
සුජිත් හේවාජුලිගේ
ගෙවල් කුලී, ජල සහ විදුලි බිල්පත් ගෙවීම පැහැර හැර සිටින මැති ඇමැතිවරුන්ගේ ඒ හිඟ මුදල් අය කරගැනීම සඳහා මැදිහත් වී කටයුතු කරන්නැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර ඇත.
ජල සහ විදුලි බිල්පත්, ගෙවල් කුලී ගෙවීම පැහැර හැර සිටින මැති ඇමැතිවරුන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කමිටු මාර්ගයෙන් සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසද එම ලිපියෙන් වැඩිදුරටත් දැනුම් දී ඇත. මේ අනුව පාර්ලිමේන්තුවේ අදාළ අංශ මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාත්මක වනු ඇත.
ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන අන්දමට ජල බිල්පත් ගෙවීම පැහැර හැර සිටින මැති ඇමැතිවරුන්ගේ සංඛ්‍යාව 60කට ආසන්නය. මණ්ඩලය එම මැති ඇමැතිවරුන්ගෙන් අය කරගැනීමට ඇති මුදල රුපියල් කෝටියකට අධිකය.
මේ අතර මැති ඇමැතිවරුන් දස දෙනෙකු පාවිච්චි කළ නිවාස වෙනුවෙන් කුලී මුදල් ගෙවීමද පැහැර හැර ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ආරංචිමාර්ගවලින් පැවසෙයි.
මේ ගෙවල් කුලී ගෙවීම් කරනු ලැබිය යුතු වන්නේ එම ඇමැතිවරුන් අයත් අදාළ අමාත්‍යාංශ විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd