(දයාසීලි ලියනගේ)
පාර්ලිමේන්තුව නියෝජනය කළ මැති ඇමැතිවරුන් බහුතරයකට මාසයකට වරක් අලුත් මාළු අඩංගු පෙට්ටියක් බැගින් ධීවර සංස්ථාවෙන් නොමිලේ ලබාදී තිබීමේ සිද්ධියක් වාර්තා වී ඇත.
ඒ ඒ මැති ඇමැතිවරුන්ගේ තරාතිරම මත මාළු කිලෝ 10, 15, 20 බැගින් රිජිෆෝම් පෙට්ටිවල අසුරා නිවෙස්වලට යවා ඇති බව අනාවරණය වී යැයි
ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
ධීවර සංස්ථාව මසකට මාළු කිලෝ 1000කට අධික ප්‍රමාණයක් මැති-ඇමැතිවරුන්ට නොමිලේ ලබාදී තිබීම සංස්ථාව පාඩු ලැබීමට එක් හේතුවක්ව තිබූ බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. නොමිලේ මාළු ලබාදීමේ ව්‍යාපෘතිය අත්හිටුවීමෙන් පසු සංස්ථාව ලාබ ලබන තත්ත්වයට පත්වූ බව ද ඇමැතිවරයා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd