වෘත්තීය සමිතිවලින් චෝදනා
(නිශාන්ත කුමාර බණ්ඩාර)
වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් දහසකින් වැඩි කරන ලෙස නිකුත් කළ ගැසට් නිවේදනය ප්‍රෝඩාවක් බව වතු වෘත්තිය සමිති සඳහන් කරයි.
එක්වී ඊට එරෙහිව කටයුතු කළ යුතු බව ලංකා ජාතික වතු කම්කරු සංගමයේ ලේකම් වඩිවේල් සුරේෂ් මහතා පැවැසීය.
දැනට මේ පිළිබඳ අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වී ඇති නිසා වැටුප් වැඩිකිරීම පිළිබඳ ගැටලුවක් පවතින බව ඔහු සඳහන් කළේය.
වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් දහසකින් වැඩිකිරීමට වතු හාම්පුතුන් විසින් විරෝධය පළකිරීම නිසා පඩි පාලක සභාව විසින් වැටුප් වැඩිකිරීමට කටයුතු කළේය.
මේ සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කළ ද එය විශාල අර්බුදයක් දක්වා වර්ධනය වී තිබේ.
මෙම අර්බුදය හමුවේ වතු ක්ෂේත්‍රය අඩාළ වීම වළක්වා ගත නොහැකි වන අතර එය රටේ ආර්ථිකයට ද බලපාන බව ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd