දෙමළ මුස්ලිම් ජාතිකයින් පහළොවකට ආසන්න පිරිසක් මානෙල් ලංකා ආපන ශාලා වල සේවයෙහි යෙදී සිටිති. මානෙල් මහත්මියගේ ඥති පුත්‍රයෙකු වන සම්පත් දිනේෂ් මහතා මෙම ආපන ශෘලාවේ කළමනාකරු ලෙස කටුයතු කරන අතර වැලිමඩ බන්දුල දයාරත්න මහතා ප්‍රධාන ​ෙකා්කියා ලෙස කටයුතු කරයි.   


සාර්ථක ව්‍යාපාරයක නිතර වීම නිසාම තායි රජයෙන් ද මෙම ශ්‍රී ලාංකීය ආපන ශාලාව පවත්වාගෙන යාම සඳහා සහාය හිමි වී තිබේ.   


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සේම වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද තායිලන්ත සංචාරයේ යෙදුණු අවස්ථා වල ඔවුනට අවශ්‍ය ආහාර පාන සපයා තිබුණේ මානෙල් ලංකා ආපන ශාලාවෙන් වීමද විශේෂ කරුණකි. එසේම මෑතකදී මහින්ද රාජපක්ෂ මහතා තායිලන්තයේ සංචාරයක යෙදුණු අවස්ථාවක පෞද්ගලිකව මෙම ස්ථානයට ගොස් තිබීමද විශේෂත්වයකි.   


​ෙමරට මැති ඇමතිවරුන්, කලාකරුවන් විද්වතුන් ක්‍රීඩකයන් ආදී විවිධ ක්ෂේත්‍ර වල පිරිස් තායිලන්තයේ සංචාරය කිරීමේදී නිරන්තරයෙන් මානෙල් ලංකා ආපනශාලාවට යන්නේ එහිදී ශ්‍රී ලාංකීය ආහාර වේලක් ගැනීමට තිබෙන එකම ස්ථානය මෙය වීම නිසාය.   


අපි හැමදාම උදේ 9.00 ට ආපන ශාලාව අරිනවා. වහන කොට රාත්‍රී 12.00 ත් පසු වෙනවා. අන්තිම මොහොතේ එන කෙනෙකුට හරි අපි කෑම ටිකක් නොදී ආපහු යවන්නේ නැහැ. 

 
නීති විරෝධී වැඩ නොකර අපි සාර්ථක ගමනක් යනවා. ඒකට දෙවියොත් අපට උදව් කරනවා. ලංකාවෙන් මෙතනට එන අයට අපි සාධාරණ මිලකට රසට බත් කටක් කන්න දෙනවා. මෙතැනට එන හැමෝටම ශ්‍රී ලාංකිකයෝ විදිහට අපි සලකන්නේ යැයි ද නිමල් මානෙල් යුවළ අපට පැවසූහ.

 

 

 

 

 

​සේයාරූ හා සටහන 
පුෂ්පකුමාර ජයරත්න



අදහස් (0)

තායිලන්තයේ මානෙල් ලංකා ආපන ශාලාව හත් වැනි සංවත්සරය සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 275 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 802 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1217 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site