(අජන්ත කුමාර අගලකඩ)  
සිංගප්පුරු අග්‍රාමාත්‍ය ලී සින් ලුන් මහතා ලබන මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණීමට නියමිතය.  

සිංගප්පුරු අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමකට ද අත්සන් තැබීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.  


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණෙන සිංගප්පුරු අගමැතිවරයා ජනාධිපතිවරයා ද, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.