(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මධ්‍යම කාරක සභා ඉදිරි සති දෙක ඇතුළත දී රැස්වීමට නියමිත බව එම පක්ෂ ආරංචිමාර්ග සඳහන් කරයි.
පක්ෂ දෙක අතර පැවැති සාකච්ඡාවල දී එකඟතා ඇති කර ගත් මූලික ප්‍රතිපත්ති කාරණා 25 අනුමත කර ගැනීම සඳහා පක්ෂ දෙකේ මධ්‍යම කාරක සභා මෙසේ රැස්වීමට නියමිතව ඇතැයි එම ආරංචිමාර්ග කියයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර හතර වැනි වටයේ සාකච්ඡා ලබන මස 9 වැනිදා පැවැත්වෙන බැවින්, ඊට පෙර මෙම මූලික ප්‍රතිපත්තිමය කාරණා අනුමත කර ගැනෙනු ඇතැයි පැවැසේ.
එසේ අනුමත කර ගන්නා ප්‍රතිපත්තිමය කාරණා රටට ප්‍රකාශ කිරීමට ද එම පක්ෂ දෙක තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd