කතානායක බෑ කියයි
සුජිත් හේවාජුලිගේ
සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව වැඩි කිරීමෙන් පසු සමහර මන්ත්‍රීවරුන් මාස කීපයක හිඟ ඉන්ධන දීමනාව ලබා ගැනීමට ද ඉල්ලීම් කර ඇතැයි වාර්තා වේ. එහෙත් කතානායකවරයා එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඇත.
ඉන්ධන මිල ගණන් පසුගිය ජනවාරි මාසයේ වැඩි වූ පසු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව රටේ ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන මාස 5ක් පමණ ලබා දුන්නේ පරණ ඉන්ධන මිලට ගැළපීමෙනි.
කෙසේ වෙතත් මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම සැලකිල්ලට ගෙන නව මිල ගණන් අනුව ඉන්ධන දීමනාව ලබාදීමට පසුගිය මාසයේ සිට පියවර ගැනිණ. මේ අනුව ඈත දුර බැහැර ප්‍රදේශයක මන්ත්‍රීවරයකුට ඉන්ධන දීමනා වෙනුවෙන් අමතරව රුපියල් ලක්ෂ දෙකක පමණ මුදලක් හිමිවෙනු ඇත.
නව මිල ගණන් අනුව ගළපා ඉන්ධන දීමනාව ලබා දුන් පසු මන්ත්‍රීවරුන් පිරිසක් මෙසේ හිඟ ඉන්ධන දීමනාවද කතානායකවරයාගෙන් මෙලෙස ඉල්ලා ඇතැයි දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd