IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


ජීවිතය එපා කරන චිත්තාවේගය

ලෙඩක හැටි

 

සිය දිවි නසා ගැනීමට උත්සාහ දරන්නේ ඇයි?   


දහසකුත් එකක් ප්‍රශ්න හමුවේ පිළිතුරු සොයා ගැනීමට නොහැකිව ජීවත් වෙනවාට වඩා මැරෙන එක හොඳ යැයි සිතනා සිතුවිල්ල යම් දිනෙක ඔබට හොරෙන් ඔබේ සිතටත් ඇති වූවා විය හැකිය.  
ප්‍රශ්න හමුවේ සිය දිවි නසා ගැනීම එකම විසඳුම වෙන්නේ නම් මුළු ලෝකයම මේ වෙන විට සුසාන භූමියක් වෙනු නොඅනුමානය.   


කුමන හෝ කරුණක් මුල්කොටගෙන යම් පුද්ගලයෙකු තමන්ට හානි කර ගැනීමට හෝ ජීවිතයට හානි කිරීමට උත්සාහ දරන්නේ නම් එය සිය දිවි නසා ගැනීමක් ලෙස විස්තර කෙරේ.   


පුද්ගලයෙකු සියදිවිනසාගැනීමට පෙළඹෙන ප්‍රධානම කරුණු දෙකකි.   

 

  1. ආවේග පාලනය කර ගැනීමට නොහැකි විය.   
  2. චිත්තාවේගයන් මුදා හැරීමට නොහැකි වීම.   


විෂාදය, භින්නෝන්මාදය වැනි බරපතළ මානසික රෝගයන්ට ගොදුරු වීම.   


අ​වේග පාලනය කර ගැනීමට නොහැකිව සිය දිවි නසා ගැනීමට පෙළඹෙන වයස් කාණ්ඩයේ වයස අවුරුදු 15 - 29 අතර වයසේ පසුවන්නන් වැඩිපුර වාර්තා වේ. විෂාදය වැනි මානසික රෝගයක් හේතුවෙන් සිය දිවි නසා ගැනීමට වැඩිපුරම ගොදුරු වෙන බවට වාර්තා වෙන්නේ වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන් වීම විශේෂත්වයකි.   


සිය දිවි නසා ගැනීමට පුද්ගලයා පෙළෙඹෙන හේතූන්   


තරුණ   

දැඩි ගැටුම්කාරී පරිසරයන්හි ජීවත් වීම.   

ආර්ථික ප්‍රශ්න (දුප්පත් කම, ණය බර)   

විභාග වලින් අසමත් වීම  

ප්‍රේම සම්බන්ධතා බිඳවැටීම   

පෞර්ෂත්ව දුර්වලතා   

 

ආදී කරුණු තරුණ වියේදී සිය දිව නසා ගැනීමට බලපානා හේතූන් ලෙසට හඳුනා​ෙගන ඇත.   


අන් අයට රිදවීමේ බලාපොරොත්තු වෙන් ද තරුණ පිරිස සිය දිවි නසා ගැනීමට පෙළඹෙන බව සොයා ගෙන තිබේ.   


වැඩිහිටි   


තම භූමිකාවන්ගෙන් මිදීම (උදාහරණයක් ලෙසට උපයන්නන් බවට පත් වූවන් යැපෙන්නන් බවට පත් වීම)   

ආර්ථික ප්‍රශ්න (දුප්පත් කම)   

විශ්‍රාම ගැනීම   

දරු මුණුබරන්ගේ ගැහැටවලට මුහුණ දීම   

හුදෙකලා වීම   

මානසික ආතතිය   

ජීවිතයේ අභියෝගවලට මුහුණ දීමට ඇති බිය ආදී කරුණු මෙන්ම   

විෂාදය, භින්නෝන්මාදය වැනි බරපතළ මානසික රෝගී තත්ත්වයන් ද වැඩිහිටි වියේදී සිය දිවි නසා ගැනීමට බලපානා කරුණු වේ.   


සිය දිවි නසා ගැනීම වළක්වා ගැනීමට   


යථාර්ථයෙන් බැහැරව ළඟා විය නොහැකි ඉලක්කයන්ට ළං වීමෙන් වළකින්න. ​  

දෙමාපියන් සෑම විටම දරුවන්ට අධික බලාපොරොත්තු දීමෙන් වැළකීම   

කිසිම පුද්ගලයෙකුගේ වටිනාකමක් ජයග්‍රහණය මතම පදනම් නොවන අතර ජීවිතයේ යම් යම් අවස්ථාවලදී පරාජය වුවද එය අභියෝගයක් කොට තම දක්ෂතා හඳුනා ගෙන ඉදිරියට යාමට උත්සාහ දැරිය යුතුය.   

ක්ෂණිකව ඇති වන ගැටලු හමුවේ කඩා නොවැටී දරා ගැනීමේ ශක්තීන් ඇති කර ගන්න.   

මම කවදා හෝ ජය ගන්නවා. එම දිනය අද නොවිය හැකිය. පරාජය වෙන සෑම මොහොතක දීම එළෙසින්ම සිතන්න.   

 

ජීවිතයේ ඕනෑම මොහොතකදී ඕනෑම අයෙකු අතින් වරදක් සිදු විය හැකිය. වරදක් වීම ජීවිතයෙන්ම සමු ගැනීමක් කර ගත යුතු නැත. ජීවිතය යනු ප්‍රශ්න පත්‍රයකි. ජීවත් වීම යනු එම ප්‍රශ්නයට පිළිතුරු සෙවීමය.   
විසඳා ගත නොහැකි යැයි සිතනා ගැටලුවක් ඇති වූ විට දැනුම් තේරුම් ඇති අයෙකු සමග ප්‍රශ්නය සාකච්ඡා කරන්න. හැකි නම් උපදේශකයෙකු මාර්ගයෙන් තමාගේ ජීවිතයට සැනසීමක් ලබා ගැනීමට උත්සාහ දරන්න. සියදිවි නිසා ගැනීමට කාන්තාවන්ට සාපේක්ෂව පුරුෂයන් වැඩි වීමට මූලිකම හේතුවක් වී ඇත්තේ පිරිමින් තමා මුහුණ දෙන ගැටලු කිසිවක්, කිසිම විටෙක අන්අය මග බෙදා හදා ගැනීමට උත්සාහ නොගැනීමය. එම නිසාම යම් ප්‍රශ්නයක් දරාගත නොහැකි කළ සිය දිවි නසා ගැනීමට පෙළඹේ.   


යම් පුද්ගලයෙකු නිතර කලකිරීමෙන් සිටීම, හැඬීම, සුසුම් හෙළීම, අන් අයෙ​ෙගන් ඈත් වී සිටීම, ආහාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම, වෙනස් වීම් සමග මම දැන් ජීවත් වෙලා ඇති මැරෙන්න හිතෙනවා නිතර කියන්නේ නම් එය මානසික රෝගයක් නිසා කියනවා විය හැකිය. ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.   


වසරකට අප රටේ සිය දිවි නසා ගැනීමෙන් වටිනා මිනිස් ජීවිත 3000 කට වඩා වැඩි ප්‍රමාණයක් මියැදේ. පොලිස් වාර්තාවන්ට අනුව ගෙවුණු වසරේ මෙරටින් වාර්තා වී ඇති සිය දිවි නසා ගැනීමේ සංඛ්‍යාව 3226 කි. කාන්තාවන්ට සාපේක්ෂව සිය දිවි නසා ගැනීම්වලට පිරිමි පාර්ශ්වය ගොදුරු වෙන බවද වෛද්‍ය වාර්තාවන් පෙන්වා දේ.   


1995 වසරේදී ලෝකයේ සියදිවි නසා ගැනීම් වැඩිම රට ලෙසට ශ්‍රී ලංකාව පත්ව තිබූ නමුත්  අද වන විට දැනුම්වත් කිරීම්, උපදේශන සේවාවන් සැපයීම දියුණු වීම් ආදී මගින් පැවැති අවාසනාවන්ත තත්ත්වයන් මඟහැර ගැනීමට හැකිව තිබේ.   

 

 

 


සටහන
අසුන්තා එදිරිසූරිය.   



අදහස් (1)

ජීවිතය එපා කරන චිත්තාවේගය

prasad Friday, 05 April 2019 12:29 PM

මට තියෙන ගැටලුව නම් ජිවිතේ එක වෙලාවකට එපා වීම, කලකිරීම, ආත්ම විශ්වාසය අඩු කමක් නිසාද මෙය වෙන්නේ..ආදරයේ යම් යම් ගැටලුද මේ නිසා සිදු වී ඇත..උදව්වක් ඕනා

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1677 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1410 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 501 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site