(අජන්ත කුමාර අගලකඩ)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව තීරණාත්මක එකක් වනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව හා විධායක සභාව අද සවස 5.00ට බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී පැවැත්වෙන බැවින්, ඊට සහභාගි වන ලෙස එහි සාමාජිකයින්ට ඉකුත් සතියේ ලිපි මගින් දැනුම් දී තිබිණි.
පක්ෂයේ දැනට සිටින නිලධාරී මණ්ඩලය වෙනුවට, පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා තාවකාලික නිලධාරී මණ්ඩලයක් ද අද පස්වරුවේ පැවැත්වෙන රැස්වීමේදී පත්කර ගැනෙනු ඇත.
ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වන්නේද නැද්ද යන්න පිළිබඳවද අද පැවැත්වෙන රැස්වීමේ දී සාකච්ඡා කෙරෙනු ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd