(දයාසීලි ලියනගේ)
වසරකට සියයකට 12 ක වැටුප් වැඩිවීමක් ලබා දෙන ලෙස ඉල්ලා මැයි 8 වැනි දිනෙන් පසු ඒකාබද්ධ වැඩ වර්ජනයක් පැවැත්වීමට විදුලිය බල සේවකයෝ තීරණය කර ඇත.
මේ සඳහා දැනටමත් විදුලිය ඉංජිනේරුවන් සමග සාකච්ඡා කරනු ලබන බව ලංකා විදුලිය බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා කීය.
විදුලිය සේවකයන්ගේ වැටුප් වැඩිවීම සිදුවන්නේ වසර තුනෙන් තුනටය. එහිදී වසරකට සියයට 12 ක වැටුප් වැඩිවීමක් ඉල්ලා කෑම පැයේ දී විරෝධතා ව්‍යාපාර පැවැත්වුවත් එහි සාර්ථක ප්‍රතිඵලයක් නොවූ බව ද රංජන් ජයලාල් මහතා ප්‍රකාශ කළේය.
වෙනත් විසඳුමක් ලබා නොදුන් නිසා එක් දින වැඩ වර්ජනයක් පැවැත්වීමට දැනට තීරණය කර ඇති බව ද ඔහු කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd