(දයාසීලි ලියනගේ)
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවකයන් 1500ක පිරිසක් සඳහා ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැනීමේ (V.R.S.) අවස්ථාව සැලසීමට පාලන අධිකාරිය පියවර ගෙන ඇති බව වාර්තාවේ.
දැනට ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ 7000 ක පමණ පිරිසක් සේවය කරනු ලබන අතර කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය මාස 3ක කාලය තුළ ආයතනය බරපතළ පාඩු ලබා ඇතැයි සඳහන් වේ.
මේ හේතුව නිසා අදාළ සේවකයන් පිරිස අඩු කිරීම සඳහා වන්දි ලබාගෙන කැමැත්තෙන් විශ්‍රාම ගැනීමේ අවස්ථාව ලබාදීමට පාලන අධිකාරිය මගින් පියවර ගෙන ඇති බව දැන ගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd