IMG-LOGO

2025 මාර්තු මස 24 වන සඳුදා


කොළඹදී රුසියාව පැසසූ හඳට ගිය දෙවැනියා

  • පොළොව දෙස බලමින් තමා නීල් ආම්ස්ට්‍රොන්ට පවසා සිටියේ අප දෙදෙනා හුදෙකලාව සඳ මතුපිට සිටින නමුත් නියම සැණකෙළිය ඇත්තේ පොළොවේ බවයි.එඩ්වින් ඕල්ඩ්රින් මින් අදහස් කළේ සඳ ජය ගැනීම පිළිබඳව ජාති ආගම් දේශපාලන භේදයකින් තොරව එක් මිනිස් වර්ගයක් ලෙස සතුටුවීම පිළිබඳවය.

 

 

මිනිස් ශිෂ්ටාචාරයේ එක් එක් යුගවලදී අත්හදා බලනු ලැබූ විවිධ චර්යා රටාවන් මේ මහ පොළව හා සබැඳි ඒවා විය. ඒවා පොළොව සහ මිනිසා අතර වූ ගනුදෙනු ලෙසද හැඳින්විය හැකිය. මෙයට වඩා වෙනස් වූද ඉතා සංකීර්ණ වූද අත්හදා බැලීමකට ද ශිෂ්ටාචාරය තුළදී මිනිසා විසින් මුහුණ දෙනු ලැබිණි. එය මිනිසා පොළොව සහ සඳ අතර සබැඳියාවකි. මිනිසා විසින් සඳ ජයගනු ලැබීම යනුවෙන් එය සටහන් වූ අතර එහි පනස් වන සංවත්සරය ද පසුගියදා සමරනු ලැබීය.


අභ්‍යවකාශය ජය ගැනීම සඳහා ඇමරිකාව සහ සෝවියට් දේශය අතර පැවැති තරගයෙන් වරක් සෝවියට් දේශයද තව වරක් ඇමරිකාවද ජයගනු ලැබීය. සෝවියට් දේශය මිනිසෙකු මුල්වරට අභ්‍යවකාශයට යවනු ලැබුවේ 1961 අප්‍රේල් 12 වෙනි දිනය.


ඇමරිකාව උඩු ගුවනට සිය ගගනගාමි ඇලන් ෂෙපර්ඩ් යවනු ලැබුවේ 1961 අප්‍රේල් 27 වෙනි දිනය. මෙහිදී දින ගණනකින් සෝවියට් දේශය පෙරමුණ ගත් අතර අභ්‍යවකාශයට ගිය පළමු මිනිසාවීමට ඇලන් ෂෙපර්ඩ්ට නොහැකි වූයේ ඇමරිකානු අභ්‍යවකාශ යානය උඩු ගුවනට යැවීම කිහිප වරක්ම කල් දමනු ලැබූ හේතුවෙනි.


ඇලන් ෂෙපර්ඩ් මේ ගැන මැසිවිලි නගමින් ඇමරිකානු අභ්‍යවකාශ ආයතනයට දොස් නගමින් පවසා සිටියේ ඇමරිකානු අභ්‍යවකාශ ගමන කල් නොදැමුවේ නම් උඩු ගුවන පළමුවෙන් ජයගන්නේ ඇමරිකානුවෙකු විය හැකිව තිබූ බවයි.


උඩු ගුවන ජයගැනීමේ තරගය ඇමරිකාව සහ සෝවියට් දේශය අතර වූවා සේම එය ගගාරින් සහ ෂෙපර්ඩ් අතර වූ පෞද්ගලික තරගයක් ලෙසද සැලකිය හැකිය. යූරි ගගාරින් විසින් රචිත තම චරිතාපදානයෙහි ඇලන් ෂෙපර්ඩ් ගේ උඩු ගුවන ජය ගැනීමේ ලකලැහැස්තිය පිළිබඳව සඳහන් කොට තිබේ.


ඇමරිකාව සහ සෝවියට් දේශය අතර මේ අවධියේ සීතල යුද්ධයක් පැවතියද අභ්‍යවකාශ තරගය පිළිබඳ ඔවුනොවුන් අතර වන ගෞරවයක් පැවතීමේ ස්වරූපයක් ද තිබිණි.
ඇමරිකානු ඇපලෝ 11 යානය සඳ ජයගැනීමෙන් අනතුරුව යළි පෘථිවිය වෙත පැමිණීමෙන් අනතුරුව සෝවියට් ගගනගාමියෙකු වූ ඉවාන් වොස්මෙනිව් පවසා සිටියේ දෙරට අතර දේශපාලන වශයෙන් භේද පැවතිය ද ඇපලෝ නියමුවන් නිරුපද්‍රිත ව යළිත් පොළොව වෙත පැමිණීම සෝවියට් දේශයේ බලාපොරොත්තුව වූ බවය.


එසේම රුසියානුවන්ගේ අභ්‍යවකාශ තරග හැකියාව ඇමරිකානු ගගනගාමීන්ගේ ද පැසසුමට බඳුන් වූ අවස්ථා ඇත.


රුසියාව විසින් ගුවන් ගත කළ මීර් අභ්‍යවකාශ මධ්‍යස්ථානය සිය කාලය අවසන් කරමින් කඩා වැටීමේ තත්ත්වයකට 2000 වසර වන විට පත්විය.


මීර් මධ්‍යස්ථානය පොළොවේ සිට සැතපුම් 250ක් ඉහළින් කක්ෂගතව තිබූ අතර එය පැයකට සැතපුම් 17000 වේගයකින් පෘථිවිය වටේ ගමන් කරමින් තිබිණි.
මෙය කඩා වැටීම සම්බන්ධයෙන් ලොව පුරා භීතියක් පැතිර ගියේ එහි කොටස් පොළොවේ ජනාකීර්ණ ප්‍රදේශයකට ඇදවැටීමෙන් විශාල අනතුරක් ඇතිවිය හැකි බැවිනි. එය සෑම දිනකම ලොව ජනාකීර්ණ ප්‍රදේශ උඩින් ගමන් කරමින් සිටියේය.


2000 වසරේ මැද භාගයේදී සඳ මත පා තැබූ ලොව දෙවෙනි මිනිසා වූ කර්නල් එඩ්වින් ඕල්ඩ්රින් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. යොට් යාත්‍රාවකින් ලෝක සංචාරයක නිරතවෙමින් සිටියදී සිය බිරිඳ සමඟ ශ්‍රී ලංකාවට පැමිණි ඕල්ඩ්රින් කොළඹ ඇමරිකානු මධ්‍යස්ථානයේ දී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය. එම මාධ්‍ය සාකච්ඡාවට මමද සහභාගී වීමි.
මෙහිදී මාධ්‍යකරුවන් විසින් විවිධ ප්‍රශ්න රැසක් ගගනගමියා වෙත ඉදිරිපත් කරනු ලැබූහ.


එවකට මීර් අභ්‍යවකාශ මධ්‍යස්ථානය කඩා වැටීමේ අනතුර ගැන ඕල්ඩ්රින්​ෙගන් විමසා සිටි විට ඔහු පැවසුවේ මීර් මධ්‍යස්ථානය කඩා වැටීමෙන් පෘථිවියට අනතුරක් වෙතැයි තමා නොසිතන බවය. රුසියානුවන් එය නිසි පරිදි කළමනාකරණය කරනු ඇති බවට සැකයක් නැතැයි ඔහු පැවසීය.


රුසියානුවන් මෙවැනි සංකීර්ණ කාර්යභාරයන් පිළිබඳව විශේෂ දක්ෂතා ඇත්තන් බවද එඩ්වින් ඕල්ඩ්රින් පවසා සිටියේය.


මීර් මධ්‍යස්ථානය කඩා වැටීම බෝයින් ගුවන් යානයක සිට ඉහළ අහසේදී නිරීක්ෂණය කිරීමට බලාපොරොත්තු වන බව කර්නල්වරයා පැවසීය.


සඳ ගමන මිථ්‍යාවක් බවට වූ මතයක් එඩ්වින් ඕල්ඩ්රින් ශ්‍රී ලංකාවේ සංචාරය කළ කාලයේ දී ඇමරිකාවේදී පැතිර තිබිණ.


මේ පිළිබඳව ජනමාධ්‍ය නියෝජිතයින් විමසා සිටි විට ඔහු ඊට කදිම නිර්වචනයක් ඉදිරිපත් කළේය.


සාමාන්‍යයෙන් වැදගත් යමක් සිදු වූ විට එය බොරුවක් බවට මත පළ කිරීම සිරිතක්ය.


එය සමහරුන් අතර ඇති බව ඔහු පැවසීය. සමහර ඇමරිකානුවන් මෙවැනි වැල්වටාරම් වලට රුචිකරන බව ඔහු පවසා සිටියේය.


එය සාමාන්‍ය මිනිස් ස්වරූපයක් නිසා ඒවා පිළිබඳ තැකීමක් කළ යුතු නැති බවයි ඔහුගේ අදහස වූයේ.


මෙහිදී ඔහු සහ නීල් ආම්ස්ට්‍රෝන් අතර සඳ මතුපිට ඇති වූ සාකච්ඡාවක් ගැනද සඳහන් කළේය.


පොළොව දෙස බලමින් තමා නීල් ආම්ස්ට්‍රොන්ට පවසා සිටියේ අප දෙදෙනා හුදෙකලාව සඳ මතුපිට සිටින නමුත් නියම සැණකෙළිය ඇත්තේ පොළොවේ බවයි.


එඩ්වින් ඕල්ඩ්රින් මින් අදහස් කළේ සඳ ජය ගැනීම පිළිබඳව ජාති ආගම් දේශපාලන භේදයකින් තොරව එක් මිනිස් වර්ගයක් ලෙස සතුටුවීම පිළිබඳවය.


අනතුරුව මාධ්‍ය සාකච්ඡාව හදිසියේ මෙන් අවසන් කිරීමට සිදුවිය.


ඒ තමා පැමිණි යොට් යාත්‍රාව නැවත ගමන් ආරම්භ කිරීමේ කාලයට ආසන්න බව කියමින් ඕල්ඩ්රින් මහත්මිය මඳක් කලබලයට පත්වූ නිසාය.

 

 

රන්ජන් අමරසිංහ

 



අදහස් (0)

කොළඹදී රුසියාව පැසසූ හඳට ගිය දෙවැනියා

ඔබේ අදහස් එවන්න

 

Recommend

පුටින්ට විශිෂ්ට ජයක්
2024 මාර්තු මස 18 4733 6

රුසියන් ජනාධිපතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක් හිමිවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි. මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව, 71 හැවි


අග හිඟකම් මැද්දේ කෝටි තිස්දාහක රන් බඩු - වාහන උකස්පොළට ගිහින්
2024 පෙබරවාරි මස 03 109 0

ආර්ථික අමාරුකම් හේතුවෙන් ජනතාව රුපියල් කෝටි තිස් දහසකට වැඩි වටිනා ස්වර්ණාභරණ හා දේපළ පසුගිය වසර තුනක කාලයේදී විකුණා දමා හෝ උකස් කර ඇතැයි මුදල් අමාත්‍


හිටපු ලොක්කෝ රැසක් ඡන්දෙට
2024 පෙබරවාරි මස 03 113 0

ඉදිරි මැතිවරණ ඉලක්ක කර හිටපු හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්, රජයේ හිටපු වෙනත් ප්‍රධාන උසස් නිලධාරීන්, වෘත්තිකයන් හා ප්‍රසිද්ධ ව්‍යාපාරික


තාක්ෂණයේ සිරවීම
2024 ජනවාරි මස 20 167 0

තිඹිරිගෙයි සිට සයිබර් අවකාශය දක්වා පැමිණි ගමන් මග ඉතා වේගවත්ව. ගෝලීයකරණයත් සමග මුළු ලෝකයම එකම විශ්ව ගම්මානයක් බවට පත්ව ඇති බව අප කවුරුත් දන්නා කරුණකි.


මාලිමාවේ බලය පෙන්වන කාන්තාවෝ
2024 ජනවාරි මස 16 886 0

පසුගිය දෙසැම්බර් 30 වැනිදා ජාතික ජනබලවේගය සිය පළමු දිස්ත්‍රික් කාන්තා සමුළුව පැවැත්වීය. මැතිවරණ වර්ෂයක් ආරම්භයේ දී ජාතික ජනබලවේගය පළමුවෙන්ම කාන්තා බ


සමබර වී ආතතිය අඩු කරමු
2023 ජුනි මස 24 282 0

සුව දිවිය ලිපි පෙළෙන් මෙවර කතාබහ කෙරෙන්නේ මානසික ආතතිය හෙවත් STRESS පිළිබඳවයි. එ්‍ සම්බන්ධව උපදෙස් ලබාදීමට අප සමග එකතු වූයේ විශේෂඥ මනෝ වෛද්‍ය රොෂාන්


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 201 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 550 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1176 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site