(අජන්ත කුමාර අගලකඩ)
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනාවලට විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා මේ සතියේදී පිළිතුරු දෙනු ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය ජිනීවාදී හෙට (22) ආරම්භ වන අතර විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් අනිද්දා (23) ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ එය ඇමැතීමට නියමිතය.
මානව හිමිකම් කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති වාර්තාව සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට හා ස්වෛරීභාවයට බරපතළ හානියක් සිදුකරන්නක් බව රජයේ ස්ථාවරය වී ඇති අතර දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා අනිද්දා පැවැත්වෙන සැසිවාරයේදී එම ස්ථාවරය දැනුම් දෙනු ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවී ඇති බවට චෝදනා කරමින් මීට සති කිහිපයකට පෙර වාර්තාවක් ඉදිරිපත් කළ අතර මෙරට හමුදා ප්‍රධානීන්ට සහ ජනාධිපතිවරයාගේ ඇතැම් පත්වීම් සම්බන්ධයෙන්ද එමගින් චෝදනා එල්ල කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd