(දයාසීලි ලියනගේ)
මේ වසරේ මුල් මාස 8ක කාලය තුළ පොලිසියට එරෙහි පැමිණිලි 1044 ක් පොලිස් කොමිසමට ලැබී ඇත.
මෙම පැමිණිලිවලින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ පොලිසියේ අක්‍රීය බව හා උදාසීනත්වය පෙන්නුම් කිරීම සම්බන්ධ පැමිණිලි බව පොලිස් කොමිසමේ මාධ්‍ය නිලධාරී පී.ඩී. ලියනාරච්චි මහතා කීය.
එම සංඛ්‍යාව 424 ක් වී ඇත. පොලිසිය බලය අයුතු ලෙස යොදා ගැනීම සම්බන්ධ පැමිණිලි 304ක්, පක්ෂග්‍රාහීව කටයුතු කිරීම පිළිබඳ පැමිණිලි 141ක්, මත්ද්‍රව්‍ය සම්බන්ධ පැමිණිලි 24ක්, නිවැරැද්දේ අත්අඩංගුවට ගැනීම් සිරභාරයේ තබා ගැනීම් යනාදී චෝදනා සම්බන්ධ පැමිණිලි 38ක්ද නීති විරෝධී ලෙස රඳවා ගැනීම් 19ක්, පහරදීම් 17ක් අල්ලස් ගැනීම් 12, පොලිස් අත්අඩංගුවේදී මිය යෑමේ සිදුවීම් 3ක් හා වෙනත් පැමිණිලි 62ක් වූ බව ලියනාරච්චි මහතා ප්‍රකාශ කළේය.
මෙම පැමිණිලිවලින් 555ක් දැනටමත් විමර්ශන අවසන් කර ඇති අතර තවත් පැමිණිලි 298 ක් පිළිබඳව විමර්ශන පැවැත්වෙමින් තිබෙන බවද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd