(දයාසීලි ලියනගේ සහ නිශාන්ත කුමාර බණ්ඩාර)
2015 මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටි මන්ත්‍රීවරු 66 දෙනෙක් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු 15 දෙනෙක් මෙවර මැතිවරණයෙන් පරාජයට පත්වූහ.
පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මංගල සමරවීර, ගාමිණී ජයවික්‍රම පෙරේරා, රංජිත් බද්දුමබණ්ඩාර, ජයම්පති වික්‍රමරත්න, මලික් සමරවික්‍රම, ආශු මාරසිංහ, ෆයිසර් මුස්තාපා, තිලක් මාරපන, කරු ජයසූරිය, සිරිනාල් ද මෙල් සහ සරත් අමුණුගම යන මන්ත්‍රීවරු මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවූහ.
ජාතික ලැයිස්තුවෙන් පත්ව සිටි අතුරලියේ රතන හිමියන් ඇතුළු ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඒ.එච්.එම්. ෆවුසි, අනෝමා ගමගේ, සුනිල් හඳුන්නෙත්ති, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, බිමල් රත්නායක, විජිත් විජිතමුණි ද සොයිසා යන මන්ත්‍රීවරු මෙවර පරාජයට පත්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd