
(මහින්ද නිශ්ශංක)
සම්බුදු තෙමඟුල සිදුවූ අසිරිමත් වෙසක් උළෙල නිමිත්තෙන් මෙවර කොළඹ නගරය තුළ දර්ශනීය වෙසක් තොරණ 10ක් පමණ ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇතැයි වාර්තාවේ.
පෑලියගොඩ - නවලෝක, හුණුපිටිය - ගංගාරාමය, පිටකොටුව - බෝධි රාජාරාමය, පිටකොටුව බැස්ටියන් මාවත බස් නැවතුම්පොළ අසළ, තොටළඟ, කොස්ගස් හංදිය, දෙමටගොඩ, වැලිකඩ බන්ධනාගාරය, බෞද්ධාලෝක මාවත බෞද්ධ මහා සම්මේලනය පරිශ්‍රය, හා කොළඹ වරාය චෛත්‍ය අසළ මෙම දර්ශනීය වෙසක් තොරණ ඉදිකර තිබෙන ස්ථාන වේ.
මෙයට අමතරව පිටපළාත්වලද වෙසක් තොරණ රැසක් ඉදිකර තිබෙන අතර වෙසක් පෝය යෙදෙන ලබන 10 දා සිට වෙසක් තොරණ ප්‍රදර්ශනය කෙරෙන බව සංවිධායකවරු පවසති.
මේ අතර කොළඹ නගරය තුළ මෙවර වෙසක් කලාප හතරක්ද වේ. ගංගාරාම බුද්ධ රශ්මි වෙසක් කලාපය, බෞද්ධාලෝක මාවත වෙසක් කලාපය, වරාය බෞද්ධ සංගමයේ ස්වර්ණ ශ්‍රී කොළොම්තොට වෙසක් කලාපය හා සිරස වෙසක් කලාපය ඒ අතර වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd