IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කොරෝනා වැලඳී සුවවුණු අවුරුදු 113 අත්තම්මා

 

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට වයස් භේදයක් නැත. ආසාදිතයන් මරණයට පත්වන්නේ නියුමෝනියාවෙනි. මේ වනවිට ලොව පුරා 3,800,000 ක් වයිරසය ආසාදනය වී ඇති අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 2,67,000 ඉක්මවයි. එයින් මරණ 80,000 ක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.  
චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමින් ඇරැුඹුණු ‘කොවිඞ් 19’ වයිරසයට වයස් භේදයක් නොමැති වුවත්, වයිරසයට බිලිවුණු වැඩි දෙනා අවුරුදු 65ට වැඩි වැඩිහිටියන් ය. ලොව පුරා  3,800,000 ක් වයිරස ආසාදිතයන් හමුවෙද්දී, 1,266,000 කට වැඩි පිරිසක් පූර්ණ සුවය ලබා සිටින බව ද පැවැසෙයි. 
‘කොවිඞ් 19’ වයිරසය යුරෝපය ආක‍්‍රමණය කළ අවස්ථාවේ පටන් තවමත් වයිරසයෙන් දරුණු ලෙස බැට කන රටක් වන්නේ ස්පාඤ්ඤයයි. දිනෙන් දින ආසාදිතයන් වැඩිවෙද්දී, ස්පාඤ්ඤය ඉතාලිය ද පසු කර ඇත. ස්පාඤ්ඤයේ 2,28,691 දෙනකුට වයිරසය ආසාදනය වී ඇති අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 27,100 ඉක්මවා තිබේ. ස්පාඤ්ඤය මුළුමනින්ම අඩපණ කිරීමට ‘කොවිඞ් 19’ සමත් වී ඇත. 


කරුණු කාරණා මෙසේ සිද්ධ වෙද්දී, ස්පාඤ්ඤයේ වයස්ගතම තැනැත්තිය ‘කොවිඞ් 19’ පරාජය කිරීමේ පුවතක් අසන්න ලැබුණි. එය සැබැවින්ම නෙතට කඳුළක් එක් කළ සුබ ආරංචියක් වූවා නිසැකය. ‘කොවිඞ් 19’ පරාජය කළ ඇය මරීයා බ‍්‍රැන්යාස් ය. ඇගේ වයස අවුරුදු 113 කි.  


මරීයා මී මිත්තණියක වන්නීය. ඇය ‘කොවිඞ් 19’ ආසාදිතයකු බව තහවුරු වූයේ පසුගිය මාර්තුවේ, ස්පාඤ්ඤ රජය වයිරස ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් ස්පාඤ්ඤය ‘ලොක්ඩවුන්’ කිරීමත් සමඟය. වාසනාවකට මරීයාගේ තත්ත්වය බරපතළ නොවිණි. එහෙයින්, රෝහල් ගත කිරීමක් අවශ්‍ය නොවුණු අතර, නිරෝධායනයේ සිටීමට ඇයට සිදුවිය. සති කිහිපයක් මරීයා නිරෝධායනයේ සිටියාය. අවසානයේ ඇය වයිරසය පරාජය කළාය. 


මෑත කාලයේ ගෝලීය වසංගත තත්ත්වයක් බවට පත් වුණු දරුණුතම වයිරසය ‘කොවිඞ් 19’ නව කොරෝනා වයිරසයයි. එසේ වුවත්, ලෝකයට වසංගතයක් වූ පළමු වසංගතය මෙය නොවෙයි. ස්පාඤ්ඤ උණ වසංගතය ලොව කැලැඹුවේ 1918 සිට 1919 දක්වා කාලයේය. මරීයා උපත ලබා ඇත්තේ 1907 වසරේදීය. මරීයා ස්පාඤ්ඤ උණ වසංගතයට මුහුණ දුන් තැනැත්තියකි. ස්පාඤ්ඤ සිවිල් යුද්ධය පැවැතියේ 1936 සිට 1939 දක්වා කාලයේය. යුද ගැටුම් හේතුවෙන් මියගිය ගණන 1,75,000 ඉක්මවිය. මරීයා එයින් ද දිවි ගලවා ගත්තාය. ඉන්පසු මරීයාට ‘කොවිඞ් 19’ ගෝලීය වසංගතයට මුහුණ දීමට සිදුවුණු අතර ඇය වයිරසය පරාජය කළාය. 
මරීයා බ‍්‍රැන්යාස් උපත ලැබුවේ 1907 වසරේ මෙක්සිකෝවේදීය. ඇය ඇගේ පවුලේ අය සමඟ පළමුවෙන් ඇමෙරිකාවේ සැන් ෆ‍්‍රැන්සිස්කෝ බලා පැමිණි අතර පසුව පළමු ලෝක යුද සමයේ ස්පාඤ්ඤයට පැමිණියාය. පදිංචි වූයේ ජිරෝනා පළාතේ කැටලෝනියාවේය. ඇගේ පියා ස්පාඤ්ඤ මාධ්‍යවේදියකු ලෙස රැුකියාව කළ අයෙකි. විවාහ වූ මරීයා තිදරු මවක වූවාය. ඇගේ වැඩිමල් පුතු පසුගිය දා සිය 86 වැනි උපන් දිනය සැමරුවේය.  


මරීයාට මුනුපුරු මිනිබිරියන් 11 දෙනකි. ඒ අතරින් වයසින් වැඩිම තැනැත්තා 60 හැවිරිදිය. මරීයාට සිටින මී මුනුපුරු මිනිබිරියන් ගණන 13 කි. මරීයා දශක දෙකක් තිස්සේ තවමත් ජීවත් වන්නේ  ඕලොට් නගරයේය. ‘කොවිඞ් 19’ වයිරසය පරාජය කිරීමෙන් පසු, මාධ්‍යවේදීන් විසින් වට කර ගනු ලැබූ අවස්ථාවේ මරීයා මෙසේ කීවාය. ‘මම ජීවිතය පුරා කළේ එක දෙයයි. මම ජීවත් වුණා.’ 


‘කොවිඞ් 19’ වයිරසය පරාජය කළ අවුරුදු 100 ඉක්මවූ තවත් කිහිප දෙනකු ගැන ලොව රටවල් කීපයකින් වාර්තා වේ. තුර්කියේ අවුරුදු 107 ක් වයසැති කාන්තාවක වන හවාහාන් කරඩෙන්සි, චීනයේ වූහාන් නුවර අවුරුදු 103 ක් වයසැති ෂැංග් ගුවැන්ෆෙන්, ඉරානයේ අවුරුදු 102 ක් වයසැති කාන්තාවක සහ 106 ක් වයසැති පිරිමියකු, ඉතාලියේ අවුරුදු 104 ක් වයසැති ඒඩා සැනූසෝ නමැති කාන්තාව, නෙදර්ලන්තයේ 107 හැවිරිදි කොර්නේලියා රාස්, මහා බි‍්‍රතාන්‍යයේ 104 ක් වයසැති විලියම් ලැප්චීස් ඒ අතර සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 113 ක් වයසැති මරීයා බ‍්‍රැන්යාස් ‘කොවිඞ් 19’ පරාජය කළ වයස්ගතම පුද්ගලයා පමණක් නොව, වයස්ගතම කාන්තාව ද වෙයි. 

 


ලූසිත ජයමාන්න 
‘බී.බී.සී. ඇසුරිනි’



අදහස් (0)

කොරෝනා වැලඳී සුවවුණු අවුරුදු 113 අත්තම්මා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31257 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13435 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10984 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 87 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 922 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 277 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site